
විදෙස් චිත්‍රපට, හොලිවුඩ් චිත්‍රපටවලට අභියෝගයක් වී ඇති බැවින්, සහ හොලිවුඩ් සිනමා කර්මාන්තය කඩා වැටීමකට ලක් වී ඇති බැවින්, විදෙස් චිත්‍රපට සඳහා සියයට 100 ක තීරු බදු පැනවීමට තමන් පියවර ගන්නා බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් පළ කරමින් පවසා ඇත්තේ, විදේශවල නිෂ්පාදනය කරනු ලබන සියලුම ආකාරයේ චිත්‍රපට සඳහා සියයට 100 ක තීරු බදු පැනවීමට තමන් තිරණය කළේ එම චිත්‍රපට හේතුවෙන් හොලිවුඩ් කර්මාන්තයට දැඩි ලෙස බලපෑම් එල්ල වීම නිසා බවය.
තීරු බදු පැනවීම සම්බන්ධයෙන් තමන් ඇමෙරිකන් වාණිජ දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බව ද ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩි දුරටත් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ අවධාරණය කර ඇත.
තමන් මෙම පියවර ගන්නේ හොලිවුඩ් සිනමාව යළිත් වරක් ලොව අංක එකේ සිනමාව බවට පත් කිරීමේ අරමුණින් යැයි ද ට්‍රම්ප් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුද්දෝ වැඩි පුර ඉන්න කාලේ... ඉංග්‍රීසි ෆිල්ම් වැඩී .. හැබැයි දැන් වැඩි පුර ඉන්නේ ඉන්දියන් කාරයෝ ... චීන කාරයෝ ... එතකොට ඒවා වැඩී
සැමට හොඳ අවස්ථාවක්... එම ක්‍රමයම අනික් රටවල් හොලිවුඩ් චිත්‍රපටිවලට අය කළ යුතුයි.
ට්‍රම්ප්ගේ බදු ගැහිලි සියල්ලම අප අනුමත නොකරත්, සාධාරණ නොවුණත්, චිත්‍රපට කර්මාන්ත බද්ද නම් අගය කළයුතු වෙනවා. රටක සදාචාරය, සංස්කෘතික අගය, අනන්‍යතාවය වැනි බොහෝ දෙයක් විනාශ කිරීමට හෝ වෙනත් දිශාවලට හැරවීමට විදෙස් සිනමාවට අතිවිශාල බලයක් තිබේ.. ශ්‍රී ලංකාවේ චිත්‍රපට කර්මාන්තයට කණ කොකා හඬන්න පටන් ගත්තේ, විශේෂයෙන්ම, සීමා රහිතව අපේ රටට ගලා එන, තුට්ටුදෙකේ බොලිවුඩ් වැනි සැලොලයිඩ් පට නිසා බව අමුතුවෙන් කිවයුතු නැත. ආනයනය කරන චිත්‍රපට අතර වැදගත්, ගුණාත්මක, ආධ්‍යාත්මික වටිනාකමින් යුත් කලාත්මක චිත්‍රපටිත් නැතුවාම නොවෙයි. ට්‍රම්ප්ගේ අඩිපාරේ යමින් ශ්‍රී ලංකාවද මෙවැනි තීරණයක් කඩිනමින් ගතහොත්, රජයේ ආදායම් බදු වැඩිකර ගැනීම, විදෙස් විනිමය ඉතිරි කර ගැනීම, උසස් තත්වයේ වටිනා චිත්‍රපට කර්මාන්තය වැඩි දියුණු කිරීමට අතහිත දීම වැනි කාරණා රාශියක් කිරීමට AKD, මාළිමා රජයට හැකි වෙනු නිසැකයි. කෙසේ වෙතත්, ලොව පුරා සිනමා ප්‍රෙක්ෂකයින් නරඹන Hollywood චිත්‍රපට කර්මාන්තය නම් ට්‍රම්ප් නිසා මාර කට්ටක් කෑවා කියන්න ඕනේ...!