IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


වසර 24 කට පසු සූ කී අද විදෙස් සංචාරයක

මියන්මාරයේ ප‍්‍රජාතන්ත‍්‍ර නායිකා අවුන් සාන් සූ කී අද (28)   තායිලන්තයට පැමිණීමට නියමිතය. ඇය මෙසේ විදෙස් සංචාරයකට එක්වන්නේ 24 වසරකට පසුවය. සූ කී තායිලන්තයට පැමිණෙන්නේ නැගෙනහිර ආසියා රටවල ආර්ථික සමුළුවට සහභාගී වීමටය. මියන්මාර ජනපති ත්වෙන් ස්වෙන් ද ඇය සමඟ එම සමුළුවට සහභාගී වීමට නියමිතය. ලබන 30 වැනිදා සිට ජූනි පළමු වැනිදා තෙක් පැවැත්වෙන එම සමුළුවට නැගෙනහිර රටවල රාජ්‍ය නායකයෝ, නියෝජිතයෝ සහ ව්‍යාපාරිකයෝ සහභාගී වෙති. සමුළුව පැවැත් වෙන්නේ තායිලන්තයේ බැංකොක් අගනුවරය. නව දේශපලාන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දී, ඒවා නිසි ලෙස කි‍්‍රයාත්මක කිරීම මගින් ලෝකයේ අවදානය දිනා ගත් මියන්මාරයට, නව වෙළෙඳ ගනුදෙනු ඇති කර ගැනීමට මෙම සමුළුව ඉතා ප‍්‍රයෝජනවත් වේවි යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. මියන්මාර නිදහස් සටනේ වීරයකු වන ජනරාල් අවුන් සාන්ගේ දියණිය වන සූ කී,  විදෙස් ගතව සිට පැමිණ, ප‍්‍රථම වරට දේශපාලන විරෝධතා රැුළියකට සහභාගී වූයේ 1988 වසරේදීය. හමුදා රජයට එරෙහිව හටගත් එම විරෝධතා නිර්දය ලෙස මර්දනය කිරීමට හමුදා රජය කටයුතු කළ අතර 1989 වසරේදී සූ කී නිවාස අඩස්සියට පත් කෙරිණි. රට හැර යන්නැයි හමුදා පාලකයන් ඇයට බලපෑම් කළ ද රටින් පිටවුවහොත් ආපසු පැමිණීමට නොහැකි වනු ඇතැයි දැන සිටි සූ කී මියන්මාරයෙන් පිටවීම ප‍්‍රතික්ෂේප කළාය. 1990 වසරේ පැවැති මහ මැතිවරණයෙන් සූ කීගේ නායකත්වයෙන් යුත් ‘ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලීගය’ විශිෂ්ට ලෙස ජයග‍්‍රහණය කළත්, ඔවුන්ට බලයට ඒමට හමුදා රජය (හමුදා ජුන්ටාව) ඉඩ නොදුන්නේය. ඉන්පසු වසර 20 කට ආසන්න කාලයක්  ඇය මියන්මාරයේ යැංගොන් නුවර පිහිටි ඇගේ නිවසේ සිරකාරියක වූවාය. 1991 වසරේ නොබෙල් සාම ත්‍යාගය පිරිනැමුණු අවස්ථාවේදී එය ලබා ගැනීමට හෝ 1999 වසරේදී බි‍්‍රතාන්‍ය ජාතික සැමියා මයිකල් ඒරීස් මියගිය අවස්ථාවේදී හෝ ඇයට රටින් පිටවීමට අවසර නොලැබුණි. සූ කීට නිදහස ලබා දීමට හමුදා රජය කටයුතු කළේ 2010 වසරේ නොවැම්බර් මාසයේදීය. ඉන්පසු හමුදා රජය මහ මැතිවරණය පැවැත්වීය. මැතිවරණ නීතී රීති හමුදා පාලකයන්ට රිසි පරිදි  සකස් කෙරුණු හෙයින් සූ කීට ඊට ඉදිරිපත් වීමට නොහැකි විය. මැතිවරණයෙන් ජය ලැබුවේ හමුදා පාලකයන්ට හිතවාදී දේශපාලන පක්ෂය. ඔවුන් එක්වී නව සිවිල් රජයක් පිහිටුවීය. ජනපති ධුරයට පත් වූයේ හිටපු හමුදා රජයේ ජනරාල්වරයකු ව සිටි ත්වෙන් ස්වෙන්ය. ඔහු හමුදා ධුරයට විශ‍්‍රාම දී මේ වනවිට එරට ජනපතිවරයා ලෙස කටයුතු කරයි. ජනපති ත්වෙන් ස්වෙන්ගේ රජය හඳුන්වා දුන් නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ යටතේ බෞද්ධ භික්ෂූන් වහන්සේ ද ඇතුළු දේශපාලන සිරකරුවන් දහස් ගණනකට නිදහස හිමිවිය. මියන්මාර සිවිල් රජය  දේශපාලන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාවතකට පිවිසියේ විදෙස් සම්බාධකවලින් මිරිකී  ලොවෙන් හුදෙකලා වූ නිසාය. එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය සහ ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් ආර්ථික, වෙළෙඳ ආදී වශයෙන් මියන්මාරයට සම්බාධක දැම්මේ එරට හමුදා පාලනය හෙළා දකිමින්ය. මියන්මාර නව සිවිල් රජයේ දේශපාලන ප‍්‍රතිසංස්කරණ යටතේ ඉකුත් අපේ‍්‍රල් පළමු වැනිදා මියන්මාරයේ අතුරු මැතිවරණයක් පැවැත්වුණු අතර සූ කීට සහ ඇගේ ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලීගයට ඊට ඉදිරිපත් වීමට අවස්ථාව උදා විය. එම අතුරු මැතිවරණයෙන් සූ කී විශිෂ්ට ජයක් අත්පත් කර ගත් අතර දැන් ඇය මියන්මාර පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරියක ද වෙයි. සූ කී



අදහස් (0)

වසර 24 කට පසු සූ කී අද විදෙස් සංචාරයක

සුභාශිනී Tuesday, 29 May 2012 09:57 AM

පෞද්ගලිකත්වය නොතකා රට ගැන සිතමින් තම ජීවි‍තයේ බොහෝ දේ අහිමිකරගත් රට වෙනුවෙන් කැපවුණ වීර බෞද්ධ කාන්තාව ඔබයි ඔබට ජය!!

:       0       0

රම්යා Tuesday, 29 May 2012 04:36 PM

මියන්මාරයට සුභ අනාගතයක් ලැබේවි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 85 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site