IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වසර 52 කට පසු ගී‍්‍රසියට මහ වැසි:

මහ වැසි හේතුවෙන් ගංගා පිටාර ගලා ගී‍්‍රසියේ ඇතන්ස් අගනුවර පෙරේදා (23) හදිසියේම ජලයෙන් යට විය. 
හදිසියේ හටගත් එම ජල ගැලීම් හේතුවෙන් එක් කාන්තාවක ජීවිතක්ෂයට පත් වූ අතර දහස් ගණණකට උන්හිටිතැන් අහිමි විය.
මීට පෙර මේ අයුරින් ගී‍්‍රසියට මහ වැසි ඇදහැලූණේ වසර 52 කට පසුව බවය. අවසන් වරට මහ වැසි ඇද හැලූණේ 1961 වසරේ දී යැයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
හදිසියේ ආ ප‍්‍රචණ්ඩ ජල පහරට වාහන රැසක් කොටු වූ අතර මෝටර් රථයක් තුළ කොටුවුණු 27 හැවිරිදි කාන්තාවක, බියට පත් වී හෘදයාබාධයකට ලක් වී මියගියාය. සැඬ පහරට හසුවූ තවත් කාන්තාවක බේරා ගැනීමට ඇය ගසාගෙන යනු දුටු පිරිසක් සමත් වූහ. 

සැඬ පහරට හසුවී මෝටර් රථයේ කොටු වී සිටි කාන්තාව බේරා ගත් අයුරු

 



අදහස් (0)

වසර 52 කට පසු ගී‍්‍රසියට මහ වැසි:

රුමී Monday, 25 February 2013 10:19 AM

කවමත් හොද මිනිස්සු මේ ලෝකයේ සිටිනවා යැයි අසන්නට ලැබීම හරිම සතුටුයි. (නි)

:       0       0

ජීවන් Monday, 25 February 2013 03:10 PM

ඒකත් වහලා තියෙනවා එපා නොකියන්න (දී)

:       0       0

ගාමිණී Tuesday, 26 February 2013 12:44 AM

වැස්ස නම් හොදයි. සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කිරීම තමයි නරක.(නදී)

:       0       0

ඇතීනා Tuesday, 26 February 2013 02:32 AM

මමත් තව පොඩ්ඩෙන් ඉවරයි. වැස්ස තුරල් කරපු නිසා මම වත්තට ගියා විතරයි, කඩා හැලුන වැස්ස මාව වට කර ගත්තා.හොඳ වෙලාවට උඩ තට්ටුවේ අය දැකලා බැහැලා ඇවිත් මාව බේර ගත්තෙ. එදා ලංකාවේ නුදුටු සුනාමිය මගේ මතකය අවදි කළා. ඒ වගේ වහින වේලාවකදී වාහනයක නම් ඉන්නේ මග නතර කරලා පයින් යන එක බුද්ධිමත් කියල හිතුණා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 15 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site