ඇමෙරිකා ඩ්‍රෝන යානා ප‍්‍රහාරයකින් පාකිස්තාන හමුදා සෙබළුන් 24 දෙනකු මියයෑමේ සිද්ධියෙන් පසු වසා දැමුණු නේටෝ සැපැයුම් මාර්ග යළි විවෘත කිරීම ගැන සලකා බැලීමට පාකිස්තාන රජය සූදානම් යැයි එරට විදේශ ඇමැතිනී හීනා රබානී කාර් පවසයි. ඩ්‍රෝන යානා මිසයිල ප‍්‍රහාරයකින් ඇෆ්ගන්/පාකිස්තාන
දේශසීමාව අසල පිහිටි පාකිස්තාන හමුදා මුරපොළක සෙබළුන් මියගියේ මීට මාස 6 කට පෙරය.
එම අවස්ථාවේදී ඊට විරෝධය පළ කරමින් පාකිස්තාන රජය දැඩි තීරණයක් ගෙන පාකිස්තානය හරහා දේශසීමා ඔස්සේ ඇෆ්ගනිස්තානයේ සිටින ඇමෙරිකා සහ නේටෝ හමුදාවලට අවශ්‍ය භාණ්ඩ ප‍්‍රවාහනය කරන සැපැයුම් මාර්ග වසා දැමුණි. ඊට අමතරව ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාවේ පිහිටි ඇමෙරිකා ගුවන් හමුදා කඳවුරක් ඉවත් කර ගන්නා ලෙස පාකිස්තාන රජය ඇමෙරිකා හමුදාවට දැනුම් දුන්නේය. පාකිස්තාන සෙබළුන් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇමෙරිකා රජය සිය කනගාටුව ප‍්‍රකාශ කර තිබුණ ද පාකිස්තාන රජය ඊට කන් නොදුන්නේය.
එදා සිට ඇමෙරිකාවත් පාකිස්තානයත් අතර හිත් අමනාපකම් වර්ධනය වූ අතර ඊට ප‍්‍රතිචාර දක්වමින් ඇමෙරිකා රජය පාකිස්තාන රජයට ලබා දුන් මුදල් ආධාර ද නවතා දැම්මේය. අවශ්‍ය බඩු බාහිරාදිය නොලැබීම නිසා ඇෆ්ගනිස්තානයේ හමුදා මෙහෙයුම්වල යෙදෙන ඇමෙරිකා සහ නේටෝ හමුදා ඉමහත් දුෂ්කරතාවකට පත්ව සිටින බව වාර්තා වේ. ”ඇමෙරිකාව කළ දේට පාකිස්තාන රජය දැඩි තීරණයක් ගත්තා. සැපැයුම් මාර්ග වසා දමා ඊට ප‍්‍රතිචාර දැක්වූවා. එය තව දුරටත් දිග් ගස්සා ගන්න කරුණක් නොවේ. පාකිස්තාන රජය සූදානමින් සිටිනවා සැපැයුම් මාර්ග යළි විවෘත කර ඇමෙරිකා රජය සමඟ පළුදු වූ සබඳතා ශක්තිමත් කර ගැනීමට” යැයි පාකිස්තාන විදේශ ඇමැතිනී රබානී කාර් පෙන්වා දෙයි. මිතුදම් ශක්තිමත් කර ගැනීමේ අදහසින් ඇෆ්ගනිස්තානයේ සිටින ඇමෙරිකා සහ නේටෝ හමුදා ආඥාපති ජනරාල් ජෝන් ඇලන් සහ පාකිස්තාන හමුදාපති ජනරාල් අෂ්ෆාක් කයානී අතර විශේෂ සාකච්ඡුාවක් පසුගිය සති අන්තයේදී පැවැත්විණි. සැපැයුම් මාර්ග විවෘත කරන්නැයි පාකිස්තාන රජයට කිසිදු ආකාරයක බලපෑමක් එල්ල නොකරන බවත්, සාකච්ඡා මාර්ගයෙන් දෙරට අතර හොඳ හිත වර්ධනය කර ගැනීමට කටයුතු කළ බවත් එම අවස්ථාවේදී ඇමෙරිකා හමුදා ආඥාපති ජනරාල් ජෝන් ඇලන් ප‍්‍රකාශ කළේය.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳ අදහසක්