මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් වහාම සුඩානයෙන් සහ ටියුනීසියාවෙන් පිටවන්නැයි ඇමෙරිකා රජය එම රටවල තානාපති කාර්යාලවල ‘අත්‍යවශ්‍ය නොවන’ සේවාවල නිරත රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන්ට දැනුම්දී ඇතැයි වාර්තා වේ. ඉකුත් සිකුරාදා ටියුනීසියාවේ සහ සුඩානයේ ඇමෙරිකා තානාපති කාර්යාලවලට ඇමෙරිකා විරෝධී විරෝධතාකරුවෝ පහර දුන්හ. එහි සිටි නිලධාරීන්ට කිසිදු හානියක් සිදු නොවුණ ද ඉදිරියේදී ඇතිවිය හැකි නොසන්සුන්කාරී සිදුවීම් හේතුවෙන් තමන් මේ පියවර ගත් බව ඇමෙරිකා රජය කියයි. එදිනම සුඩානයේ පිහිටි බි‍්‍රතාන්‍ය සහ ජර්මානු තානාපති කාර්යාලවලට ද විරෝධතාකරුවෝ පහර දුන්හ. එම පිරිස් විසුරුවා හැරීමට ආරක්ෂා අංශ එල්ල කළ වෙඩි ප‍්‍රහාරවලින් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඇමෙරිකානුවකු නිෂ්පාදනය කළ ඉස්ලාම් ආගමට නිගරු වන ආකාරයේ චිත‍්‍රපටයක් මේ විරෝධතාවලට හේතුවී ඇත. ලිබියාවේ ඇමෙරිකා තානාපති කාර්යාලයට පහරදීමෙන් ඇරඹුණු විරෝධතා අනතුරුව එම කලාපයේ පිහිටි අනෙකුත් රටවලට ද මේ වන විට පැතිර ගොස් ඇත.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd