තලේබාන් සටන්කාමීන් වයඹදිග පාකිස්තානයේ පෙෂවෝර් නුවර බලශක්ති බලාගාරයකට කඩා වැදී ඊයේ (2) අලූයම එල්ල කළ ප‍්‍රහාරයකින් හත් දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර බලාගාරයේ කටයුතු මුළුමනින්ම අඩපණ විය.
මියගිය හත් දෙනා අතර බලාගාර සේවකයන්, ඉන්ජිනේරුවන් මෙන්ම ආරක්ෂාවට සිටි හමුදා සහ පොලිස් නිලධාරීන් ද සිටින බව මාධ්‍ය වාර්තා කරයි. ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ ඊයේ අලූයම 2 ට පමණය. බලාගාරයේ සිටි නිලධාරීන් සිව් දෙනකු පැහැර ගෙන යෑමට ද සටන්කාමීන් පියවර ගෙන ඇත.
පැහැර ගෙන ගොස් ඇත්තේ කාර්මික ශිල්පීන් දෙදෙනකු සහ ඉන්ජිනේරුවන් දෙදෙනෙකි.
ඔවුන් සෙවීමේ මෙහෙයුම් පොලිසිය සහ හමුදාව මැදිහත් වීමෙන් ආරම්භ වී ඇති නමුත් සටන්කාමීන් ඔවුන් මරා දමනු ඇතැයි පාකිස්තාන ආරක්ෂක අංශ බිය පළ කරයි.
බලාගාරය පිහිටා ඇත්තේ ඇෆ්ගන් දේශසීමාවට යාබදවය. ලබන මස 11 වැනිදා පාකිස්තාන මහ මැතිවරණය පැවැත්වීමට නියමිත අතර
තලේබාන් සහ අල් කයිඩා සටන්කාමීන් අනතුරු අඟවා ඇත්තේ
එම මහ මැතිවරණයට බාධා කරන බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැදගත් ආරංචියක්. (නි)