පාකිස්තාන තලේබාන් සටන්කාමීන් සමඟ සාම සාකච්ඡා පවත්වා පවතින අර්බුදයට දේශපාලනික විසඳුමක් සෙවීමට පාකිස්තාන රජය සූදානම් යැයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රෙහ්මන් මලික් ඊයේ (5) නිවේදනය කළේය.
”තලේබාන් නායකයන් සමඟ සාම සාකච්ඡා පවත්වමින් පවතින අර්බුදයට දේශපාලන විසඳුමක් සෙවීමේ අවශ්‍යතාව පාකිස්තාන රජයට පමණක් නොවේ තලේබාන් සංවිධානයටත් වැටෙහෙනවා. ඒ නිසා රජය තීරණය කළා සාම කතා අරඹන්න” යැයි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රෙම්හන් මලික් අවධාරණය කරයි.
ඇමෙරිකාව සමඟ පවත්වන ඇයිහොඳයිකම් නවත්වන්නේ නම්, සාම සාකච්ඡාවලට සූදානම් යැයි පාකිස්තාන තලේබාන් සංවිධානයේ නායක හකිමුල්ලා මෙසූඞ් ප‍්‍රමුඛ සෙසු තාලේබාන් නායකයෝ මීට පෙර අවස්ථා කිහිපයක දී කැමැත්ත පළ කර සිටියහ.
කෙසේ නමුත් ඇමෙරිකාව සමඟ ඇයිහොඳයිකම් නවත්වන්නේ ද නැද්ද යන්න ගැන මෙතෙක් පාකිස්තාන රජය පවසා නැත.
වසර 10 කට වැඩි කාලයක් පවතින ගැටුම් නවත්වා පවතින අර්බුදයට දේශපාලනික විසඳුමක් සෙවීමට තමන් සූදානම් බව තලේබාන් නායකයා එම හඬ පටය ඔස්සේ අවධාරණය කර ඇත.
ඇෆ්ගන් රජය සහ එරට කි‍්‍රයාත්මක තලේබාන් සටන්කාමීන් අතර මේ වනවිට ඇරැුඹී ඇති සාම සාකච්ඡා සාර්ථක කර ඇති අතර ඊට පාකිස්තාන රජයේත් හමුදාවේත් සහාය නොඅඩුව ලැබේ.
2014 වසරේදී ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගන් සංග‍්‍රාමය අවසන් කර ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමට නියමිතය.
විදෙස් හමුදා එසේ පිටවී යන්නේ ඇෆ්ගනිස්තානයේ ආරක්ෂක කටයුතු සඳහා ඇෆ්ගන් ආරක්ෂක අංශ ශක්තිමත් කිරීමෙන් පසුවය. ඇෆ්ගන් ආරක්ෂක අංශ පුහුණු කිරීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතී.
2014 වෙද්දී පාකිස්තාන තලේබාන් සටන්කාමීන් සමඟ ද සාම සාකච්ඡා ආරම්භ කර, දේශපාලන විසදුමක් සෙවීමට පාකිස්තාන රජය බලාපොරොත්තු වන බව ද රෙම්හන් මලික් වැඩි දුරටත් කියා සිටී.
![]() |
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
සටන්කාමීන් සමඟ සාම කතා අරඹන්න පාකිස්තානය සූදානම්
චම්මි Wednesday, 06 February 2013 02:33 PM
ඒක හොද වැඩක් (දී)