වෙනිසියුලා විපක්ෂ නායක හෙන්රීකේ කැප්රිලේස් ඊයේ (30) අසල්වැසි ලතින් ඇමෙරිකා රටවල සංචාරයක් ආරම්භ කරමින් කොලොම්බියාවට ගොස්, කොලොම්බියා ජනාධිපති යුවාන් මැනුවෙල් සැන්ටෝස් හමුවී සාකච්ඡුා පැවැත්වීය.
කැප්රිලේස් එම ලතින් ඇමෙරිකානු සංචාරය ආරම්භ කළේ චාවේස්ගේ අභාවයෙන් පසු පැවැති වෙනිසියුලා ජනාධිපතිවරණ දූෂිත බව ලතින් ඇමෙරිකා රටවල රාජ්‍ය නායකයන්ට පෙන්වා දීමේ අරමුණින්ය.
කැප්රිලේස්ගේ එම සංචාරය වෙනිසියුලා රජයේත් ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කළ, චාවේස්ගේ අනුප‍්‍රාප්තික මෙන්ම වත්මන් ජනාධිපති නිකලස් මදුරෝගේත් දැඩි දෝෂ දර්ශනයට හේතුවක් වී ඇත.