IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


විරෝධතා මැද උතුරු කොරියා රොකට්ටුව සාර්ථකව උඩු ගුවනට

ඇමෙරිකාවේත් අසල්වැසි අග්නිදිග ආසියානු රටවලත් විරෝධය මැද උතුරු කොරියාව පෙරේදා (12) ඔවුන්ගේ රොකට්ටුව සාර්ථකව උඩුගුවනට යැවීය. උතුරු කොරියාව එම රොකට්ටුව ගුවන් ගත කරන බව දැනුම් දුන් දා සිටම ඇමෙරිකාව, දකුණු කොරියාව, ජපානය සහ පිලිපීනය උත්සහ කළේ එය කඩාකප්පල් කිරීමටය. උතුරු කොරියාව පවසන්නේ් ඔවුන් එම රොකට්ටුව යොදා ගනිමින් සාර්ථකව චන්ද්‍රිකාවක් කක්ෂ ගත කිරීමට උත්සහ කළ බවය. එහෙත් ඇමෙරිකාව, දකුණු කොරියාව, ජපානය සහ පිලිපීනය එකහෙළා කියා සිටින්නේ උතුරු කොරියාව තවත් න්‍යෂ්ටික බලැති බැලැස්ටික මිසයිලයක් අත්හදා බැලූ බවය. විරෝධතා මැද උතුරු කොරියාව එම රොකට්ටුව අත්හදා බැලීම අග්නිදිග ආසියානු කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් බව පිලිපීන රජය ඊයේ (13) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. උතුරු කොරියාවේ හිතුවක්කාර කි‍්‍රයා කලාපය හේතුවෙන් තම මිතුරා වන ඇමෙරිකාව සමඟ එක් වී නාවික යුද අභ්‍යාස මාලාවක් ඉදිරියේදී පැවැත්වීමට ද තමන් සූදානම් බව පිලිපීන රජය නිවේදනය කළේය. උතුරු කොරියාව කටයුතු කළ ආකාරය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවලී අභිබවා යෑමක් බව ද පිලිපීනය පෙන්වා දෙයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ද උතුරු කොරියාවේ එම රොකට්ටුව ගුවන් ගත කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇත. නේටෝ සාමාජිකයකු නොවන පිලිපීනය ආසියානු කලාපයේ ඇමෙරිකාවට සිටින ඉතා සමීප මිතුරකු ද වෙයි. යුද අභ්‍යාස පැවැත් වීම සම්බන්ධයෙන් ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් කර්ට් කැම්බල්, සහකාර ආරක්ෂක ලේකම් මාක් ලිපර්ට් සහ පිලිපීන රජයේ නිලධාරීන් සමඟ විශේෂ හමුවක් ද ඊයේ මැනිලා නුවරදී පැවැත්විණි. මේ අතර චන්ද්‍රිකාව උඩු ගුවනට ගෙන ගොස් මුදා හැරීමෙන් පසු කහ මුහුදට කඩා වැටුණු උතුරු කොරියානු රොකට්ටුවේ සුන්බුන් සෙවීමට දකුණු කොරියානු නාවික හමුදාව කටයුතු කළ බව ද වාර්තා වේ.



අදහස් (0)

විරෝධතා මැද උතුරු කොරියා රොකට්ටුව සාර්ථකව උඩු ගුවනට

ගීත් Friday, 14 December 2012 08:31 PM

බලමුකෝ මොනවද වෙන්නේ කියලා. (නි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Friday, 14 December 2012 02:30 PM

ඉතිං ඇමරිකාවට පුලුවන් නම් ඇය උතුරු කොරියාවට බැරි? (නි)

:       0       0

සමීර Friday, 14 December 2012 09:32 AM

ජයවේවා! (නි)

:       0       0

සිරිවර්ධන Sunday, 16 December 2012 04:27 PM

ලෝකයේ අනෙක් රටවල් දියුණූවෙන් ඉදිරියට ආපු ආකාරය අනෙක් රටවලුත් අනුගමනය කරනවා. (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 15 December 2012 03:39 PM

21 කලින් යවපු එක හොදයි (දී)

:       0       0

අචිනි Thursday, 20 December 2012 01:44 PM

21ට කලින් එකක් යවපු එක හොදයි(දී)

:       0       0

මධූ Friday, 14 December 2012 12:48 PM

උතුරු කොරියාවට මගේ සුභ පැතුම් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 58 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site