රොබෝ සංගීත කණ්ඩායමක් නිර්මාණය කිරීමට ඉතාලි ජාතික සංගීත අධ්‍යක්ෂකවරයෙක් සමත්ව සිටී.
රොබෝවරුන් ගොඩනැගීම සදහා ඔහු යොදාගෙන ඇත්තේ ලෙගෝ සෙල්ලම් කැට වීම විශේෂත්වයකි.
‘ලෙගෝ සෙල්ලම් කැට එකතු කිරීම කුඩා කාලයේ සිට මගේ විනෝදාංශයක්.දැන් මම වයසයි.ඒවට වෙලා නැහැ. ඒත් මගේ පුතා ඉස්සර මම වගේම ලෙගෝ සෙල්ලම් කැට එකතු කිරීමට දක්වන ආශාව දුටුවහම මට හිතුනා මේ සෙල්ලම් කැට යොදාගෙන අලුත්ම දෙයක් කර බලන්නැයි පවසන්නේ සංගීත අධ්‍යක්ෂක ගුසෙප්පෙ ඇකිටෝය.
රොබෝවරුන්ගේ ‘සංගීත භාණ්ඩ‘ සියල්ලක්ම නිර්මාණය කර ඇත්තේද ඔහු විසිනි.කණ්ඩායමේ කුලූදුල් ගීතය මේ වන විටත් අන්තර්ජාලය වෙත මුදා හැර ඇති අතර ඊට හොද ප්‍රතිචාර ලැඛෙන බව ගුසෙප්පේ කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd