වසර සිය කෝටියකට වඩා පැරණි යැයි සැළැකෙන දිය උල්පතක් සොයා ගැනීමට කැනඩාවේ  විද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටිති.

උල්පතේ ජලය යොදාගෙන සිදුකළ පරීක්ෂණ වලින් මේ බව තහවුරු කර ගැනීමට හැකිවූ බව ඔවුන් කියයි.උල්පත හමුවී ඇත්තේ කැනඩාවේ තඹ පතලක පොළව මට්ටමේ සිට කිලොමිීටර 2.4 ක ගැඹුරක තිබියදීය.පරීක්ෂණ වලට අනුව මෙය මෙතෙක් හමුව ඇති පැරණිම දිය උල්පතද වේ.

උල්පත් ජලයේ පෘථිවියේ ජීවය ඇතිවීමට මුල්වූ සංඝටක පවා තිබෙන බව පර්යේෂණ කටයුතු සිදුකළ විද්‍යාඥ පිරිස පවසයි.තව දුරටත් අධ්‍යනය කිරීමෙන් ජීවය ඇතිවීමට හේතු වූ තවත් කරුණු සොයාගත හැකි වේයැයි ඔවුන් විශ්වාස කරයි.