IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වසර හතළිහකට පසු සිරියාවේ මැතිවරණයක්

වසර 40 කට පසු සිරියාවේ පෙරේදා (7) පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විණි. සිරියා රජය ප‍්‍රකාශ කළේ, ප‍්‍රචණ්ඩ කි‍්‍රයා මැද වුවද එරට වැසියන් යුහුසුළුව ඡන්දය ප‍්‍රකාශ කළ බවය. විරෝධතා හමුවේ බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියා ජනපති බෂීර් අල් අසාද් එම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බවට පොරොන්දුවක් ලබා දෙමිනි. එම තීරණය එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන්ගේ පවා ප‍්‍රශංසාවට ලක් විය. කෙසේ නමුත් සිරියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වහා නැවැත්විය යුතු යැයි මහ ලේකම්වරයා දිගින් දිගටම කියා සිටී. පෙරේදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රෝඩාවක් බවත් එය ජාත්‍යන්තරය නොමඟ යැවීමට සිරියා ජනපති සිදු කළ උප්පරවැට්ටියක් බවත් එරට විපක්ෂ කණ්ඩායම් පවසයි. ආයුධ සන්නද්ධ කැරැලිකරුවන් සමඟ එක්වී රජයේ ආරක්ෂක අංශවලට එරෙහිව මාස 14 ක් තිස්සේ සටන් වදින්නේ එම විපක්ෂ කණ්ඩායම්ය. ආරක්ෂක අංශ සහ කැරැලිකරුවන් අතර ගැටුම්වලින් මේ වනවිට 9000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. සිරියා මැතිවරණ මණ්ඩලයේ ප‍්‍රධානී කලාෆ් අල් අසාවී කියා සිටියේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වාර්තා වුවත් ඒවා මැතිවරණ කටයුතුවලට බාධාවක් සිදු නොවූ බවත් බොහෝ දෙනා ඡන්දය ප‍්‍රකාශ කළ බවත්ය. මැතිවරණය පැවැත්වුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් කොෆී අනන් සහ අරාබි ලීගය එක් වී සිරියාවේ අර්බුදය නිමා කිරීමට සාම වැඩ පිළිවෙළක් හඳුන්වා දී ඇති අවස්ථාවකදීය. එම සාම සැලැස්ම නිසි ලෙස කි‍්‍රයාත්මක වෙනවාදැයි සෙවීමට එක්සත් ජාතීන්ගේ නිරීක්ෂකයෝ 30 දෙනෙක් ද සිරියාවට පැමිණ සිටිති.



අදහස් (0)

වසර හතළිහකට පසු සිරියාවේ මැතිවරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 150 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site