23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාව කෙලෙසූ සැකකරුවන් හය දෙනාගෙන් පස් දෙනකු ඊයේ (3) නවදිල්ලි අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අතර බාලවයස්කාරයකු වන ඉතිරි සැකකරුට එරෙහිව විශේෂ නඩු විභාගයක් පැවැත්වීමට නියමිතය.
එම සැකකරුවන් හය දෙනාට අතවර කිරීම සහ මිනීමැරීම යන චෝදනා එල්ල වී ඇත. වෛද්‍ය ශිෂ්‍යාව ඉකුත් 29 වැනිදා මියගියේ ඔවුන් සය දෙනා ඇයට පහර දීමෙන් ලැබූ තුවාල හේතුවෙනි.
සැකකරුවන් වෙනුවෙන් පෙනී නොසිටීමට නවදිල්ලි නීතීඥවරුන් තීරණය කර ඇති අතර පොලිසිය කියා සිටියේ ඔවුන්ට එරෙහිව චෝදනා සහ සාක්ෂි සියල්ල ගොනු කර ඇති බවත් නඩු විභාගය කඩිනමින් ආරම්භ වනු ඇති බවත්ය.
ඉකුත් දෙසැම්බර් 16 වැනිදා රාති‍්‍රයේ එම සිසුවිය අතවරයටත් පහර කෑමටත් ලක් වෙද්දී, ඇගේ පෙම්වතා ද ඇය සමඟ සිටි අතර ඔහු ද දරුණු ලෙස පහර කෑමට ලක් විය.
සිසුවියගේත් පෙම්වතාගේත් සිහිසුන් සිරුරු මාර්ගය අසල කසළ ගොඩකට ඇද දමා ඔවුන් බස්රියට යට කිරීමට ද රියැදුරා ඇතුළු පිරිස සැලැසුම් කළ බව එම පිරිසගෙන් ප‍්‍රශ්න කරද්දී තහවුරු වූ බව නවදිල්ලි පොලිසිය වැඩි දුරටත් කියා සිටී.
ශිෂ්‍යාව කෙළෙසූ එම සය දෙනාට මරණ දඬුවම දෙන්නැයි ඉල්ලමින් ඉන්දියාව පුරා තවමත් විරෝධතා රැළි පැවැත්වෙන බව වාර්තා වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තියෙන ලොකුම දඩුවම දෙන්න (දී)
ප්‍රියා ඔයා ගැහැණියක් නෙමෙයිද ? (ස)
මොනම රටකවත් ආයි මෙහෙම දෙයක් නොවෙන්න හොද දඩුවමක් දෙන්නයි තියෙන්නේ. (නි)
ඉන්දීය ජනතා හඩ අපේ අයටත් හොද ආදර්ශයක්. (නි)
ලංකාවේ ස්ත්‍රී දුෂකයන්ට නම් මාස තුනෙන් ඇප ලැබෙනවානේ. (නි)
වද දිලා ජනතාව ඉදිරියේදිම මරන්න ඕන (ස)
ඉන්දියාව නිසා සමහරවිට එල්ලලා මරයි. ඒත් ලංකාවෙ නම්? (නි)
නීතීඥවරු පස්සේ ඉදිරිපත් වෙයි. හරියට ලංකාවේ කහවත්තේ කළා වගේ. (නි)
ලෝකෙම අවධානය ලක් වෙන්න ඕන කාරනාවක් මේ (දී)
ජයවේවා, ලෝකෙම කාන්තා නිදහස ඇති වේවා (දී)
ලංකාවෙනම් ඕන කුණු ප්‍රශ්නෙකට වැරදිකරු බේරාගැනීම වෙනුවෙන් ඉදිරපත් වෙන්න අය ඉන්නවා (ස)
මෙවන් අපරාධ නැවත නොවෙන්නට දඩුවම් දෙන්න (දී)
ඒක තමයි කල යුත්ත (දී)
අනිවාර්‍යයෙන්ම මරණ දඩුවම දෙන්න ඕනි (ස)
මෙහෙම වැඩ නැවත වෙන්න දෙන්න එපා (දී)
පසුගිය අවුරුද්ද ඇතුලත අරාබියේ මේ ආකාරයට දුෂණ චෝදනා ලැබු පිරිසක් ජනතාව බලා සිටියදීම පුසිද්ධියේ ඒල්ලා මරනු ලැබුවා. ඇත්තෙන්ම ඒම දඩුවම මේ උදවියටත් අත්වේවායි අප ප්‍රර්ථනා කරමු. (ස)
ලංකාවේ මේ වගේ දෙයක් වුණොත් කොච්චර නීතිඥවරු ඉදිරිපත් වෙනවාද? ලැජ්ජයි. (නි)
දෙන්න පුළුවන් ලොකුම දඩුවම දෙන්න (දී)
ප්‍රියා, ඔයා ගැහැණියෙක්ද? පිරිමියෙක්ද? අනේ මෙහෙමත් මිනිස්සු? (නි)
මෙවන් වැඩ ලෝකෙන්ම තුරන් කරන්න ඕනේ (දී)
ඕකනම් මොකද්ද ? ඔය වගේ දේවල් ලංකාවේ සාමාන්‍ය දේවල් වෙලා (ස)
අපි වරදකරුවන්ට සමාව දෙමු. මෛත්‍රී කරමු. නැත්නම් ලංකාව ඉවරයි. (නි)
වරද කරු ප්‍රසිද්දියේ එල්ලා මැරිය යුතුයි (ස)
වරද කරු එල්ලා මැරිය යුතුයි (ස)