IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


විදෙස් චිත්‍රපටවලට ට්‍රම්ප්ගෙන් බදු

විදෙස් චිත්‍රපට, හොලිවුඩ් චිත්‍රපටවලට අභියෝගයක් වී ඇති බැවින්, සහ හොලිවුඩ් සිනමා කර්මාන්තය කඩා වැටීමකට ලක් වී ඇති බැවින්, විදෙස් චිත්‍රපට සඳහා සියයට 100 ක තීරු බදු පැනවීමට තමන් පියවර ගන්නා බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් පළ කරමින් පවසා ඇත්තේ, විදේශවල නිෂ්පාදනය කරනු ලබන සියලුම ආකාරයේ චිත්‍රපට සඳහා සියයට 100 ක තීරු බදු පැනවීමට තමන් තිරණය කළේ එම චිත්‍රපට හේතුවෙන් හොලිවුඩ් කර්මාන්තයට දැඩි ලෙස බලපෑම් එල්ල වීම නිසා බවය.

තීරු බදු පැනවීම සම්බන්ධයෙන් තමන් ඇමෙරිකන් වාණිජ දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බව ද ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩි දුරටත් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ අවධාරණය කර ඇත. 

තමන් මෙම පියවර ගන්නේ හොලිවුඩ් සිනමාව යළිත් වරක් ලොව අංක එකේ සිනමාව බවට පත් කිරීමේ අරමුණින් යැයි ද ට්‍රම්ප් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (3)

විදෙස් චිත්‍රපටවලට ට්‍රම්ප්ගෙන් බදු

pakeer Monday, 05 May 2025 11:48 AM

සුද්දෝ වැඩි පුර ඉන්න කාලේ... ඉංග්‍රීසි ෆිල්ම් වැඩී .. හැබැයි දැන් වැඩි පුර ඉන්නේ ඉන්දියන් කාරයෝ ... චීන කාරයෝ ... එතකොට ඒවා වැඩී

:       0       11

Kamal Koyrala Monday, 05 May 2025 01:34 PM

සැමට හොඳ අවස්ථාවක්... එම ක්‍රමයම අනික් රටවල් හොලිවුඩ් චිත්‍රපටිවලට අය කළ යුතුයි.

:       0       4

Nandalal de Silva - France Monday, 05 May 2025 03:11 PM

ට්‍රම්ප්ගේ බදු ගැහිලි සියල්ලම අප අනුමත නොකරත්, සාධාරණ නොවුණත්, චිත්‍රපට කර්මාන්ත බද්ද නම් අගය කළයුතු වෙනවා. රටක සදාචාරය, සංස්කෘතික අගය, අනන්‍යතාවය වැනි බොහෝ දෙයක් විනාශ කිරීමට හෝ වෙනත් දිශාවලට හැරවීමට විදෙස් සිනමාවට අතිවිශාල බලයක් තිබේ.. ශ්‍රී ලංකාවේ චිත්‍රපට කර්මාන්තයට කණ කොකා හඬන්න පටන් ගත්තේ, විශේෂයෙන්ම, සීමා රහිතව අපේ රටට ගලා එන, තුට්ටුදෙකේ බොලිවුඩ් වැනි සැලොලයිඩ් පට නිසා බව අමුතුවෙන් කිවයුතු නැත. ආනයනය කරන චිත්‍රපට අතර වැදගත්, ගුණාත්මක, ආධ්‍යාත්මික වටිනාකමින් යුත් කලාත්මක චිත්‍රපටිත් නැතුවාම නොවෙයි. ට්‍රම්ප්ගේ අඩිපාරේ යමින් ශ්‍රී ලංකාවද මෙවැනි තීරණයක් කඩිනමින් ගතහොත්, රජයේ ආදායම් බදු වැඩිකර ගැනීම, විදෙස් විනිමය ඉතිරි කර ගැනීම, උසස් තත්වයේ වටිනා චිත්‍රපට කර්මාන්තය වැඩි දියුණු කිරීමට අතහිත දීම වැනි කාරණා රාශියක් කිරීමට AKD, මාළිමා රජයට හැකි වෙනු නිසැකයි. කෙසේ වෙතත්, ලොව පුරා සිනමා ප්‍රෙක්ෂකයින් නරඹන Hollywood චිත්‍රපට කර්මාන්තය නම් ට්‍රම්ප් නිසා මාර කට්ටක් කෑවා කියන්න ඕනේ...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 299 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 648 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site