IMG-LOGO

2025 අගෝස්තු මස 29 වන සිකුරාදා


වෙනිසියුලාවේ ජනපතිගේ ආයුෂ කී දොස්තර රටින් පැනලා

දරුණු පිළිකාවකින් පෙළෙන වෙනිසියුලා ජනාධිපති හියුගෝ චාවේස්ගේ ආයු කාලය තව වසර දෙකකට වඩා නැතැයි මැක්සිකෝහි මිලෙනියෝ නම් සඟරාවකට ප‍්‍රකාශයක් කළ වෙනිසියුලාහි වෛද්‍යවරයකු රටින් පලාගොස් ඇතැයි වාර්තා වෙයි. සැල්වදෝර් නවරෙටේ යන මෙම වෛද්‍යවරයාගේ ප‍්‍රකාශය, 2012 තම මැතිවරණ ව්‍යාපාරයට අහිතකර බලපෑම් එල්ලවීමට ඉඩ ඇතැයි වෙනිසියුලා ජනාධිපති හියුගෝ චාවේස් කියා සිටී. වෛද්‍ය සැල්වදෝර් වසර 2002 වනතුරු තම පව්ලේ වෛද්‍ය කණ්ඩායමේ සාමාජිකයකුයැයිද, තමාගේ මවට සිදුකළ සැත්කමකටද සහභාගි වී ඇතැයිද, ”මිලෙනියෝ” සඟරාවට කර ඇති ප‍්‍රකාශ සියල්ල අමූලික බොරු යැයිද ජනාධිපති චාවේස් තවදුරටත් කියා සිටියේය. තම පිළිකාව සුවකර ගැනීම සඳහා කියුබාවට යාමට පෙර වෙනිසියුලාවේ වෛද්‍ය පිරිසක් තමා පරීක්‍ෂා කළ බවත්, නමුත් සැල්වදෝර් නමින් වෛද්‍යවරයෙක් සිටි බව තමා නොදන්නේ යැයිද වෙනිසියුලා ජනාධිපති පැවැසීය. ”එවැනි වෛද්‍යවරයෙක් සිටියේ නම් ඒ බොරුකාරයාගේ මුහුණ බලා ගැනීමට කැමැතියි” යැයි වාර්තාකරුවන් සිනහ ගස්වමින් ජනාධිපතිවරයා පැවසීය.



අදහස් (0)

වෙනිසියුලාවේ ජනපතිගේ ආයුෂ කී දොස්තර රටින් පැනලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14756 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 447 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 260 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site