ඇමෙරිකාවේත් අසල්වැසි අග්නිදිග ආසියානු රටවලත් විරෝධය මැද උතුරු කොරියාව පෙරේදා (12) ඔවුන්ගේ රොකට්ටුව සාර්ථකව උඩුගුවනට යැවීය.
උතුරු කොරියාව එම රොකට්ටුව ගුවන් ගත කරන බව දැනුම් දුන් දා සිටම ඇමෙරිකාව, දකුණු කොරියාව, ජපානය සහ පිලිපීනය උත්සහ කළේ එය කඩාකප්පල් කිරීමටය.
උතුරු කොරියාව පවසන්නේ් ඔවුන් එම රොකට්ටුව යොදා ගනිමින් සාර්ථකව චන්ද්‍රිකාවක් කක්ෂ ගත කිරීමට උත්සහ කළ බවය. එහෙත් ඇමෙරිකාව, දකුණු කොරියාව, ජපානය සහ පිලිපීනය එකහෙළා කියා සිටින්නේ උතුරු කොරියාව තවත් න්‍යෂ්ටික බලැති බැලැස්ටික මිසයිලයක් අත්හදා බැලූ බවය.
විරෝධතා මැද උතුරු කොරියාව එම රොකට්ටුව අත්හදා බැලීම අග්නිදිග ආසියානු කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් බව පිලිපීන රජය ඊයේ (13) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
උතුරු කොරියාවේ හිතුවක්කාර කි‍්‍රයා කලාපය හේතුවෙන් තම මිතුරා වන ඇමෙරිකාව සමඟ එක් වී නාවික යුද අභ්‍යාස මාලාවක් ඉදිරියේදී පැවැත්වීමට ද තමන් සූදානම් බව පිලිපීන රජය නිවේදනය කළේය.
උතුරු කොරියාව කටයුතු කළ ආකාරය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවලී අභිබවා යෑමක් බව ද පිලිපීනය පෙන්වා දෙයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ද උතුරු කොරියාවේ එම රොකට්ටුව ගුවන් ගත කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇත.
නේටෝ සාමාජිකයකු නොවන පිලිපීනය ආසියානු කලාපයේ ඇමෙරිකාවට සිටින ඉතා සමීප මිතුරකු ද වෙයි.
යුද අභ්‍යාස පැවැත් වීම සම්බන්ධයෙන් ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් කර්ට් කැම්බල්, සහකාර ආරක්ෂක ලේකම් මාක් ලිපර්ට් සහ පිලිපීන රජයේ නිලධාරීන් සමඟ විශේෂ හමුවක් ද ඊයේ මැනිලා නුවරදී පැවැත්විණි.
මේ අතර චන්ද්‍රිකාව උඩු ගුවනට ගෙන ගොස් මුදා හැරීමෙන් පසු කහ මුහුදට කඩා වැටුණු උතුරු කොරියානු රොකට්ටුවේ සුන්බුන් සෙවීමට දකුණු කොරියානු නාවික හමුදාව කටයුතු කළ බව ද වාර්තා වේ.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමුකෝ මොනවද වෙන්නේ කියලා. (නි)
ඉතිං ඇමරිකාවට පුලුවන් නම් ඇය උතුරු කොරියාවට බැරි? (නි)
ජයවේවා! (නි)
ලෝකයේ අනෙක් රටවල් දියුණූවෙන් ඉදිරියට ආපු ආකාරය අනෙක් රටවලුත් අනුගමනය කරනවා. (නි)
21 කලින් යවපු එක හොදයි (දී)
21ට කලින් එකක් යවපු එක හොදයි(දී)
උතුරු කොරියාවට මගේ සුභ පැතුම් (ස)