ඉන්දියාවේ මුම්බායි නුවරට 1993 වසරේ එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් සමඟ සබඳකම් පැවැත් වූ බවටත්, ආයුධ ළඟ තබා ගත් බවටත් එල්ල වූ චෝදනාවලට වරදකරු වී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පස් වසරක සිරදඬුවමක් නියම කරනු ලැබ සිටින බොලිවුඞ් නළු සංජේ දත් ඊයේ (28) විශේෂ මාධ්‍ය හමුවක් පැවැත් වූ අතර එහිදී ඔහු මාධ්‍යවේදීන් ඉදිරියේ කඳුළු සැළීය.
සංජේ දත් එම මාධ්‍ය හමුව පැවැත් වූයේ මුම්බායි නුවර පිහිටි ඔහුගේ නිවසේදීය. එම අවස්ථාවට ඔහුගේ සොහොයුරිය මෙන්ම කොංග‍්‍රස් පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියක වන පි‍්‍රයා දත් ද සහභාගී වී සිටියාය. 
1993 වසරේ සිදුවූ එම බෝම්බ පිපිරීම්වලින් 257 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර 700 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
එම බෝම්බ පිපිරීම්වලට 11 දෙනෙක් වරදකරුවෝ වූහ. එම බෝම්බ ප‍්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන යාකොබ් මෙමොන්ට මරණ දඬුවම නියම කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගත්තේය.

සංජේ දත් මධ්‍යවේදීන් ඉදිරියේ කඳුළු සළමින්...