යුරෝපයේ සංචාරයක නිරත මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී වසර 24කට පසු ඊයේ(19) බි‍්‍රතාන්‍යයට පැමිණියාය.
ඈ බි‍්‍රතාන්‍ය බලා පැමිණියේ ඩබ්ලින් නුවරදී සිය 67 වැනි උපන්දිනය සැමරීමෙන් අනතුරුවය. ඒ සඳහා විශේෂ උත්සවයක් ද සංවිධානය කෙරුණු අතර විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගී වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සූකීට මෙවර බි‍්‍රතාන්‍ය සංචාරය පෞද්ගලික වශයෙන් ද අතිශය වැදගත් වේ. ඇය මෙවර බි‍්‍රතාන්‍යයට පැමිණියේ වසර ගණනාවකින් නුදුටු ඇගේ පුතුන් හා මෙතෙක් කිසිදාක දැක නැති ඇගේ මුණුබුරු මිනිබිරියන් ද බලන්නටය.
බි‍්‍රතාන්‍යයට පැමිණි සූකී ලන්ඩන් ආර්ථිකවිද්‍යා පාසලේ ඊයේ පැවැත්වුණු සංවාදයකට ද සහභාගී වූවාය. අනතුරුව සවස්භාගයේදී ඇය අධ්‍යාපන කටයුතු සඳහා වසර ගණනාවක් ගත කළ ඔක්ස්ෆර්ඞ් නගරයේ සිටින සිය පවුලේ සාමාජිකයන් හමුවීමට ගියාය.
සූකී සිය බි‍්‍රතාන්‍ය සංචාරයේ වැදගත් සන්ධිස්ථානයකට පැමිණි අද(19) දිනයේදී තමා දේශපාලන විද්‍යාව, දර්ශනය සහ ආර්ථිකවිද්‍යාව උගත් ඔක්ස්ෆර්ඞ් සරසවියෙන් සිවිල් නීතිය පිළිබඳ ආචාර්ය උපාධියක් පිරිනැමීමට නියමිතය.
මෙවර බි‍්‍රතාන්‍ය සංචාරය ඇයට දේශපාලනික වශයෙන් වැදගත් වනුයේ අනිද්දා(21) බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව ඇමතීමට සූදානමින් සිටින නිසාය.
සූකී මියන්මාරයට යාමට පෙර විසිවසරක් මවක සහ බිරිඳක ලෙස ගත කළේ බි‍්‍රතාන්‍යයේය. 1988 වසරේදී සිය මවගේ අසනීප තත්ත්වය හේතුවෙන් මියන්මාරයට ගිය සූකීට නැවත බි‍්‍රතාන්‍යයට පැමිණීමට වසර 24ක් ගත වනු ඇති බවට ඇය කිසිසේත්ම නොසිතන්නට ඇති බව විදෙස් විශ්ලේෂකයෙකු සඳහන් කළේය.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ සාධාරණ අරමුණු වෙනුවෙන් අරගලයේ නියුතු උදාර කාන්තාවකි.සුභ පැතුම්!
ආදරණීය සුකී, ඔබේ ජීවිතය අපට ආඩම්බරයකි