බි‍්‍රතාන්‍ය හමුදා සමඟ යුද අභ්‍යාසයක් පැවැත්වීමේ අරමුණින් වසර 216 කට පසු, ප‍්‍රංශ හමුදා බළඇණියක් පෙරේදා (9) බි‍්‍රතාන්‍යයේ හැම්ස්ෆයර් වෙරළට පැමිණියේය.
එම ඒකාබද්ධ යුද අභ්‍යාසය පැවැත්වෙන්නේ ප‍්‍රංශ සහ බි‍්‍රතාන්‍ය රජයේ ආරක්ෂක ගිවිසුම් අලූත් කිරීමටය.
ප‍්‍රංශ හමුදා මීට පෙර බි‍්‍රතාන්‍යයට පැමිණියේ 1797 වසරේ දීය. ඒ, මිතුරන් ලෙස නොව සතුරන් ලෙස ෆිෂ්ගාඞ් සටනේ දී බි‍්‍රතාන්‍යය ආක‍්‍රමණය කිරීමටය.
ප‍්‍රංශ හමුදා සෙබළුන් සිය දෙනකු, ප‍්‍රහාරක හෙලිකොප්ටර් 4 ක්, යුද උපකරණ සහිත නාවික යාත‍්‍රා දෙකක් පෙරේදා ආරම්භ වූ යුද අභ්‍යාසයට සහභාගී වූ බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
|
ප‍්‍රංශ හමුදා සෙබළු බි‍්‍රතාන්‍යයට පැමිණි අයුරු. |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd