නවදිල්ලි අගනුවර පෙරේදා (22) පැවැති අන්තර් ජාතික නීති සමුළුව ඇමැතීමට ඉන්දීය අගමැති මන්මෝහන් සිං සූදානම් වූ අවස්ථාවේදී සමුළුවට සහභාගී වූ ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරයකුගෙන් ඔහුට බාධා එල්ල විය. නීතිඥවරයා මේසය මතට ගොඩ වී සිය කමිසය ගලවා අගමැති සිංට බැණ වදින්නට වූයේ අගමැතිවරයා හඳුන්වා දීමට සූදානම් වන නව ආර්ථික ප‍්‍රතිසංස්කරණවලට එරෙහිවය. ආරක්ෂක නිලධාරීන් වහා ඔහු වෙත කඩා පැන ඔහු ශාලාවෙන් පිටතට ගෙන ගොස් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කළ බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. කලහකාරී ලෙස හැසිරුණු එම නීතීඥයා ශාලාවෙන් පිටතට ගෙන යෑමෙන් පසු අගමැති සිං සිය දේශනය පැවැත් වූ අතර දේශනයට පාදක වූයේ ද ඔහු හඳුන්වා දීමට සැරසෙන නව ආර්ථික ප‍්‍රතිසංස්කරණ පැකේජයයි. ඉකුත් සතියේදී ඉන්දීය ජනපති මන්මෝහන් සිංගේ කොංග‍්‍රස් පක්ෂයේ ප‍්‍රධාන සන්ධාන පක්ෂයක් වන ති‍්‍රණමූල් පක්ෂය මෙම ආර්ථික ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතු වූ ගැටලූකාරී තත්ත්වය මත සන්ධාන රජයෙන් ඉවත්විය. අගමැති මන්මෝහන් සිං ඉදිරිපත් කළ ආර්ථික ප‍්‍රතිපත්තිය ජනතා හිතකාමී එකක් නොවීම සිය තීරණයට පාදක වූ බව ති‍්‍රණමූල් කොංග‍්‍රසයේ පක්ෂ නායිකාව මෙන්ම බටහිර බෙංගාලයේ මහ ඇමැතිනිය ද වන මම්තා බෙනර්ජි සඳහන් කළාය. නව ආර්ථික ප‍්‍රතිසංස්කරණ යටතේ විදෙස් සිල්ලර වෙළෙඳ යෝධයන් ලෙස සැලකෙන වෝල්මාට් සහ ටෙස්කෝ යන වෙළෙඳ සමාගම්වලට ඉන්දියාවේ ආයෝජන සිදු කිරීමට ඉඩ විවර වේ. ති‍්‍රණමූල් පක්ෂය පවසන්නේ ඒ හරහා ඉන්දීය සිල්ලර වෙළෙඳුන්ට ‘මරු පහරක්’ එල්ල වන බවත් එරට ආර්ථිකය අගාධයට ඇද දැමීමට හේතුවක් වන බවත්ය. මේ සම්බන්ධයෙන් විරෝධය පෑ එරට විපක්ෂ කි‍්‍රයාකාරීහු සහ වෘත්තීය සමිති සාමාජිකයෝ ඉකුත් සතියේදී පැය 24ක දැවැන්ත වැඩ වර්ජනයක් ආරම්භ කළහ. කල්කටා, බැංගලෝර් සහ චෙන්නායි යන නගරවල දහස් ගණන් ජනයා මේ වැඩවර්ජනයට එක් වූ අතර එම නගරවල දුම්රිය ඇතුළු ප‍්‍රවාහන කටයුතුවලට බාධා එල්ල විය.
2025 ඔක්තෝබර් මස 08
1800
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1472
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
524
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥයාගෙන් ඉන්දීය අගමැතිගේ දේශනයට බාධා