මියන්මාරය තානාපති ධුරය වෙනුවෙන් ඇමෙරිකා ජනපති බැරැුක් ඔබාමා නම් කළ ඩෙරික් මිචෙල්ට එරට සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත. මේ අනුව මියන්මාරයට ඇමෙරිකා තානාපතිවරයකු පත්වන්නේ වසර 22 කට පසුවය. ඩෙරික් මිචෙල් ආසියා පැසිෆික් කලාපීය කටයුතු සම්බන්ධ ඇමෙරිකානු විශේෂ නියෝජිතවරයා ලෙස ද කටයුතු කළ අයෙකි. මියන්මාරයේ හමුදා රජය පැවැති අවධියේදී ඔවුන්ගේ දළදඬු පාලනය හෙළා දකිමින් ඇමෙරිකාව ද මියන්මාරයට සම්බාධක පැනැවූ අතර සෙසු රටවල් මෙන්ම මියන්මාරය සමඟ රාජතාන්ති‍්‍රක සම්බන්ධකම්ද අත් හැරියේය. මියන්මාරයේ හමුදා පාලනය අවසන් වීමෙන් පසු වර්තමානයේ පවතින්නේ සිවිල් රජයකි. එම සිවිල් රජය දේශපාලන ප‍්‍රතිසංස්කරණ රාශියක් හඳුන්වා දී ඇති අතර ඒවා ඇමෙරිකාවේ ද පැසැසුමට ලක් වී ඇත. මියන්මාරය සමඟ යළි රාජතාන්ති‍්‍රක සබඳතා ඇති කර ගැනීමටද ඇමෙරිකා රජය සූදානම් වෙයි.
2025 ඔක්තෝබර් මස 08
1896
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1518
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
531
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වසර 22 කට පසු මියන්මාරයට ඇමෙරිකා තානාපතිවරයෙක්