මියන්මාර විපක්ෂ නායිකාව මෙන්ම එරට ප‍්‍රජාතන්ත‍්‍ර නායිකාව ද වන අවුන් සාන් සූ කී ඊයේ (13) යුරෝපය බලා පිටත්ව ගියාය.
සූ කී යැංගොන් ගුවන් තොටුපොළින් පිටත්ව යනු දැක ගැනීමට ඇගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලීගයේ ආධාරකරුවෝ දහසකට වැඩි පිරිසක් මියන්මාරයේ යැංගොන් ගුවන්තොටුපොළට පැමිණ සිටියහ.
එම සංචාරය, ඇයට පෞද්ගලික වශයෙන් ද අතිශය වැදගත් වේ. ඇය බි‍්‍රතාන්‍යයට යන්නේ වසර ගණනාවකින් නුදුටු ඇගේ පුතුන් හා මෙතෙක් කිසිදාක දැක නැති ඇගේ මුණුබුරු මිනිබිරිටන් ද බලන්නටය.
යුරෝපා සංචාරය ආරම්භ කරමින් සූ කී පළමුවෙන්ම යන්නේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරටය. අද (14) ඇය ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සමුළුවට සහභාගී වීමටත් එහිදී දේශනයක් පැවැත්වීමටත් නියමිතය.
හෙට (15) දිනයේදී ඇය නෝර්වේ රාජ්‍යය බලා යෑමට නියමිතව සිටින්නීය. හෙට ඇය නෝර්වේ අගමැතිවරයා හමුවීමට ද නියමිතය.
මෙම නෝර්වේ සංචාරය ද සූ කීට ඉතා වැදගත් වේ. ඇය එම නෝර්වේ ගමන යෑමට නියමිතව තිබුණේ 1991 වසරේදීය. මියන්මාරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමෙහිලා සාමකාමී අරගලයක යෙදීම නිමිත්තෙන් සූ කී 1991 දී නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබුවාය. නිවාස අඩස්සියේ සිටි නිසා එම සම්මාන ප‍්‍රදාන උළෙලට සහභාගි වීමට මියන්මාර් පාලනයෙන් ඇයට අවසර ලැබුණේ නැත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සූ කී යුරෝපා සංචාරය අරඹයි
ප්‍රදීප් Sunday, 17 June 2012 07:51 PM
ඇය උසස් කාන්තාවක්.මගේ හදපිරි සුභ පැතුම්!
ලක්දිනු Sunday, 17 June 2012 10:24 PM
මියන්මාරයේ අවසානය... සුකී කියන්නේ බුරුමයේ රනිල්
අස්මිරි - දෙහිවල Thursday, 14 June 2012 03:15 PM
මගෙන් සුභපැතුම්.. නිවාස අඩස්සියෙ තියල එයාගෙ ඉදිරිගමන නවත්තන්න බැරි උනා...
බුද්ධික Thursday, 14 June 2012 04:14 PM
හොඳ ආරම්භයක්..
බුද්ධික Thursday, 14 June 2012 04:35 PM
ෂා............නියම ටුවර් එක..ගොඩක් කාලෙකින්.