මියන්මාරය තානාපති ධුරය වෙනුවෙන් ඇමෙරිකා ජනපති බැරැුක් ඔබාමා නම් කළ ඩෙරික් මිචෙල්ට එරට සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත. මේ අනුව මියන්මාරයට ඇමෙරිකා තානාපතිවරයකු පත්වන්නේ වසර 22 කට පසුවය. ඩෙරික් මිචෙල් ආසියා පැසිෆික් කලාපීය කටයුතු සම්බන්ධ ඇමෙරිකානු විශේෂ නියෝජිතවරයා ලෙස ද කටයුතු කළ අයෙකි. මියන්මාරයේ හමුදා රජය පැවැති අවධියේදී ඔවුන්ගේ දළදඬු පාලනය හෙළා දකිමින් ඇමෙරිකාව ද මියන්මාරයට සම්බාධක පැනැවූ අතර සෙසු රටවල් මෙන්ම මියන්මාරය සමඟ රාජතාන්ති‍්‍රක සම්බන්ධකම්ද අත් හැරියේය. මියන්මාරයේ හමුදා පාලනය අවසන් වීමෙන් පසු වර්තමානයේ පවතින්නේ සිවිල් රජයකි. එම සිවිල් රජය දේශපාලන ප‍්‍රතිසංස්කරණ රාශියක් හඳුන්වා දී ඇති අතර ඒවා ඇමෙරිකාවේ ද පැසැසුමට ලක් වී ඇත. මියන්මාරය සමඟ යළි රාජතාන්ති‍්‍රක සබඳතා ඇති කර ගැනීමටද ඇමෙරිකා රජය සූදානම් වෙයි.
1
රාජ්ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd