IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සූ කී පාර්ලිමේන්තුව වර්ජනය කරයි

මියන්මාර පාර්ලිමේන්තුව ඊයේ (23) රැස්වූ අතර පසුගියදා පැවැති අතුරු මැතිවරණයෙන් ජය ගත් එරට විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී සහ ඇගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ මන්තී‍්‍රවරු එය වර්ජනය කළහ. සූ කී සහ ඇගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ මන්තී‍්‍රවරු පවසා ඇත්තේ හමුදා පාලකයන්ගේ රූකඩයක් වූ මියන්මාර සිවිල් රජය යටතේ කටයුතු කිරීමට තමන් කිසිසේත් සූදානම් නැති බවය. වසර 20 කට ආසන්න කාලයක් නිවාස අඩස්සියේ සිට නිදහස ලැබීමෙන් පසු සූ කී සහ මියන්මාර සිවිල් රජය අතරේ ගැටුමක් ආරම්භ වූ ප‍්‍රථම අවස්ථාව මෙයයි. මියන්මාරයේ හමුදා පාලනය අවසන් වූයේ 2010 වසරේ පැවැත්වුණු මහ මැතිවරණයෙන් පසුවය. එම මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළේ ද හමුදා පාලකයන්ට හිතවාදී දේශපාලන පක්ෂය. කෙසේ නමුත් එම පක්ෂ එක්වී පිහිටුවූ සිවිල් රජය නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ ද හඳුන්වා දුන් අතර ඒවා විදේසවල ප‍්‍රශංසාවට ද ලක් විය. අවුන් සාන් සූ කී ඉදිරිපත් වී ජයග‍්‍රහණය කළ අතුරු මැතිවරණය පැවැත්වුණේ ද එම දේශපාලන ප‍්‍රතිසංස්කරණ යටතේය.



අදහස් (0)

සූ කී පාර්ලිමේන්තුව වර්ජනය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 171 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site