IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සටන් විරාමය පුස්සක් වෙයි

කැරලිකරුවන් ග‍්‍රහණයේ පවතින ප‍්‍රදේශ ඉලක්ක කර සිරියා හමුදා ගුවන් ප‍්‍රහාර වලින් සිය දෙනකු මරුමුවට පත්වී නිවාස රැසක් වැනසී ඇත. මාස 19 ක  පුරා ජනපති බෂීර් අල් අසාඩ් ගේ  හමුදා හා සිරියා කැරලිකරුවන් අතර ඇතිවන ගැටුම් අතරතුරදී එල්ල වූ භීෂණකාරීම ගුවන් ප‍්‍රහාර මාලාව මෙය යි. ගුවන් ප‍්‍රහාර එල්ල වන්නේ ඇලෙප්පෝ හා ඉබ්ලිබ් ප‍්‍රාන්ත වලට හා ඩැමස්කස් අගනුවර ඇතැම් ප‍්‍රදේශවලටය. සිරියා හමුදාව දැන් දැන් ගුවන් ප‍්‍රහාර මත විශ්වාසය තබා කටයුතු කරන සෙයක් පෙනෙන බව එරට සිටින මානව හිමිකම් ක‍්‍රියාකාරීහු පවසති.කැරලිකරුවන් සමග මුහුණට මුහුණලා කරන ගැටුම් වලට වඩා ගුවන් ප‍්‍රහාර එල්ල කිරීම ඵලදායක බව සිරියා හමුදාවන්ගේ අවධානයට ලක්ව ඇතැයි ඔවුහු කියති. එක්සත් ජාතීන්ගේ විශේෂ සාම දුතයා වන ලක්ඩාර් බ‍්‍රහීම් දෙපාර්ශවයෙන්ම කළ ඉල්ලීමක් අනුව ඇතිකරගත් දින හතරක සටන් විරාමය අවසන වූයේ ඊයේ (29) දිනදීය.නමුත් එකග වූ පරිදි දෙපාර්ශවය අතර පැවැතුණු සටන් විරාමයක් නැත.ගතවූ දින හතරේදි දෙපාර්ශවය අතර ඇතිවූ ගැටුම් වලින් පමණක් මිය ගිය සංඛ්‍යාව 500 ඉක්මවන බව සිරියාවේ ක‍්‍රියාත්මක මානව හිමිකම් සුරැකීමේ සංවිධාන කියයි. (කො.වි)



අදහස් (0)

සටන් විරාමය පුස්සක් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site