ඇමෙරිකා ගුවන් හා ගගන (නාස) ආයතනය 2033 වසර වනවිටදී අගහරු මතට මිනිසුන් ගොඩබැස්වීම සිදුකළ හැකි වනු ඇතැයි පවසයි.
නාසා ආයතනයේ ප‍්‍රධානී චාර්ල්ස් බෝල්ඩෙන් සදහන් කරන්නේ දැන් නාසා ආයතනයේ සම්පූර්ණ අවධානය යොමුව ඇත්තේ මේ මෙහෙයුම සාර්ථක කර ගැනීමට බවයි.නාසා ආයතනයේ මේ වැඩසටහකට සම්බන්ධ වී අගහරු මතට ගොඩබැසීමට කැමැති පුද්ගලයන්ගෙන් මේ වන විට අයදුම්පත් දහස් ගණනක් ලැබී ඇති බවත් මේ අය අතුරින් අඟහරු මෙහෙයුමට සම්බන්ධ කරගැනීමට සැළැසුම් කර ඇති පුද්ගලයන් විසි දෙනා ලබන සති කිහිපය ඇතුළත තෝරා ගන්නා බවත් ඔහු කියයි.
ඇමරිකා ජනපති බැරක් ඔබාමාද නාසා ආයතනයේ මේ ව්‍යාපෘතියට එකගතාව පළ කර ඇත.2014 අය වැයෙන් මේ ව්‍යාපෘතියට පවුම් බිලියන 11.5 ක මුදලක්ද වෙන් කිරීමට නියමිතය.
ව්‍යාපෘතියේ ප‍්‍රථම පියවර ලෙස කුඩා ප‍්‍රමාණයේ ග‍්‍රහකයක් පෘථිවිය හා අගහරු අතර කක්ෂයක රැදවෙනු ඇති අතර මේ ග‍්‍රහක කොටස පෘථිවියේ සිට අඟහරු කරා යන ගමනේ නවාතැන්පොළ වනු ඇත.අඟහරු කරා ගගනගාමීන් ගෙන යාමට සැළැසුම් කර ඇත්තේ මේ ග‍්‍රහක කොටස මත සිටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහී සහ චූලා, ඔයාලා ගැන හරිම කණගාටුයි. තවමත් ජාතිවාදය හිතේ තියාගෙන ඉන්නවා (නි)
වීරසිංහ ඔයාලා වගේ අය සිංහ නාද බලු කෙඳිරිලි. ඔයාගේ මිම්මෙන් අනිත් මිනිස්සුන්ව මනින්න එපා. හැමෝම එක වගේ මෝඩයෝ නෙමෙයි. ඇමෙරිකාව ඔයාට කිය කියා ගහන්න ඔයා කව්ද? (නි)
මුරුගන් මාමේ, ඔයා ලංකාවේද ? යුරෝපයට කඩේ යන කෙනෙක්ද?නැත්නම් තවම පරණ පුරුද්දද? මේක මිලියන 10ක් නෙවෙයි ..බිලියන 11.5ක් (නි)
සදරුවන් ඔය පන්සල් යන්නේ බීලාද? මෝඩ කතා කියන්න එපා. අනුන්ට ගරහන්න එපා. (ත)
මුස්ලිම් අය නම් ගෙනියන්න එපා , එහෙත් ඉවරවෙයි. (නි)
අඟහරු ලෝකෙට ගිහින් නොඑන කට්ටියට වෙන රටක් දැනටමත් සුදානම් කරලා ඉවරයි. ඔබාමා පටන් ගන්න යන්නේ දැනුයි. වසර 20 ක් කොහොමටවත් දෙන්න බැහැ, ගහන කයිවාරු වලට.තව වසර 3 ක් දෙන්නම් නාසා ආයතනයට. අවශ්‍ය නම් රුසියාවත් හවුල් කරගන්න.වෙන රටක් ඉස්සර වුනොත් ඔබාමාට යන්න වෙන්නේ අෆ්රිකාවට තමයි (නි)
සදරුවන්, ඇමෙරිකාවට ලොකු ඔලුවේ කැක්කුමක් තියෙන්නේ තලෙයිබාන් සහ අල්කයිඩා සමග. මෙරට කියන්නේ හැමටම මනුස්ස අයිවාසිකම් දෙන්න කියලා. බලන්න ලංකාවේ කෙලින් කෙනෙකුට කතා කරන්න නිදහස නැහැ. මෙහෙ පොලිසියෙ කෙනෙකුට, කාටවත් කවදාවත් අත තියන්න බැහැ. වැරද්දක් කළා නම් නීතියෙන් දඩුවම් දෙන්නේ. මොන ලොක්කා වුණත් වැරැද්ද වැරැද්දමයි. ලංකාවේ ඒ නිතිය නැහැ. නිතිය තියනවා නම් ලංකාව වගේ හොද රටක් ලෝකේ කොහෙවත් නැහැ. (නි)
අද ලංකාදීපය නිසයි කාගේ කාගෙත් ඇස් ඇරිලා තියෙන්නේ. මමත් ප්‍රතිචාර දක්වන්නේ යමක් දන්නා යමක් කරන්න පුළුවන් බය කියන ජාතිය දැකලා නැති අයෙක් නිසා. මට කියන්න තියෙන්නේ මම 1954 සිට ලංකාදීපය කියවන, ඉතාමත් ලැදි පාඨකයෙක් යන්න පමණි. (නි)
උත්සාහය හොඳයි. එත් පවුම් බිලියන 11.5 හොයන්න මිනිස්සු කොච්චර මරයිද?ලෝකේ කොච්චර ප්‍රශ්න වගා කරයිද?.අපේ රටත් ආක්‍රමණය කරලා ඔය පර ගැති අයගෙත් සහෝදර සහෝදරියෝ බිරින්දෑවරු දුෂණය කරලා මරා දාපුවම තමා තේරෙන්නේ. එතකොට ඕන් අඬාගෙන එන්න එපා අපි හොයාගෙන මල වදේ.(නදී)
අගහරු හොයන්න කලින් සෝමාලියාව ඉතියෝපියාව වගේ රටවල දිනෙන් දින මියයන අහිංසකයන් වෙනුවෙන් කන්න ටිකක් දුන්නොත් නරකද? (නි)
අනේ අපේ පාර්ලිමේන්තු වේ සිටින ඔක්කොම ටික යවන්නකෝ .(නදී)
රාජු, මම නැවියෙක් නිසා ඔය ඔක්කොම රටවල් දැකල තියෙනවා. ඇමෙරිකාව ඇතුලේ නිදහස තියෙන බව දන්නවා. අර 13 හැවිරිදි දරුවෙක් අම්මටත් වෙඩිතියල මරල තියෙන්නේ. ඒ තරම් නිදහස. ප්‍රශ්නය ඇමෙරිකාව අනෙක් රටවලයි අපරාධ කරන්නේ. මිනිස්සු මරන්නේ.(නදී)
නිසාර්,බෙලි කපන ෂරියා නීතිය වගේ නෙමෙයි බුද්ධ ධර්මයේ කියන්නේ කුරා කුහුඹුවෙකුටවත් හිංසාවක් කරන්න එපා කියලා. රාජු,ඔයාට ඊලමක් ඕනෑ නම් තමිල්නාඩුවට යන්න. එහෙ වැසිකිලි වලටයි නළලිං වලටයි පෝලිම. (නි)
අන්න නය නොවී උත්සාහයෙන් ජය ගන්න ජාතියක්. මතකද අපිත් රොකට් එකක් ඇරියා. ලෝකෙට නය වෙලා කාගෙවත් සිහින සැබෑකරගන්න. එතකොට මට මතකයි සදරුවන්ලා හු තිබ්බ හැටි. අන්න එකේ නය තව කාලාන්තරයක් අපිට ගෙවන්ට වෙනවා.(නදී)
සදරුවන් පුතේ. පවුම් මිලියන 10 කියන්නේ ඇමරිකන් ආර්ථිකේ මාස දෙක තුනක අදායමක්. මරන්නේ අල්කයිඩා කාරයෝ නිසා ඔයා වද වෙන්න එපා.(නදී)
2012 ඇමරිකාවේ ආදායම ඇමරිකන් ඩොල ට්‍රිලියන් 2.45 කි. http://en.wikipedia.org/wiki/United_States_federal_budget (නි)
සදරුවන් ඇගට නොදනී ආගම පාවිච්චි කරලා පාලකයෝ ආරක්ෂා කරන්න දක්ෂයි නොවැ.අපට කමක් නැහැ රොකට් ඇරියේ පුද්ගලික මුදලින් නම්. නමුත් එහෙම නෙමෙයිනේ... අපේ දරුවොත් එක්ක එපැයි ගෙවන්න. (නි)
අවුරුදු දෙක තුනක බජට් එක වියදම් කරලා හරි මුළු පාර්ලිමේන්තුවම යැවුවා නම් මුළු සිරිලකටම සිරිසැප ලැබෙනවාමයි (නි)
පාල,අපි දන්නවා ඇමෙරිකාවේ ආදායම.ප්‍රශ්නය ඒ සල්ලි හම්බකරන ආකාරයයි. (නි)
අසේල, ඔබ හරි.රුසියාවටත් යම්කිසි යුද බලයක් තිබුනට ඔවුන් ලෝකය පුර ප්‍රශ්න වගාකරගෙන කන්නේ නැහැ.ඔවුන් ළඟ මනුෂ්‍යත්වය තිබෙනවා ඒකයි. (නි)
එදා ඉදලා උත්සාහය මේ ජාතියට තිබුන නිසා තම ලෝකේ අදත් අන්තර්ජාලේ, වෛද්‍ය, යුද, ඉංජිනේරු, නිතිය මෙකි නොකී හැම දෙයක්ම දියුණු උනේ. පමණක් නොව ඔය හු තියන හැමෝමත් ඒවා පාවිච්චි කර කර මුහුදට ආවඩන්නේ.(නදී)
මරන්නේ අල්කයිඩා එකනේ. ඔය අය කාගේ අතින් හෝ මැරෙන්න ඕනනේ. මොකෝ හිටියා කියල කිසිම සුගතියක් තියෙයි කියලද ලෝකෙට. ඇමරිකාව බැරිනම් මුරුසියෙන් හරි ගහනවටයි මන් නම් මනාප.(නදී)
සදරුවන්, ඇමරිකාවෙන් අපට ගහන්නේ ඔයා දැකපු හිනේකද? මොනවද ඔහේ ඔය කියවන්නේ? බීපු මිනිහෙක් වගේ. අනික එහෙන් අපට ගැහුවොත් ඔයා ළගට දුවගෙන එන්න ඔයා අපේ තාත්තද? (නි)
සමහර අය හොඳ කතා කියනවා. තව අය නරක කතා කියනවා. අපි සාමය රකිමු අපේ රටේ. ඇමරිකාව සහ බටහිර රටවල් මුළු තුන්වන ලෝකයටම බලපෑම් කරනවා. දැනට ලෝකයේ යුධ හා ආර්ථික සුපිරිබලවත් ඇමරිකාවයි. ඔවුන්ගේ නැටෝ සංවිදානය මුළු ලෝකයම අල්ලේ නටවනවා. හොදින් හෝ නරකින් ඕනෑම රටක රජයක් ඕනෑම වෙලාවක වෙනස් කරන්න ඔවුන්ට පුළුවන්. (ඇෆ්ගනිස්ටන්, ලිබියා, ඉරක් හෙට දින- සිරියාව , ඉරානය හා උතුරු කොරියාව). රුසියාවට යුද බලයක් තිබුනත් ආර්ථික බලයක් නැහැ. චීනෙට ආර්ථික බලය තිබුනත් න්‍යෂ්ඨික යුද හිස් ඇත්තේ 300 - 500 පමණි. ඇමරිකාවට 8500 තියෙනවා. ඒ වගේම නැටෝ පිල දෙබිඩි ප්‍රතිපත්ති සහිත රටවල් . ඉරානයට න්‍යෂ්ඨික බෝම්බ හදන්න දෙන්නෙම නැහැ. එහෙත් ඊශ්‍රායලයට න්‍යෂ්ඨික යුධ හිස් 180 -300 තියෙනවා. ඔවුන්ට ඕනෑම වෙලාවක මුළු අරාබි ලෝකය ලෝක සිතියමෙන් ඉවත් කරන්න පුළුවන්.මෙම එක න්‍යෂ්ඨික බෝම්බයක් හිරෝෂිමා 1000 ගුණයක් බිහිසුණුයි. හිතාගන්න පුළුවන්නේ ප්‍රතිපල. ඔවුන්ගේ මිස්සිල නට් වර්ක් එක කිලෝ මීටර් 5000 කට වැඩි දුර යවන්න පුළුවන් ඒ කියන්නේ මුළු මැදපෙරදිගම ආවරණය වෙනවා. එහෙත් තව තව න්‍යෂ්ටික බෝම්බ හා මිසයිල ඔවුන් හොර රහසේ හදනවා. දැන් අපි කළයුත්තේ අපි දන්නා දරනුම හා උදව්ව චීනයට ලබා දී ඔවුන් බලවත් කිරීමි. එවිට ඇමෙරිකාව හා බටහිර නිකම්ම් බිම දන ගහයි (නි)
මහි සහ චුලගේ ඉගෙනීම එට්චර තමා. ඉන් එහා කියන්න දෙයක් නැහැ ඒ අයට. (නි)
සදරුවන් , මගේ නම රාජු කියන්නේ ගෙදරට. මම හොද සිංහල කොල්ලෙක්. මම ඉන්නෙත් ඇමෙරිකාවේ. ඔය ගොල්ලෝ හිතාගෙන ඉන්න විදිය වැරදියි. මෙරට මනුස්ස නිදහස තියන රටක්. පුලුවන් නම් මෙහෙට ඇවිල්ල බලනවා නිකන් කට තියන පලියට කතා කරන්නේ නැතිව. (නි)
අපේ කට්ටියකුත් ඇමරිකාවේ නේද ඉන්නේ මේ දවස්වල? (නි)
චුලා,අනුන්ගේ දියුණුවට සැපතට ඉරිසියා කිරීම මිනිස්කමට ගැලපෙන්නේ නැහැ. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ (අත්රිචතා) කියලා. සහජීවනය ගැන අන්තවාදී,මුලධර්මවාදී,ධනවාදී,ත්‍රස්තවාදීන්ගෙන් නැතුව ගහ කොළ සතා සිව්පාවුන් මහා පොලොවටවත් හිංසා කරන්න එපා කියන ධර්මයක් අදහන බෞද්ධ අපෙන් අහගන්න. (නි)
දිසානායක, විද්‍යාවේ දියුණුවට ඇති සල්ලි සෝමාලියාවේ අයට දිය යුතු නැහැ.මොකෝ එහෙ ඕනෑ තරම් දියමන්ති, රත්තරන්,තෙල් තිබෙනවා. ඇතැම් රත්තරන්,දියමන්ති නිධි ලංකාවට වැඩිය ලොකුයි. එහෙත් මිනිස්සු අපි වගේම හොරුන්ට රැවටිලා බලේට පත් කරනවා. ඒකට වෙන රටවල් පලි නැහැ. (නි)
අගහරු තුලට පිවිසෙන කිසිවෙකු නැවත පෘතුවියට නොපැමිණෙන බවට සහතික කරන අතර ,අගහරු තුල ඔක්සිජෙන් වායුව නොමැති හෙයින් , ජීවිත කාලයම ඔක්සිජෙන් ටැංකියක් පිටේ එල්ලගෙන ඉන්න වෙනවා ? අපේ රටෙනුත් දේශ පාලනය කරන සියල්ලම අගහරු බලා ගමන් කරන්න කැමති වෙනවනම් , අපිට නිදහසේ ලංකාවේ ඉන්න පුළුවන් ....? (නදී)
සදරුවන් හරි. මුස්ලිම් අය ගියොත් අගහරු වලත් ජාතිවාදය අවුස්සලා පිස්සු නටයි. පේන්නේ නැද්ද දැන් හලාල්, ෂරිය, වෙනමම පාලනයක් ඉල්ලලා කරන විකාර.(ස)