වෙනිසියුලාවේ කැරැකස් අගනුවර ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සේවකයෝ දෙදෙනෙක් පෙරේදා (28) රාති‍්‍රයේ වෙඩි ප‍්‍රහාරයකට ලක් වීමෙන් ජීවිතක්ෂයට පත්වූහ.
වෙඩි ප‍්‍රහාරයට ලක් වෙද්දී එම නිලධාරීන් දෙදෙනා කැරැකස් නුවර රාතී‍්‍ර සමාජ ශාලාවක සිටි බව වාර්තා වේ.
ජීවිතක්ෂයට පත් වූයේ රොබර්ටෝ එසෙක්වේල් සහ පෝල් මාර්වින් වෙනිසියුලා මාධ්‍ය වාර්තා කරයි. වෙඩි ප‍්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ දිගටම පැවැත්වෙයි.