
බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් එලැඹෙන අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ඒ, අගෝස්තු 2 වන දින නිල වශයෙන් විවෘත කිරීමට නියමිත City of Dreams Sri Lanka ව්‍යාපෘතියෙහි සමාරම්භක උත්සවයට සහභාගී වීම සඳහාය.
ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සහ මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් හි සුවිශේෂී ව්‍යාපෘතියක් වන මෙය සියලු පහසුකම්වලින් සමන්විත දකුණු ආසියාවේ පළමු පූර්ණ ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය මෙන්ම පෞද්ගලික අංශය විසින් සිදු කරනු ලබන විශාලතම ආයෝජනය වෙයි.
ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු සියලු පහසුකම්වලින් සමන්විත කැසිනෝ ශාලාවක්, අධි සුඛෝපභෝගී Nüwa හෝටල් සංකීර්ණයක් සහ සුපිරි සාප්පු සංකීර්ණයකින් සමන්විත මෙම ව්‍යාපෘතිය, දකුණු ආසියානු සංචාරක සහ සුඛෝපභෝගී හෝටල් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂාරුක් ඛාන් යනවා...!
ඔහු වැනි ධනවත් සුප්‍රසිද්ධ පුද්ගලයින් අපේ රටට ඇවිත් ආයෝජනය කරන්නෝ නම්, තවත් ආයෝජකයින් මෙහි ගෙන්වා ගැනීමට ලොකු රුකුලක් වෙනවා
ඉතින් අපිට මොකද? ඔක්කෝම ඉන්දියන් කාරයෝ එන්නේ තමන්ගේ රටට වාසි ගන්ඩ