වෙනිසියුලාවේ ලබන අපේ‍්‍රල් 14 වැනිදා පැවැත්වීමට නියමිත ජනපතිවරණයට තමා ඉදිරිපත් වන බවත්, භාරකාර ජනපති මෙන්ම චාවේස්ගේ අනුප‍්‍රාප්තිකයා ද වන නිකලස් මදුරෝට අභියෝගයක් කිරීමට තමන්ට හැකි බවත් විපක්ෂ නායක හෙන්රීකේ කැප්රිලේ පවසයි.
ඉකුත් ඔක්තෝබරයේ පැවැති ජනපතිවරණයේදී වාචේස්ගේ ප‍්‍රතිවාදියා වූයේ කැප්රිලේය. එම මැතිවරණයෙන් චාවේස් සියයට 54.42 ක ඡන්ද ප‍්‍රතිශතයක් හිමිකරගත් අතර කැප්රිලේට හිමිකර ගැනීමට හැකිවූයේ සියයට 44.97 ක ඡන්ද ප‍්‍රතිශතයකි. වෙනිසියුලාවේ බටහිර පළාත් කැප්රිලේට සහාය පළ කළ අතර ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල සහාය ද හිමිවන්නේ ඔහුටය.
කැප්රිලේගෙන් මදුරෝට විශාල අභියෝගයක් එල්ල වනු ඇතැයි දේශපාලන විචාරකයන් පෙන්වා දුන්නේ ජනපතිවරණයට දින නියම වූ අවස්ථාවේ සිටය.
චාවේස්ගේ දේශපාලන දර්ශනය අනුගමනය කළත්, ජනතාවාදී දේශපාලනඥයකු වුණත්, මදුරෝට තවත් ‘චාවේස්’ කෙනකු විය නොහැකි බව වෙනිසියුලානු දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චාවේස් දුප්පතාගේ හිතවතා නිසා මදුරෝට ජය අනිවාර්යයෙන් හිමිවෙනවා. (නි)
වෙනිසුලාවේ ප්‍රශ්න පටනරන් වගෙයි (දී)