දීර්ඝ කාලයක් තිස්සේ රෝගාතුරව සිට පෙරේදා (17) අභාවප‍්‍රාප්ත වූ ඉන්දියාවේ දැඩිමතධාරී හින්දු ජාතිකවාදී ශිව් සේනා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක 86 හැවිරිදි බාල් තැකරේගේ අවසන් කටයුතු දහස් ගණනක් පක්ෂ ආධාරකරුවන්ගේ සෝ සුසුම් මැද මුම්බායි නුවරදී ඊයේ (18) පැවැත්විණි.
හින්දු ජාතිකයන්ගේ අයිතීන් වෙනුවෙන් හඬක් නැගූ මුස්ලිම් විරෝධියකු ලෙස තැකරේ ප‍්‍රකටය.
තැකරේ රෝහල් ගත කෙරුණේ ඉකුත් බ‍්‍රහස්පතින්දාය. ඔහුගේ තත්ත්වය අසාධ්‍ය යැයි මුම්බායි නුවර වෛද්‍යවරු පැවැසූ අවස්ථාවේ ශිව් සේනා පක්ෂයේ ආධාරකරුවෝ දහස් ගණනින් ඔහුගේ නිවස ඉදිරියට රැස්වී තැකරේට ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරන්න වූහ.
එම පිරිස පාලනය කිරීමට විශේෂ පොලිස් බලඇණි කිහිපයක් යෙදවීමට මුම්බායි නුවර බලධාරීන්ට සිදුවිය. ඒ, ශිව්සේනා පාක්ෂිකයෝ කලහකාරීව හැසිරේවි යැයි බියක් හට ගැනීමත් සමඟය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළග ආත්මයේදීත් මෙවැනි ධීර සෙබළෙක් වෙන්නට ලැබේවා! (නි)
නිවන් ලැබේවා
සතුටුයි. (ස)
ඔහුට අපායේ ප්‍රධාන දොරටුව විවර වේවි (ස)