IMG-LOGO

2025 අගෝස්තු මස 29 වන සිකුරාදා


‘ෂෙංෂූ 8’ ගගන යානය චීන අභ්‍යවකාශ නැවැතුම්පොළට යයි

චීනයේ ප‍්‍රථම අභ්‍යවකාශ නැවැතුම්පොළ වන ‘ටියැංගොන් 1’ මොඩියුලය සමඟ සම්බන්ධ වීමට ‘ෂෙංෂූ 8’ නමැති නියමුවන් රහිත ගගන යානය අභ්‍යවකාශයට යැවීමට චීන විද්‍යාඥයෝ පෙරේදා (31) සමත් වූහ.එම ගගන යානය, උඩුගුවනට යැවුණේ චීනයේ කාන්තාරබද ප‍්‍රදේශයක් වන ජිකුවාන්හි පිහිටි චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනුයි. උඩු ගුවනට ගිය පසු ‘ෂෙංෂූ 8’ ඉතා සාර්ථකව ‘ටියැංගොන් 1’ සමඟ සම්බන්ධ වූ බව ද වාර්තා වේ.චීන අභ්‍යවකාශ නැවැතුම්පොළේ ‘මුල්ගල’ ලෙස සැලකෙන්නේ ‘ටියැංගොන් 1’ මොඩියුලයයි. චීනය විද්‍යාඥයන් එය කිලෝ මීටර් 340 ක් ඉහළ පෘථිවි කක්ෂයේ රැඳෙව්වේ මීට මාස කිහිපයකට පෙරය.‘ටියැංගොන් 1’ මොඩියුලය, ගගනගාමීන්ගේ නැවැතුම්පොළක් ලෙස ඉදිවන්නේ එක් එක් කොටස ඊට සම්බන්ධ වෙමිනි. ‘ෂෙංෂූ 8’ අභ්‍යවකාශ යානය එහි පළමු කොටසය.‘ෂෙංෂූ 9’ සහ ‘ෂෙංෂූ 10’ යන යානාද ඉදිරි වසර දෙකේදී ටියැංගොන් 1 සමඟ සම්බන්ධ වීමට නියමිතය. වසර 2020  වෙනකල් සෙමින් සෙමින් අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදිවනු ඇත.‘ටියැංගොන් 1’ මොඩියුලය මෙන්ම ‘ෂෙංෂූ 8’ අභ්‍යවකාශ යානාය ද උඩුගුවනට ගෙන ගියේ චීනයේ නිෂ්පාදිත ‘ලෝන්ග් මාර්ච් 2 එෆ්.ටී.1’ රොකට්ටුවය.



අදහස් (0)

‘ෂෙංෂූ 8’ ගගන යානය චීන අභ්‍යවකාශ නැවැතුම්පොළට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14756 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 447 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 260 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site