එළැඹෙන ජනපතිවරණයට ඉදිරිපත් වන තම ප‍්‍රතිවාදී අපේක්‍ෂක විපක්ෂ නායක හෙන්රීකේ කැප්රිලේස් ඝාතනය කර, එහි වරද තමා පිට පටවා, හමුදා කුමන්ත‍්‍රණයක් සිදුකර රට අස්ථාවර කිරීමට ඇමෙරිකාව කුමන්ත‍්‍රණය කරන බව චාවේස්ගේ අභාවයෙන් පසු වෙනිසියුලාවේ භාරකාර ජනපති ලෙස කටයුතු කරන නිකලස් මදුරෝ චෝදනා කරයි.
චාවේස්ගේ අනුප‍්‍රාප්තිකයා ද වන මදුරෝ මේ බව කියා සිටියේ පෙරේදා (17) රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. එම කුමන්ත‍්‍රණය පසුපස ඇමෙරිකානු යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය සහ සී.අයි.ඒ බුද්ධි අංශ නිලධාරීන් සිටිනබව භාරකාර ජනපතිවරයා වැඩි දුරටත් කියා සිටී. ජනපති මදුරෝ ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාගෙන් ඉල්ලා සිටියේ එම කුමන්ත‍්‍රණය ගැන වහා සොයා බලා එය නවත්වන ලෙසටය. ඔබාමා එම කුමන්ත‍්‍රණයේ හවුල්කරුවකු නොවන බව ද මදුරෝ පැවැසුවේය.
‘‘සී.අයි.ඒ. සංවිධානය සහ පෙන්ටගනයේ රොජර් නොරිගා සහ ඔටෝ රිච් යන නිලධාරීන් එක් වී සැලැසුම් කරන එම කුමන්ත‍්‍රණය ගැන වහා සොයා බලන්නැයි මා ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාගෙන් ඉල්ලා සිටිනවා. කුමන්ත‍්‍රණකරුවන්ගේ අරමුණ වී ඇත්තේ චාවේස්ගේ අභාවයෙව් පසු වෙනිසියුලාව අස්ථාවර කිරීමට” යැයි එම සම්මුඛ සාකච්ඡාවේදී මදුරෝ අවධාරණය කළේය.
වෙනිසියුලාවේ ජනපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන අපේ‍්‍රල් 14 වැනිදාය. ඊට චාවේස්ගේ අනුප‍්‍රාප්තිකයා ලෙස මදුරෝ ඉදිරිපත් වන අතර ඔහුට අභියෝගයක් වීමට විපක්ෂ නායක දක්ෂිණාංශික මතධාරී හෙන්රීකේ සූදානමින් සිටී. හෙන්රීකේ ඇමෙරිකානු හිතවාදියෙකි. ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේ පැවැති ජනපතිවරණයේ දී චාවේස් සමඟ තරඟ කළේ ද ඔහුය. එම මැතිවරණයේදී ද ඔහුට ඇමෙරිකාවේ ද සහාය හිමිවිය. එහෙයින් මදුරෝ එල්ල කරන එම චෝදනාවල කිසිදු පදනමක් නැතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විපක්ෂ නායක මරා වරද මා පිට දාන්න ඇමෙරිකාව කුමන්ත‍්‍රණය කරනවා
ෆාරු Tuesday, 19 March 2013 05:18 PM
එහෙම තමයි ඇමරිකාව... (නි)
කරුණාතිලක Tuesday, 19 March 2013 08:42 AM
දේශපාලනය කියන්නේ පුදුම දෙයක්