චීනයේ ගුවන්ග්ඩොන්ග් ප්‍රාන්තයේ යැන්ග්ජි ප්‍රදේශයේ ඉදිකැරෙන නවතම කාර්යාල සංකීර්ණයකට අවශ්‍ය ඉඩම් වෙන්කර ගැනීම පසුගිය කාලය පුරාම සිදුවිය.ඉඩම් අහිමි වන ප්‍රදේශවාසීන් වෙනුවෙන් නව නිවාස ඉදිකර දීමටත් වන්දි ප්‍රදානය කිරීමටත් කාර්යාල සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු භාරව සිටිනා කොන්ත්‍රාත්කරුවන් කටයුතු කර තිබුණි.
එසේ වුවද තමන්ට හිමිවන වන්දිය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් කිසිවකුත් කියූ පලියට සිය නිවාස අතහැර යාමට තමන් සූදානම් නැති බවත් කියමින් කැරලි ගැසූ වැසියන් කිහිපදෙනෙක්ද ප්‍රදේශවාසීන් අතර වුහ.කොන්ත්‍රාත්කරුවන් කොතෙකුත් උත්සාහ කළද සිය ස්ථාවරය වෙනස් කළේ ඔවුන් නම් නොවේ.
සිය ඉදිකිරීම් කටයුතු හොදින් බැරිනම් නරකින් නිම කර ගැනීමට කොන්ත්‍රාත්කරුවන් තීරණය කරන්නේ ඇවිටිලි කර බැරිම තැනය.ප්‍රදේශයේ ගලා බසිනා ගංගාවක ගමන් මාර්ගය වෙනස් කර ‘‘කැරලිකරුවන්ගේ‘‘ නිවාස වටකරමින් ගලා යාමට සලස්වන්නේ දැන්වත් මොවුන් සටන අත්හරී යැයි සිතා ගෙනය.
කොන්ත්‍රාත්කරුවන් කුමන ක්‍රියාමාර්ගයක් ගත්තද තමන්ගේ තීරණය නම් වෙනස් නොකරන බව මේ වැසියෝ පවසති.නිවාස වටකරමින් ‘‘ගගක්‘‘ ගලා ගියද ගගට උඩින් පාලම් දැමිීමට තමන්ට හැකි බව ඔවුන් කියා සිටී.තමන් එළැවීමේ අරමුණින් කොන්ත්‍රාත්කරුවන් සිය නිවෙස් වලට සැපයෙන විදුලි බලය නළ ජලය ආදී පහසුකම් කප්පාදු කළ බව පවසන ඔවුන් තමනට සතුටුදායක වන්දියක් ප්‍රදානය කිරීමට කොන්ත්‍රාත්කරුවන් කටයුතු කරන තෙක් සටන අත්නොහරින බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මාලා" ඔයා පොඩි මිනිහගේ බඩට ගහන්නේ නැතුව වැඩක් බලාගන්න. (ස)
ෂිරාස්ට කේන්තියි වගේ,පදික වෙළෙදුන් එලවනවා කීවාම.නගරයක දියුණුව සහ පවිත්‍රතාවයට එවැනි පියවර ගතයුතුයි.(ස)
අන්න හරි (දී)
අහවල් වන්දි ගෙවීමක්ද? චීන්නු කොච්චර ලංකාවේ ඉදිකිරීම් කලත් වැඩක් නැහැ. ඔය කොන්ත්‍රාත්තුව අපේ යූ.ඩී.ඒ එකට දුන්නා නම් බැකෝවලින් සමතලාකරලා වැඩෙත් ඉවරකරලා මෙලහකට. (නදී)
චීනා මේ ක්‍රමය ලංකාවට කියලා දීලා හමාරයි. (නි)
එතකොට මේක පිටකොටුවේ ප්‍රශ්නයක්ද චීනයේ ප්‍රශ්නයක්ද ?(ස)
මන් මලාට මනාපයි.(නදී)
සිල්වා, එහෙම කථා කරන්න ඒපා. සුභවාදී ආකල්පයන් තුලින් දුප්පත් මනුෂ්‍යයා දිහා බලන්න පුරුදු වෙන්න.(නදී)
වටකරලා ගහනවා කියන්නේ ඕකට තමයි (දී)
කොළඹ පිටකොටුව අවට ඉන්නේ කාක්කෝමයි. ඒමදිවට පාරක මිනිහෙක්ට ඇවිදගෙන යන්න බැහැ. මිනිස්සුත් අපිරිසිදුයි. එයාලගේ කඩත් අපිරිසිදුයි. බලධාරීන් ඉතා ඉක්මනින් කටයුතු කළයුතුයි. (නි)
අපිත් පිට කොටුවට කැළණි ඟග හරවලා හෝ පදික වෙළඳුන් එලවා දමමු. (ස)