වඳුරකු සහිත රොකට්ටුවක් සාර්ථකව අභ්‍යවකාශයට යවා එය යළි ගෙන්වා ගැනීමට ඉරානය පෙරේදා (28) සමත් විය.
‘පිෂ්ගම්’ ලෙස නම් කළ එම රොකට්ටුව, කිලෝ මීටර් 120 ක් ඈත අභ්‍යවකාශයට රැගෙන ගියේ කුඩා අළු වඳුරකු බවත් එම වඳුරාත් රොකට්ටුවත් නිරුපද්‍රිතව ආපසු ගෙන්වා ගැනීමට තම විද්‍යාඥයන්ට හැකිවූ බවත් ඉරාන ආරක්ෂක අමාත්‍ය අහ්මඞ් වහීඞී පවසයි. ‘පිෂ්ගම්’ ඉරානයේ නිෂ්පාදිත රොකට්ටුවකි.
අනාගතයේ දිනෙක ගගනගාමියකු අභ්‍යවකාශයට යැවීමේ මුල් පියවර මේ අයුරින් සාර්ථකව තැබීමට තම විද්‍යාඥයන් සමත් වූ බවත්, ‘පිෂ්ගම්’ රොකට්ටුව උඩු ගුවනට යැවීම පමණක් නොව එය ආපසු ගෙන්වා ගැනීම ද ඉරානය ලැබූ විශාල ජයග‍්‍රහණයක් බවත් ඉරාන ආරක්ෂක ඇමැතිවරයා වැඩි දුරටත් කියා සිටී.
‘පිෂ්ගම්’ රොකට්ටුව අභ්‍යවකාශයට යැවීම සම්බන්ධයෙන් බටහිර රටවල් පවසන්නේ, ඉරානය අත්හදා බැලූවේ රොකට්ටුවක් නොව න්‍යෂ්ටික යුද ශීර්ෂයක් රැගෙන යා හැකි බැලැස්ටික මිසයිලයක් කියාය.
බැලැස්ටික මිසයිල යනු දිගු දුර මිසයිල වර්ගයකි. එක් මහද්වීපයක සිට තවත් මහද්වීපයකට විදිය හැකි මියසිල බැලැස්ටික මිසයිල යනුවෙන් හැඳින්වෙයි.
ඉරානය ‘පිෂ්ගම්’ රොකට්ටුව ගුවන් ගත කළේ එරට න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් බටහිර රටවල් සමඟ යළිත් වරක් සාකච්ඡුා පැවැත්වෙන අතරතුරේදීය.
න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී පරමාණු බෝම්බ නිපදවනවා යැයි උතුරු කොරියාවට මෙන්ම ඉරානයටත් චෝදනා එල්ල වී ඇත.
ඉරාන රජය පවසන්නේ ඔවුන් එම න්‍යෂ්ටික වැඩසටහන ආරම්භ කළේ රටේ බලශක්ති අර්බුදයට පිළියම් සෙවීමට කියාය. ඉරානය ඔවුන්ගේ අභ්‍යවකාශ කටයුතු මෙන්ම න්‍යෂ්ටික බලාගාරයේ ද කටයුතු සිදුකරන්නේ රුසියාවේ සහාය ඇතිවය.
ඉරානය මේ වනවිට චන්ද්‍රිකා කිහිපයක්ද සාර්ථකව උඩු ගුවනට යවා ඇත. ඉරානය මීට පෙර පළමු වරට සතුන් උඩු ගුවනට යැව්වේ 2010 වසරේ පෙබරවාරි 3 වැනිදාට යෙදුණු ඉරාන විප්ලවයේ 31 ක් වැනි සැමරුම නිමිත්තෙනි.එම සතුන් වූයේ මීයකු, ඉබ්බන් දෙදෙනකු සහ පණුවන්ය.
එම සතුන් අභ්‍යවකාශයට රැගෙන ගියේ ද ඉරානයේම නිෂ්පාදිත ‘කොවොෂ්ගාර් 3’ නමැති රොකට්ටුවයි. එම සතුන්ද නිරුපද්‍රිතව පෘථිවියට ගෙන්වා ගැනීමට ඉරාන විද්‍යාඥයෝ සමත් වූහ.
මිනිසා අභ්‍යනකාශයට යෑමට පෙර, සතුන් යොදා පරීක්ෂණ සිදු කිරීම ඇරැුඹුණේ 1947 වසරේ සිටය. සෝවියට් සමූහාණ්ඩුව (රුසියාව), ඇමෙරිකාව, ප‍්‍රංශය, චීනය සහ ජපානය ද අභ්‍යවකාශයට සතුන් යවා විවිධාකාරයේ පරීක්ෂණ සිදු කර ඇත.
මිනිසාට අභ්‍යවකාශය ජය ගැනීමට දොරටු විවර කළේ 1957 වසරේ සෝවියට් විද්‍යාඥයන් ‘ස්පුට්නික් 2’ රොකට්ටුවේ ආධාරයෙන් පෘථිවි කක්ෂයට යැවූ ‘ලයිකා’ නම් බැල්ල නිසාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයගැන කලබල වියයුතු නැහැ. රාවණා යුගයේත් වානර හමුදාවක් හිටියා කියනවානේ. ඉතිං දැන් ලෝකය දියුණු නිසා සමහර රටවල් කාන්තාවන් ඉදිරි පෙරමුණට එවන්න කටයුතු කරන නිසා , පිරිමි හමුදාවක් ඉදිරි පෙරමුණට ආවොත් මොනවායින් මොනවා වෙලාහරි මානව හිමිකම් කැඩුනොත් කියලා, බොරුවට නඩුදාන නිසා, එයාලාත් වානර හමුදාවක් පුරුදු පුහුණු කරනවා ඇති. වදුරන්ව ජිනීවා ගෙනියන්න බෑනේ. (නි)
ආසියාවේ රටක් මොනවා කළත් බටහිර රටවල් වලට පෙන්නන්න බැරි හැටි? (නි)
වෙන රටවල් මිනිස්සු යවන කාලේ මෙයාලා මොකද වදුරන්ව යවන්නේ? (නි)
අපේ රටක් එක්ක මෙච්චර හිතවත් රටක් වෙලත් අපෙන් හැලි වදුරෙක්වත් යවාගන්න බැරිවුණානේ? (නි)
එහෙම කියන්න එපා ලලිත් මහත්තයෝ ...බලන්නකෝ ජපානය , සිංගප්පූරුව, දකුණු කොරියාව වගේ ආසියාතික රටවල් (ස)
ළඟදීම කනවා ඇමරිකාවෙන්.... :) (නි)
වදුරටත් ගිය කල (දී)
අපි යවනවා රොකට් නැතුව උඩටම,ආයි එන්න නෙවෙයි උඩටම යන්න බඩු මිල (ස)
ඉරානෙට වඩා අපි ඉදිරියෙන්. ලංකාවේ කොඩිය ගහලා චන්ද්‍රිකාවක් ඇරියේ අපි (ස)
සෙනරත්, නාලක, ගාමිණී, ඇතුළේ මොකා ගියත් යවලා තියෙන්නේ රොකට් එකක්නේ. (නි)
වදුරන් අතර ඔය තරම් උඩ ගිය එකම වදුරා (දී)
අපේ රටෙනුත් දේශපාලුවෙක්ව යවලා බලමුකෝ. (නි)
අගහරු ලෝකයටත් මිනිස්සු යවන කාලේ, මේ ඇත්තෝ දැනුයි වදුරන් යවන්නේ. (නි)
අපිටනම් ඕක හීනයක් විතරයි (ස)
වදුරා මොකටද (දී)
අපේ රටේ රොකට් යැවීම කෙසේ වෙතත් ජීවන වියදමනම් රොකට් එකට වැඩිය වේගවත් (ස)
රොකට්ටුව ඉරානයේ වුණාට වදුරා ලංකාවෙද දන්නෙ නැහැ. (නි)
අපෙත් හා හා පුරා කියලා වඳුරෙක් යාවි උඩ තව ටික කාලෙකින්. (නි)
ඉෂාර කියපු කතාව හරියටම හරි. (නි)