IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින්න ආ නීතීඥයාට ගුටි බැට

23 හැවිරිදි වෛද්‍ය සිසුවිය කෙළෙසා, පහර දුන් සැකකරුවන් හය දෙනාගෙන් පස් දෙනකු පෙරේදා (7) නවදිල්ලි අධිකරණයට ඉදිරිපත් කර ඔවුන්ට එරෙහි නඩු විභාගය නිල වශයෙන් ආරම්භ කළ අවස්ථාවේදී, ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට කැමැත්ත පළ කළ නීතීඥවරයාට සෙසු නීතීඥවරුන්ගෙන් ගුටිබැට ප‍්‍රහාරයක් එල්ල විය.
වෛද්‍ය සිසුවියට කළ එම කුරිරු අපරාධය හේතුවෙන්, සැකකරුවන් වෙනුවෙන් පෙනී නොසිටීමට නවදිල්ලි නීතීඥ සංගමය තීරණය කර ඇති අතර ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට කැමැත්ත පළ කර ඇත්තේ  ලාල් ෂර්මා නමැති නීතීඥවරයාය.
රාම් සිං, ඔහුගේ සොහොයුරු මුකේෂ්, පවන් ගුප්තා, විනේ ෂර්මා සහ අක්ෂේ තකූර් යන සැකකරුවන් අධිකරණයට පෙරේදා ඉදිරිපත් කළ අවස්ථාවේදී නීතීඥවරුන් අතර ගැටුමක් හටගත් බවත් කාන්තා නීතීඥවරියන් පිරිසක් ලාල් ෂර්මා වටකර ඔහුට පහර දුන් බවත් ඉන්දීය පුවත් සේවා  වාර්තා කරයි.
සැකකරුවන් 6 දෙනාගෙන් එක් අයකු බාල වයස්කාර තරුණයකු වන අතර ඔහුට එරෙහිව විශේෂ ක‍්‍රමයකට නඩු විභාගයක් පවත්වන බව නවදිල්ලි පොලිසිය පවසා ඇත. ඒ සඳහා ද කටයුතු සියල්ල සූදානම් කර ඇතැයි නවදිල්ලි පොලිස් නිලධාරීහු වැඩි දුරටත් කියා සිටිති.
මේ අතර සැකකරුවන් එල්ලා මරන්නැයි ඉන්දීය රජයට බල කරමින් ඊයේ (8) ද නවදිල්ලි අගනුවරත්, ඉන්දියාවේ සෙසු ප‍්‍රධාන නගරවලත් විරෝධතා රැලි පැවැත්විණි.
වෛද්‍ය සිසුවිය කෙළෙසමින් ඇයට අමානුෂික ලෙස පහර දුන්නේ නවදිල්ලියේ පදිංචි තරුණයක් පිරිසක් යැයි පොලිසිය පැවැසුවත් ඔවුන් බිහාර් ප‍්‍රාන්තයේ පදිංචිකරුවන් බවත් ඔවුන් නවදිල්ලියට පැමිණ ඇත්තේ රැකියා සොයමින් බවත් ‘මහාරාශ්ට‍්‍ර නව්නිර්මාන සේනා’ පක්ෂයේ නායක රාජ් තැකරේ පවසා ඇත.
”තරුණියට අතවර කළ සහ පහර දුන් සය දෙනා නවදිල්ලි වැසියන් යැයි වැරදි වැටහීමක් පවතිනවා. මාධ්‍යවලින් ඔවුන් හඳුන්වා දී ඇත්තේ නවදිල්ලි දූෂකයන් කියලයි. ඒත් ඔවුන් බිහාරයේ පදිංචිකරුවන්” යැයි තැකරේ ප‍්‍රකාශ කළේ පොලිස් පරීක්ෂණ වාර්තාවක් ද උපුටා දක්වමිනි.



අදහස් (0)

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින්න ආ නීතීඥයාට ගුටි බැට

දුමින්ද Wednesday, 09 January 2013 04:19 PM

මමනම් මොකුත් කියන්නේ නැහැ

:       0       0

රොෂාන් Wednesday, 09 January 2013 07:24 PM

ඉන්දියාවේ ගැහැණුන්ගෙන් පහරක් කනවා කියන්නේ, ඉදලා වැඩක් නැහැ. (නි)

:       0       0

එදිරිසිංහ Thursday, 10 January 2013 11:17 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

නුවන් Wednesday, 09 January 2013 07:45 PM

නවදිල්ලියෙන් නෙමෙයි, මොන දිල්ලියෙන් ආවත් කරලා තියෙන්නේ සුනඛ වැඩක් .......... (නි)

:       0       0

අමිල Wednesday, 09 January 2013 01:08 PM

මේ අය සල්ලි වලට කොච්චර කෑදරද කියනවා නම් බිම තියෙන කාසියත් දිවෙන් ගනීවි. (නි)

:       0       0

ලාල් Thursday, 10 January 2013 07:34 PM

මිනිස්සු ආවේගයෙන් ඉන්නේ (දී)

:       0       0

ලලිත් Thursday, 10 January 2013 12:51 PM

ඉන්දියාවේ නීතිඥවරුන්ට මාගේ ප්‍රණාමය !! (ස)

:       0       0

බන්දුල Wednesday, 09 January 2013 09:35 PM

දෙන්න ඕන හොඳ හැටි (ස)

:       0       0

සඳුනි Thursday, 10 January 2013 08:59 PM

අනේ අපේ නීතිඥවරුත් එහෙම කරනාවනම් (ස)

:       0       0

සම්පත් Thursday, 10 January 2013 01:52 PM

ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ.... (නි)

:       0       0

චමලී Friday, 11 January 2013 09:11 AM

සල්ලි හම්බෙනවනම් මේ මිනිස්සු ඕනෙම දෙයක් කරන්න බෑ කියන්නේ නෑ (ස)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 10 January 2013 09:42 AM

වැඩක් නෑ ඉන්දියාව (ස)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Thursday, 10 January 2013 10:00 AM

නීතිඥ වෘත්තිය සහ අපරාධ හරියට ආදරයෙන් බැදීසිටින අඹු සැමි යුවලක් වගෙයි. (නි)

:       0       0

කමල් Wednesday, 09 January 2013 06:40 PM

අයියෝ සල්ලි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1722 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 513 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site