පෑනෙන් හරඹ කරන්නන්ට ඇති ලොකුම බාධාව වන්නේ ඇතැම් අවස්ථාවන්හි ලියන වචන වල අක්ෂර වින්‍යාසය නිවැරදි නොවීමයි. එවන් අවස්ථාවන්හි පිහිට ලබා ගත හැකි ‘‘නව යුගයේ‘‘ පෑනක් හදුන්වාදීමට ජර්මන් ජාතික නිර්මාපකයෝ දෙදෙනෙක් සමත්වී සිටිති.
මේ පෑන යොදාගෙන වචන ලියන විට අක්ෂර වින්‍යාසයේ කිසියම් වැරැද්දක් වේ නම් එය හදුනාගන්නා සංවේදක පෑනේ සවිකර ඇති කුඩා මෝටර්යක් ක්‍රියාත්මක කරවයි.එවිට පෑන කම්පනය වීමට පටන් ගන්නා අතර ලියන්නාගේ අතට දැනෙන මේ කම්පනය නිසාවෙන් ලියැවුණු වදනෙහි අක්ෂර වින්‍යාසයෙහි කිසියම් වරදක් ඇතැයි ලියන්නාට නිගමනය කිරීමට හැකිය.
අකුරු කරන කුඩා දරුවන්ට නිවැරදිවවත් වේගවත්වත් වචන ලිවීමේ හැකියාව වැඩිදියුණු කර ගැනීමට තමන්ගේ මේ නව නිර්මාණය උපකාරී වනු ඇතැයි ෂල්ක් වොල්ස්කි හා මැන්ඩි වොල්ස්කි යන නිර්මාපකයන් දෙපළ පවසයි.පෑන තවමත් පරීක්ෂණ මට්ටමේ පැවැතියද තවදුරටත් වැඩිදියුණු කර ඉක්මනින් වෙළදපොලට නිකුත් කිරීම තමන්ගේ අපේක්ෂාව බව ඔවුන් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්කෝල ළමයිට හදුන්වලා දෙන්න නියම පෑනක් (දී)
ශා...නියමයි...පාපැදියක්වත් හදාගන්න බැරි , හැමදේම පිටරටින් ගෙන්නන අපිටනම් මේවා මැජික් (ස)
අපි ඉතින් ලෝකෙන් ණයට කකා බලාගෙන ඉන්නවා (ස)
පේනවද දියුණුව. නියමයි නියමයි (ස)
ඇත්තටම ලංකාවේ හොඳ නිර්මාණ කාරයෝ ඉඳලත් පැන්සල , මකනය පවා පිටින් ගේන තත්වයට අපි වැටිලනේ , ඒත් අපේ අයගේ පුරාජේරුව කොහොමද ? .(ස)
පොඩි ළමයින්ගේ ඇගිලි තුඩු වලට මේක ලොකු වැඩියිනේ .(ස)
කොහොමද තාක්ෂණයේ දියුණුව (දී)