23 හැවිරිදි වෛද්‍ය සිසුවිය කෙළෙසා, පහර දුන් සැකකරුවන් හය දෙනාගෙන් පස් දෙනකු පෙරේදා (7) නවදිල්ලි අධිකරණයට ඉදිරිපත් කර ඔවුන්ට එරෙහි නඩු විභාගය නිල වශයෙන් ආරම්භ කළ අවස්ථාවේදී, ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට කැමැත්ත පළ කළ නීතීඥවරයාට සෙසු නීතීඥවරුන්ගෙන් ගුටිබැට ප‍්‍රහාරයක් එල්ල විය.
වෛද්‍ය සිසුවියට කළ එම කුරිරු අපරාධය හේතුවෙන්, සැකකරුවන් වෙනුවෙන් පෙනී නොසිටීමට නවදිල්ලි නීතීඥ සංගමය තීරණය කර ඇති අතර ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට කැමැත්ත පළ කර ඇත්තේ ලාල් ෂර්මා නමැති නීතීඥවරයාය.
රාම් සිං, ඔහුගේ සොහොයුරු මුකේෂ්, පවන් ගුප්තා, විනේ ෂර්මා සහ අක්ෂේ තකූර් යන සැකකරුවන් අධිකරණයට පෙරේදා ඉදිරිපත් කළ අවස්ථාවේදී නීතීඥවරුන් අතර ගැටුමක් හටගත් බවත් කාන්තා නීතීඥවරියන් පිරිසක් ලාල් ෂර්මා වටකර ඔහුට පහර දුන් බවත් ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
සැකකරුවන් 6 දෙනාගෙන් එක් අයකු බාල වයස්කාර තරුණයකු වන අතර ඔහුට එරෙහිව විශේෂ ක‍්‍රමයකට නඩු විභාගයක් පවත්වන බව නවදිල්ලි පොලිසිය පවසා ඇත. ඒ සඳහා ද කටයුතු සියල්ල සූදානම් කර ඇතැයි නවදිල්ලි පොලිස් නිලධාරීහු වැඩි දුරටත් කියා සිටිති.
මේ අතර සැකකරුවන් එල්ලා මරන්නැයි ඉන්දීය රජයට බල කරමින් ඊයේ (8) ද නවදිල්ලි අගනුවරත්, ඉන්දියාවේ සෙසු ප‍්‍රධාන නගරවලත් විරෝධතා රැලි පැවැත්විණි.
වෛද්‍ය සිසුවිය කෙළෙසමින් ඇයට අමානුෂික ලෙස පහර දුන්නේ නවදිල්ලියේ පදිංචි තරුණයක් පිරිසක් යැයි පොලිසිය පැවැසුවත් ඔවුන් බිහාර් ප‍්‍රාන්තයේ පදිංචිකරුවන් බවත් ඔවුන් නවදිල්ලියට පැමිණ ඇත්තේ රැකියා සොයමින් බවත් ‘මහාරාශ්ට‍්‍ර නව්නිර්මාන සේනා’ පක්ෂයේ නායක රාජ් තැකරේ පවසා ඇත.
”තරුණියට අතවර කළ සහ පහර දුන් සය දෙනා නවදිල්ලි වැසියන් යැයි වැරදි වැටහීමක් පවතිනවා. මාධ්‍යවලින් ඔවුන් හඳුන්වා දී ඇත්තේ නවදිල්ලි දූෂකයන් කියලයි. ඒත් ඔවුන් බිහාරයේ පදිංචිකරුවන්” යැයි තැකරේ ප‍්‍රකාශ කළේ පොලිස් පරීක්ෂණ වාර්තාවක් ද උපුටා දක්වමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමනම් මොකුත් කියන්නේ නැහැ
ඉන්දියාවේ ගැහැණුන්ගෙන් පහරක් කනවා කියන්නේ, ඉදලා වැඩක් නැහැ. (නි)
අයියෝ සල්ලි (දී)
නවදිල්ලියෙන් නෙමෙයි, මොන දිල්ලියෙන් ආවත් කරලා තියෙන්නේ සුනඛ වැඩක් .......... (නි)
මේ අය සල්ලි වලට කොච්චර කෑදරද කියනවා නම් බිම තියෙන කාසියත් දිවෙන් ගනීවි. (නි)
මිනිස්සු ආවේගයෙන් ඉන්නේ (දී)
ඉන්දියාවේ නීතිඥවරුන්ට මාගේ ප්‍රණාමය !! (ස)
දෙන්න ඕන හොඳ හැටි (ස)
අනේ අපේ නීතිඥවරුත් එහෙම කරනාවනම් (ස)
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ.... (නි)
සල්ලි හම්බෙනවනම් මේ මිනිස්සු ඕනෙම දෙයක් කරන්න බෑ කියන්නේ නෑ (ස)
වැඩක් නෑ ඉන්දියාව (ස)
නීතිඥ වෘත්තිය සහ අපරාධ හරියට ආදරයෙන් බැදීසිටින අඹු සැමි යුවලක් වගෙයි. (නි)
අයියෝ සල්ලි