වෛද්‍ය සිසුවිය දූෂණයටත් පහර කෑමටත් ලක් වුණේ ඇගේම වරදින් බවත්, ඇයට එම අපරාධය කළ පුද්ගලයන් 6 දෙනා සේම ඇයත් වරදකාරියක බවත් ඉන්දීය ආධ්‍යාත්මික පූජකවරයකු වන 71 ක් හැවිරිදි අසරාම් බාපු කළ ප‍්‍රකාශයක් හේතුවෙන් ඔහු වෙත දැඩි විරෝධයක් එල්ල වී ඇත.
අසරාම් බාපු වැඩි දුරටත් කියා ඇත්තේ දූෂණයට ලක් වෙද්දී, ඇය එම තරුණයන්ට බෑගෑපත් වූවා නම් ඇය දූෂණයටත් පහර කෑමටත් ලක් නොවනු ඇතැයි කියාය.
මියගිය පසුවත් මුළු ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත් වූ 23 හැවිරිදි එම තරුණියගේ ගෞරවය ආරක්ෂා කිරීමේ අරමුණින්, ඉන්දීය මාධ්‍ය එකාමෙන් එක් වී, ඇගේ හෝ ඇගේ පවුලේ අයගේ හෝ අනන්‍යතාව හෙළි නොකිරීමට වග බලා ගත්තේය. කෙසේ නමුත් ඇගේ පියා පෙරේදා (7) පැවැසුවේ ඉන්දීය කාන්තාවන් ආරක්ෂා කිරීමට තම දියණියගේ නමින් නීතීයක් සකස් කරන්නේ නම්, දියණියගේ නම හෙළි කරන බවය. තරුණියගේ පියා උත්තර ප‍්‍රාන්තයේ පදිංචි බඞ්රි සිං පණ්ඬේය. පෙරේදා ඔහුගේ ඡායාරූප ඉන්දීය පුවත් සේවා කිහිපයක පළ වී තිබුණි. මේ අතර ඉකුත් සති අන්තයේදී ඉන්දියාවේ ‘සීටීවී’ පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන් තරුණියගේ පෙම්වතාගේ අනන්‍යතාව ද මාධ්‍ය ඔස්සේ ප‍්‍රසිද්ධියට පත්කර ඇත. ඔහු අවින්ද්‍ර පාන්ඬේය.
තරුණිය සමඟ සිට පහර කෑමට ලක් වූ 28 හැවිරිදි අවින්ද්‍ර පාන්ඬේගේ එක් පාදයක් බිඳී ඇති අතර ඔහු තවමත් ප‍්‍රතිකාර ලබන බව ද වාර්තාවේ. ඔවුන් දෙදෙනා ලබන පෙබරවාරියේ විවාහ වීමට නියමිතව සිටි බව ද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා පරණ කාලේ බමුණෙක් වෙන්න ඇති. (නි)
සමහරවිට මෙයාටත් මේ වගේ නඩුවක් තියෙනවද දන්නේ නෑ (ස)
මෙවැනි මිනිසුන් ගැන තීරණයක් ගතයුතුයි. (නි)
අනේ මුකුත් කරන්න එපා කිව්වා නම් ඇදුම් ටිකත් ආපහු අන්දලා එවයි අර නරුමයෝ හය දෙනා. (නි)
ඒ කතාවට විරුද්දයි මම (දී)
මම ඒ කතාවට 100% විරුද්දයි (දී)
ඔයාලා ඉතිං හොඳයි ඉන්දියාවටම !!!! (ස)
මෙහෙම ප්‍රකාශ කරන්න එපා (දී)
ස්ත්‍රී දූෂණයට එරෙහිව දැඩි දඩුවම් දෙනවට මොවුන් අකමැති ඇයි කියලා ඔයාලා දන්නවද ? (ස)
පිස්සුද මන්දා? (නි)
බොහෝ පිරිමි සිතන්නේ මෙලෙස තමයි. ලෝකයෙන් මුලිනුපුටා දැමිය යුත්තේ මෙවන් අදහස් ය. (නි)
මෙයාලා වගේ කට්ටිය තව කොච්චර ඇද්ද? (නි)
මමනම් විශ්වාස කරන්නේ නැහැ ඒ කතාව (දී)
මට පේන්නෙ මෙයත් ඒතන ඉදල තියනව වගේ . නැත්තන් කොහොමද දන්නේ නේද ? (ස)
කීයටවත් නැහැ
මෙයාට හොඳටම පිස්ස , මේ වගේ අදහස් ලෝකයෙන් තුරන් කල යුතුයි (ස)
ලෝකෙම අවධානය ලක් වෙන කතාවක් (දී)
මෙයාල වගේ අයටද ආධ්‍යාත්මික ගුරු කියන්නේ. (ස)
දූෂණයට ලක්වන බව ස්ථිර නම් එයින් සතුටක් ලබන්න තිබුණා යැයි, ඔහු නොකිවුවා පූදුමයි. (නි)
මේ වගේ අයට දඩුවම් දෙන්න ඕන ඔක්කොටම කලින් (ස)
පිස්සු (ස)
මේ මනුස්සයා කියන්නේ වැරදි කර අය බබාලා කියලද ? (ස)
නැහැ ඉන්දීය සමාජයේ වරදින් (දී)
මෙයා හොඳයි ලංකාවට (ස)
මෙයාගේ මොලේ හොඳ නැද්ද කොහෙද ? (ස)
මෙයාට ඒ දේ වුණා නම් ඔහොම කියන එකක් නැහැ..ඒ වෙලාවෙ ඒ කෙල්ල කොච්චර නම් දුකක් වි‍්‍දින්න ඇද්ද? (ස)
මිනිස්සු ගහයි, ඔය වගේ කතා කියන්න එපා (දී)
දැඩි බරපතල ප්‍රකාශයක් (දී)
ගංගානම් ගඟ පටන් ගන්නේ මහා බ්‍රහ්මයාගේ සිරසින් කියල හිතන අය මීට වඩා මොනවා කියන්නද? (ස)
කට කපන්න එපැයි මේ කියන කතා වලට (ස)
මොකද්ද ඒ කතාව (දී)
මේ දවස්වල සීතල නිසා මොලේ බුරුල්වෙලා වෙන්න ඇති (ස)
ඒ ළමයාගේ වරදින් නොවෙයි සමාජයේ තියෙන නොහැදියාවෙන් (දී)
මම ඒ කියමනට 100% විරුද්දයි
කොහොමද එහෙම කියන්නේ (දී)
ඉතා ප්‍රබල කතාවක් (දී)
අනේ මෙයාගේ ආධ්‍යාත්මය කොහෙද දන්නේ නෑ.මේ කියපු කතාවෙන්ම වැටහෙනවා මෙයා කවුද කියලා . (ස)
අනේ මේ මිනිස්සුන්ගේ ලේ කෝප නොකර තමුන්ගේ වැඩක් බලාගන්නවද (ස)
නැත කොහොමත්ම නැත (දී)
පුදුම හතරබීරි කතාවක්නේ (දී)
ලස්සන බයිලා... (ස)
මෙයාට පිස්සුද ? (ස)
පුදුම පූජකයෙක්නේ (ස)
මෙයාගේ මොලේ මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා හොයලා බැලුවනම් හරි (ස)
පිස්සු (ස)
බරපතල ප්රකාශයක්
ඉන්දියාවේ ඔය වගේ අය තමයි ඉන්නේ (ස)
කවම දාකවත් එහෙම දෙයක් වෙන්නේ නැහැ (දී)
ඔන්න කියුවා කතාවක් (දී)
මමනම් ඒ කතාවට 1000% විරුද්දයි (දී)
ප්‍රබල කතාවක්, කාන්තාවන් වෙනුවෙන් එල්ලවූ දැඩි පහරක් (දී)
එහෙම කියන්න එපා (දී)
මතු පිට තේරුම නොවෙයි හොදින් හිතන්න එතුමා කියුවේ මොකද්ද කියලා (දී)
අපි සැම දෙනාගේම යුතුකම වන්නේ මෙවැනි දෙයක් අපේ රටේ සිදු නොවීමට වගබලා ගැනීම යනු මගේ හැඟීමයි !!! (නි)
මමනම් මොකුත් කියන්නේ නැහැ (දී)
ඔය වගේ කතා කියන්න එපා මොකද කවම දාකවත් කිසිම කෙනෙක් ඉල්ලාගෙන අතවර වෙන්නේ නැහැ (දී)
ගරු වුවත් ප්‍රකාශය අගරුයි. (නි)
මේ මනුස්සයා කියන කතාවේ පොඩි ඇත්තකුත් තිබෙනො. එම තරුණියට ඔවුන් දරුණු ලෙස පහරදීලා තිබෙන විදියෙන් හිතාගන්න පුළුවන් ඇය ඔවුන්ව දැඩි ලෙස තරහා යන විදියට හැසිරී ඇති බව. (නි)
එහෙම කියන එක අසාධාරණයි
මෙයාගෙනම් අධ්‍යාත්මය හොඳටම දියුණුයි කියලා පේනවා (ස)
නැහැ. ඒ කතාව වැරදි (දී)
ඇති ගුටි කෑවේ නැතුවා (දී)
මම මේ කතාවට විරුද්දයි (දී)
පූජකතුමෙක් මෙවන් ප්‍රකාශ කිරීමට පැමිණීම නිවැරදිද? (නි)
තවත් ආන්දෝලානාත්මක කතාවක් (දී)
එහෙම කියන එක 100% වැරදි. මම විරුද්දයි ඒ කතාවට (දී)
කිසිම තරුණියක් එකඟ වෙන එකක් නැහැ ඒ කතාවට (දී)
පූජක කමින් බඩ කට පුරවා ගන්නෝ මොලයක් නැතිව මිහිපිට ජීවත් වන්නෝ මේ වගෙ වචන මුව ඇර තව පවසන්නෝ වැදූ අම්මටත් නින්දාවන් ගෙනදෙන්නෝ (නි)
ඒ ළමයාට වූ දේ ගැන මට දුකයි (දී)