23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාව කෙලෙසූ සැකකරුවන් හය දෙනාගෙන්  පස් දෙනකු ඊයේ (3) නවදිල්ලි අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අතර බාලවයස්කාරයකු වන ඉතිරි සැකකරුට එරෙහිව විශේෂ නඩු විභාගයක් පැවැත්වීමට නියමිතය.
එම සැකකරුවන් හය දෙනාට අතවර කිරීම සහ මිනීමැරීම යන චෝදනා එල්ල වී ඇත. වෛද්‍ය ශිෂ්‍යාව ඉකුත් 29 වැනිදා මියගියේ ඔවුන් සය දෙනා ඇයට පහර දීමෙන් ලැබූ තුවාල හේතුවෙනි.
සැකකරුවන් වෙනුවෙන් පෙනී නොසිටීමට නවදිල්ලි නීතීඥවරුන් තීරණය කර ඇති අතර පොලිසිය කියා සිටියේ ඔවුන්ට එරෙහිව චෝදනා සහ සාක්ෂි සියල්ල ගොනු කර ඇති බවත් නඩු විභාගය කඩිනමින් ආරම්භ වනු ඇති බවත්ය.
ඉකුත් දෙසැම්බර් 16 වැනිදා රාති‍්‍රයේ එම සිසුවිය අතවරයටත් පහර කෑමටත් ලක් වෙද්දී, ඇගේ පෙම්වතා ද ඇය සමඟ සිටි අතර ඔහු ද දරුණු ලෙස පහර කෑමට ලක් විය.
සිසුවියගේත් පෙම්වතාගේත් සිහිසුන් සිරුරු මාර්ගය අසල කසළ ගොඩකට ඇද දමා ඔවුන් බස්රියට යට කිරීමට ද රියැදුරා ඇතුළු පිරිස සැලැසුම් කළ බව එම පිරිසගෙන් ප‍්‍රශ්න කරද්දී තහවුරු වූ බව නවදිල්ලි පොලිසිය වැඩි දුරටත් කියා සිටී.
ශිෂ්‍යාව කෙළෙසූ එම සය දෙනාට මරණ දඬුවම දෙන්නැයි ඉල්ලමින් ඉන්දියාව පුරා තවමත් විරෝධතා රැළි පැවැත්වෙන බව වාර්තා වේ.

තරුණිය ගමන් ගත් බස් රථය පොලිසිය බාරයේචූදිතයන් රැගෙන ආ දිසා අධිකරණයට විශේෂ පොලිස් ආරක්ෂාව