IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සචින් ටෙන්ඩුල්කාර් මන්තී‍්‍ර ධූරයේ දිවුරුම් දෙයි

ඉන්දීය සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩක සචින් ටෙන්ඩුල්කාර් ඉන්දියාවේ ඉහළ මන්ත‍්‍රණ සභාවේ (රාජ්‍ය සභාවේ) මන්තී‍්‍රවරයෙකු ලෙස ඊයේ (04) දිවුරුම් දුන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඒ අනුව දැනටමත් කී‍්‍රඩාවේ නිරතව සිටින ඉන්දීය ක‍්‍රීඩකයෙකු පළමු වරට එරට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු වීමේ ගෞරවය හිමි කර ගත් සචින් එරට රාජ්‍ය සභාවේ සභාපති සමිඞ් අන්සාරි ඉදිරියේ දී සිය ධූරයේ දිවුරුම් දුන්නේය. සචින්ට මන්තී‍්‍ර ධූරය පිරිනැමීමට ඉන්දීය ජනපතිනී ප‍්‍රතිභා පටෙල් තීරණය කළේ ඉකුත් අපේ‍්‍රල් මාසයේදීය. ජනපතිනිය එම තීරණය ගත්තේ එරට අගමැති මන්මෝහන් සිං විසින් සචින්ගේ නම නිර්දේශ කළ අවස්ථාවේදීය. ඉන්දියාවේ ව්‍යවස්ථාවේ 80 වැනි වගන්තිය අනුව ඉන්දීය ජනපතිනියට ඉන්දීය රාජ්‍ය සභාවට මන්තී‍්‍රවරුන් 12 දෙනකු පත් කිරීමට බලය තිබේ. ඒ අනුව සාහිත්‍යය, විද්‍යාව, කලාව, සමාජ සේවය ආදී ක්ෂේත‍්‍ර ගණනක් නියෝජනය කරන ඉන්දියාවේ කීර්තිමත් පුද්ගලයන්ට මන්තී‍්‍ර පදවි පිරිනැමීම සිදුවේ. එය දේශපාලන අරමුණක් මුල් කරගෙන පමණක් සිදු නොවන්නකි. සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩකයකු වන සචින් සඳහන් කළේ තමන් දේශපාලනයට පිවිසීමත් සමඟ කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමු නොගන්නා බවත් කි‍්‍රකට් පිටියේ තවත් වසර කිහිපයක් පෙරැුළි කිරීමට තමන් අපේක්ෂා කරන බවත්ය.සචින් මන්තී‍්‍රධූරයේ දිවුරුම් දුන් අවස්ථාව



අදහස් (0)

සචින් ටෙන්ඩුල්කාර් මන්තී‍්‍ර ධූරයේ දිවුරුම් දෙයි

දයා Tuesday, 05 June 2012 05:18 PM

අපේ අයත් සිහින මවන්න ඇති...

:       0       0

am ila katunayaka Tuesday, 05 June 2012 09:05 PM

බලමු බැට් කරන හැටි. මෙයාත් නටන්න පස්සේ හම්බවෙයි.

:       0       0

තුෂාර Wednesday, 06 June 2012 06:41 AM

ඉහළටම යන්න.නවතින්න එපා.ඔබට ජය!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 76 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 28 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site