විද්‍යුත් මගින් ධාවනය වන ලොව වේගවත්ම මෝටර් රථය පසුගියදා එළිදැක්විණි.
ඇමරිකාවේ ඩිට්‍රොයිට් ඉලෙක්ට්‍රික් නම් සමාගමක් විසින් නිපදවා ඇති මේ මෝටර් රථයේ නම සදහන් වන්නේ එස්.පී 01 ලෙසය.මේ මෝටර් රථය 999 ක් වැනි සීමිත ප්‍රමාණයකින් නිපදවීමට නිෂ්පාදකයන් තීරණය කර ඇත.මෝටර් රථයේ මිල සදහන් වනුයේ ඇමරිකානු ඩොලර් 135”000 ක් ලෙසටය.
එන්ජිමක් වෙනුවට විදුලි මෝටර පද්ධතියක් ඇති සම්පූර්ණයෙන්ම වියළි කෝෂ ආධාරයෙන් ජව ගැන්වෙන මේ මෝටර් රථයේ උපරිම වේගය පැයට සැතැපුම් 155 කි.තත්පර 3.7 ක් ඇතුළත 0 සිට පැයට සැතපුම් 60 ක් දක්වා වේගය අත්කර ගැනීමටද මේ කාරය සමත් බව සදහන්ය.වියළි කෝෂ සම්පූර්ණයෙන් ආරෝපණය කිරීමෙන් පසු සාමාන්‍ය වේගයෙන් ධාවනය කරන්නේ නම් සැතැපුම් 190 ක් පමණ දුර යා හැකි බව මෙහි නිශ්පාදකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා හරියටම හරි.(නදී)
උපාලි ඔබ කියන දෙය ඇත්ත . එත් ඕව කිව්වම රටේ කොටසක් කියන්නේ ඔය දේසද්‍රෝහියෝ කියලයි.(නදී)
මාලා ඔබ හරි. ඔය වගේ අය තමයි ලංකවේ ඉන්න ඕනේ. (ස)
ඇයි මෝඩයෝ කියල ලියපු එකේ නැත්තේ ? අමල්.(නදී)
භාණ්ඩය නම් හොඳයි. ගණන ටිකකක් සැරයි. ඒ වුණාට අපේ අය නම් දැනටමත් ඇණවුම් කරලා ඇති. (නි)
ඇයි මාලා එහෙම කියන්නේ අපිටත් ඔය රජෙක් ඉන්නේ.(නදී)
අනේ මෙහෙමත් වැඩ... (නි)
දැන් බලන්න අමිත මේ දවස් වල තියන ආගමික වියරුව ගැන විදෙස් මාධ්‍යය කතා කරනවා. සමහරක් විදෙස් මාධ්‍ය කියන්නේ කහ ත්‍රස්තවාදේ කියලා. මේ වගේ ප්‍රශ්ක ලත් තැනම ලොප් නොකළ නිසා තමා අපිට එක එක රටවල් අත දාන්නේ. ඇයි අපි හැම දේටම කල් මරන්නේ. කෙලින් කතා නොකරන්නේ. (නදී)
තාක්ෂණය අතින් ඇමෙරිකාව ඉදිරියෙන් බව කවුරුත් දන්නවා. ඇමෙරිකාවට අපි විරෝධය පල කරන්නෙ ඇයි? 1. අවි ආයුධ අළෙවිය- අනවශ්‍ය යුධ වාතාවරන සිතාමතෙම රටවල් තුළ නිර්මාණය කිරීම. 2. දුප්පත් රටවලට ආධිපත්‍යය ගොඩනැගීම වැනි කරුනු නිසා මිසක් වෙන දෙයක් නොවේ. (නි)
නියමයිනේ, මේක ජනප්‍රිය වුනාම පරිසර දූෂනයට තිත තියන්න පුළුවන්. ඒ විතරක්ද තෙල් අර්බුදයට නියම විසුදුම තමයි.(නදී)
මටත් කියන්න තියෙන්නේ මේ ටිකම තමයි.(නදී)
කහ ත්‍රස්තවාදය ඒකත් නරකම නැහැ. දේශපාලක තුමන්ලා එකතුවෙලා අනේ අපේ ගමේ පන්සල් වල ඉන්න දවල් දානෙවත් හරියට නොලැබෙන සිවුරක් ගන්න වත්කමක් නැති හාමුදුරුවොත් විනාස කරල දාන්නද හදන්නේ.(නදී)
අහවලාගේ පුතා ඕඩර් කරන්න ඇති එයාට පළමුවැනි එක දෙන්න කියලා. (නි)
උපාලි, අපි දුර්වල් ජාතියක් කරලා තියෙන්නෙ අපේම අය නේද? ඇයි මෙහෙම වෙන්නෙ? මට නම් හිතෙන විදියට මූලිකම දේ අපේ ආකල්ප. අපේ වැඩිදෙනෙක් රජය හරි තව කවුරුහරි කරලා දෙනකල්ම බලාසිටිනවා. ආණ්ඩු වල අඩුපාඩු නැහැ කියනවා නෙමෙයි. නමුත් අපිට තනියම හදාගන්න පුලුවන් දේවලුත් තියෙනවා. බලන්න අපේ කීදෙනෙක් පාරවල් වල බීලා වැටිලා ඉන්නවද? කඩපිල් ගානෙ කතාකරකර ඉන්නවද? රාජ්‍ය සේවකයොත් අකාර්යක්ෂමයි. මොනදේටත් වර්ජන. අර ගීතයක් තියෙනවනෙ පිට දීප දේශ ... කියලා වසන්තා සදනායකගෙ. අපිට දේශපාලනයෙන් තොරවම ප්‍රතිපත්තියක්/කතිකාවක් කරගන්න බැරි ඇයි? (නි)
අපේ රටේ කොච්චර ඇමරිකන් විරෝධියෝ ඉන්නවද? හැබැයි පාපැදියක් හදා ගන්න බැහැ. කන්න අදින්න දෙන්නේ වෙන රටවල්. ගෑනු පිටරට වල වැඩට ඇරලා පිරිමි හන්දි ගානේ රස්තියාදු වෙනවා. කරන්නේ මේ වගේ දියුණු වෙන රටකට බැන බැන අපේ ඉතිහාසේ අර රජතුමා අරක හැදුවා, රාවනාට දඩු මොනරෙක් හිටියා කියා කියා පුරාජේරු ගහන එක. (නි)
අමිත දුප්පත් රටවලට ලොකු රටවල් අත දාන්නේ අපේ දුර්වල කමි නිසා. යුද්දේ ඉවර උනත් බෝට්ටුවලින් ගිහින් රස්සා ඉල්ලනවා. තාම දේසපාලන විසදුමක් නෑ, රටේ නීතියක් නෑ. එහෙ ඉන්න අයට හැම දාම සරණාගතයෝ වගේ එහෙ ඉන්න බැහැ . අපේ අය එන්න බැ කියනවා රස්සාවල් නෑ, ඉඩම් නෑ වගේ ප්‍රශ්න නිසා. කාගේද වරද?.(නදී)
මනෝජ්, ඔයත් සමහර දේවල් මතුපිටින් බලනවාවගේ. එදා බුදුහාමුදුරුවො වැඩ ඉන්නකොටත්, දේවදත්තල වගේ ශ්‍රමණයන් කොපමන හිටියද? හුගාක් චෝදනා එන්නෙ අබෞද්ධ අයගෙන් තමයි. ලෝකයෙ සාමකාමීම පිරිසක් ඉන්නෙ බෞද්ධයින් අතර. ගැටුම් අඩුයි. මේවගේ දේවල් නුරූස්සන අයත් ඉන්නව. අන්තවාදීන් කොතනත් සිටිනවා. අනිත් අතට එදාට වඩා අද ප්‍රචාරණය හුගක් ඉහලයි.(නදී)
ඇමති පුත්තුන්ට හොදයි රේස් පදින්න. (නි)
අමිතා හරියට හරි (නි)