ඉන්දීය සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩක සචින් ටෙන්ඩුල්කාර් ඉන්දියාවේ ඉහළ මන්ත‍්‍රණ සභාවේ (රාජ්‍ය සභාවේ) මන්තී‍්‍රවරයෙකු ලෙස ඊයේ (04) දිවුරුම් දුන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඒ අනුව දැනටමත් කී‍්‍රඩාවේ නිරතව සිටින ඉන්දීය ක‍්‍රීඩකයෙකු පළමු වරට එරට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු වීමේ ගෞරවය හිමි කර ගත් සචින් එරට රාජ්‍ය සභාවේ සභාපති සමිඞ් අන්සාරි ඉදිරියේ දී සිය ධූරයේ දිවුරුම් දුන්නේය. සචින්ට මන්තී‍්‍ර ධූරය පිරිනැමීමට ඉන්දීය ජනපතිනී ප‍්‍රතිභා පටෙල් තීරණය කළේ ඉකුත් අපේ‍්‍රල් මාසයේදීය. ජනපතිනිය එම තීරණය ගත්තේ එරට අගමැති මන්මෝහන් සිං විසින් සචින්ගේ නම නිර්දේශ කළ අවස්ථාවේදීය. ඉන්දියාවේ ව්‍යවස්ථාවේ 80 වැනි වගන්තිය අනුව ඉන්දීය ජනපතිනියට ඉන්දීය රාජ්‍ය සභාවට මන්තී‍්‍රවරුන් 12 දෙනකු පත් කිරීමට බලය තිබේ. ඒ අනුව සාහිත්‍යය, විද්‍යාව, කලාව, සමාජ සේවය ආදී ක්ෂේත‍්‍ර ගණනක් නියෝජනය කරන ඉන්දියාවේ කීර්තිමත් පුද්ගලයන්ට මන්තී‍්‍ර පදවි පිරිනැමීම සිදුවේ. එය දේශපාලන අරමුණක් මුල් කරගෙන පමණක් සිදු නොවන්නකි. සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩකයකු වන සචින් සඳහන් කළේ තමන් දේශපාලනයට පිවිසීමත් සමඟ කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමු නොගන්නා බවත් කි‍්‍රකට් පිටියේ තවත් වසර කිහිපයක් පෙරැුළි කිරීමට තමන් අපේක්ෂා කරන බවත්ය.සචින් මන්තී‍්‍රධූරයේ දිවුරුම් දුන් අවස්ථාව