IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වසර 24කට පසු සූකී බි‍්‍රතාන්‍යයට පැමිණේ

යුරෝපයේ සංචාරයක නිරත මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී වසර 24කට පසු  ඊයේ(19) බි‍්‍රතාන්‍යයට පැමිණියාය. ඈ බි‍්‍රතාන්‍ය බලා පැමිණියේ ඩබ්ලින් නුවරදී සිය 67 වැනි උපන්දිනය සැමරීමෙන් අනතුරුවය. ඒ සඳහා විශේෂ උත්සවයක් ද සංවිධානය කෙරුණු අතර විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගී වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සූකීට මෙවර බි‍්‍රතාන්‍ය සංචාරය පෞද්ගලික වශයෙන් ද අතිශය වැදගත් වේ. ඇය මෙවර බි‍්‍රතාන්‍යයට පැමිණියේ වසර ගණනාවකින් නුදුටු ඇගේ පුතුන් හා මෙතෙක් කිසිදාක දැක නැති ඇගේ මුණුබුරු මිනිබිරියන් ද බලන්නටය. බි‍්‍රතාන්‍යයට පැමිණි සූකී ලන්ඩන් ආර්ථිකවිද්‍යා පාසලේ ඊයේ පැවැත්වුණු සංවාදයකට ද සහභාගී වූවාය. අනතුරුව සවස්භාගයේදී  ඇය  අධ්‍යාපන කටයුතු සඳහා වසර ගණනාවක් ගත කළ  ඔක්ස්ෆර්ඞ් නගරයේ සිටින සිය පවුලේ සාමාජිකයන් හමුවීමට ගියාය. සූකී සිය බි‍්‍රතාන්‍ය සංචාරයේ වැදගත් සන්ධිස්ථානයකට පැමිණි අද(19) දිනයේදී තමා දේශපාලන විද්‍යාව, දර්ශනය සහ ආර්ථිකවිද්‍යාව උගත් ඔක්ස්ෆර්ඞ් සරසවියෙන් සිවිල් නීතිය පිළිබඳ ආචාර්ය උපාධියක් පිරිනැමීමට නියමිතය. මෙවර බි‍්‍රතාන්‍ය සංචාරය ඇයට දේශපාලනික වශයෙන් වැදගත් වනුයේ අනිද්දා(21) බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව ඇමතීමට සූදානමින් සිටින නිසාය. සූකී මියන්මාරයට යාමට පෙර විසිවසරක් මවක සහ බිරිඳක ලෙස ගත කළේ බි‍්‍රතාන්‍යයේය. 1988 වසරේදී සිය මවගේ අසනීප තත්ත්වය හේතුවෙන් මියන්මාරයට ගිය සූකීට නැවත බි‍්‍රතාන්‍යයට පැමිණීමට වසර 24ක් ගත වනු ඇති බවට ඇය කිසිසේත්ම නොසිතන්නට ඇති බව විදෙස් විශ්ලේෂකයෙකු සඳහන් කළේය.



අදහස් (0)

වසර 24කට පසු සූකී බි‍්‍රතාන්‍යයට පැමිණේ

සේනානායක Wednesday, 20 June 2012 10:55 PM

තමන්ගේ සාධාරණ අරමුණු වෙනුවෙන් අරගලයේ නියුතු උදාර කාන්තාවකි.සුභ පැතුම්!

:       0       0

සුභාෂිණි Thursday, 21 June 2012 04:29 AM

ආදරණීය සුකී, ඔබේ ජීවිතය අපට ආඩම්බරයකි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site