IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විදුලිය බිඳවැටුණාට ඉන්දීය රජයට දොස්

උතුරු ඉන්දියාවේ ඉකුත් දින දෙක තුළ සිදුවූ හදිසි විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් ඉන්දීය රජයට දෝෂාරෝපණ එල්ල වෙමින් පවතී. එම හදිසි විදුලිය බිඳ වැටීමට හේතුව කුමක්දැයි තවමත් අනාවරණය වී නැති අතර ඉන්දීය රජය ඒ සම්බන්ධයෙන් කිසිදු ප‍්‍රකාශයක් කර නැත. උතුරු ඉන්දියාවේ ප‍්‍රාන්තවලට විදුලි බලය සැපැයෙන විදුලි බලාගාර පද්ධතිය හදිසියේම අකි‍්‍රය වීමෙන් මෙසේ විදුලිය බිඳ වැටුණේ යැයි විදුලි බලාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඞී.කේ. ජාලින් පවසා ඇත. නවදිල්ලිය, හර්යානා, හිමාචල්, ජම්මු/කාශ්මීර්, මධ්‍ය ප‍්‍රදේශ්, පන්ජාබ්, රාජස්ථාන්, උත්තරන්චාල් සහ උත්තර ප‍්‍රදේශ් යන ප‍්‍රාන්තවලට පළමු දිනයේදීත් බිහාර්, ජාර්කන්ඞ්,ඔරිස්සා, බටහිර බෙංගාල, ඇසෑම්, අරුණාචල් ප‍්‍රදේශ් යන ඊසානදිග ඉන්දියාවේ පිහිටි ප‍්‍රාන්තවලට දෙවැනි දිනයේදීත් විදුලි බලය අහිමි වූ අතර උමං දුම්රිය මාර්ග ඇතුළු ප‍්‍රවාහන කටයුතු රැසක් අඩපණ විය. විදුලිය පළමු වරට බිඳ වැටුණේ පසුගිය 30 වැනිදා අලූයම 2.40 ට ය. මිලියන 600ක ඉන්දියානුවන් අඳුරේ හෙළමින් දෙවතාවක් බිඳ වැටුණු  උතුරු ඉන්දියාවේ විදුලිබල සැපයුම ඊයේ(1) වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූ බව විදුලිබල මෙහෙයුම් මූලස්ථාන ප‍්‍රධානී එස්. කේ සූනි ප‍්‍රකාශ කළේය. ඉන්දීය ඉතිහාසයේ සිදුවුණු මහා පරිමාණයේ විදුලිය බිඳ වැටීම මෙය යැයි වාර්තා වේ. දූෂණ වංචා හේතුවෙන් ජනතා අප‍්‍රසාදයට පත් ව සිටින ඉන්දීය රජයට මෙම විදුලි අර්බුදය හේතුවෙන් තවත් කලූ පැල්ලමක් එක් වී ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.



අදහස් (0)

විදුලිය බිඳවැටුණාට ඉන්දීය රජයට දොස්

සජීව Thursday, 02 August 2012 03:46 PM

ඉතිං අපට මොකද?(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site