IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


විකිලීක්ස් හැකර්කරු ලෙඩවෙයි

විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ගේ රෝහල් ගත කිරීමට ඉක්වදෝරය බි‍්‍රතාන්‍යය රජයෙන් අවසර ඉල්ලයි. ඉක්වදෝරය මේ ඉල්ලීම කර ඇත්තේ ලෝක ප‍්‍රසිද්ධියට පත් පරිගණක හැකර්කරුවා අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බැවින්ය. ජුලියන් අසාන්ගේ ස්වීඩන ජාතිකයෙකි.නමුත් ඔහු ජීවත් වන්නේ බි‍්‍රතාන්‍යයයේය.ඇමරිකා එක්සත් ජනපදය ඇතුලූ රටවල් රැසක අතිශය රහස්‍ය තොරතුරු ලෝකයා හමුවට ගෙන ඒමට හෙතෙම සමත් විය. ලෝක සාමය උදෙසා යැයි කියමින් තම ක‍්‍රියාකලාපය සාධාරණීකරණය කර ගැනීමට සමත් වුණු අසාන්ගේට ඔහු ස්වීඩනයේ සිටියදී සිදුකළේ යැයි කියන ලිංගික අපවාර සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා නැ`ගිණි. තමා නිවැරදි කරු බව ප‍්‍රකාශ කරයි. අසාන්ගේ සිය උපන් රට වන ස්වීඩනයට පිටුවහල් කිරීමට බි‍්‍රතාන්‍යය තීරණය කරන්නේ අපරාධය සිදුව ඇත්තේ එරටදී බැවිනි අසාන්ගේ ස්වීඩනයට පිටුවහල් කළහොත් ඇමරිකාවට ඔහු සිරභාරයට ගැනීමේ හැකියාව ඇත. ඒ ස්වීඩනය හා ඇමරිකාව අතර ඇති ගිවිසුම් හරහාය. මේ බව තේරුම් ගන්නා අසාන්ගේ බි‍්‍රතාන්‍යයයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ රැුකවරණය පතන්නේ ඉක්වදෝරය ඇතැම් අන්තර්ජාතික සම්මුතීන්ට එළැඹ නොමැති බැවින් කිසිවෙකුටත් බලපෑම් එල්ල කළ නොහැකි වීම හේතු කරගෙනය.ඔහු එහි රැදී සිටින්නේ පසුගිය ජූනි මාසයේ සිටය. එවක පටන් බි‍්‍රතාන්‍යය පොලිසිය ඉක්වදෝර තානාපති කාර්යාලය ඉදිරිපස නිරන්තර සෝදිසියේ යෙදී සිටී.ඒ අසාන්ගේ එළියට පැමිණෙන අවස්ථාවක් වේ නම් ඔහු වහා අල්ලා ගැනීමටය. කෙසේ වුවද ඉක්වදෝරය අසාන්ගේ ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිඹද තමන් දැනුවත් කර නැතැයි පවසන බි‍්‍රතාන්‍යය බලධාරීහු තත්ත්වය බරපතල නම් අවශ්‍ය ප‍්‍රතිකාර ලබා දීමට පියවර ගත හැකි බව පවසති.



අදහස් (0)

විකිලීක්ස් හැකර්කරු ලෙඩවෙයි

අසිත Thursday, 25 October 2012 03:07 PM

හොද මනුස්සයෙක් අප්පා. (නි)

:       0       0

ශලිනි Friday, 26 October 2012 10:20 AM

හරි දැන් මෙතන අදහස් දමන අය කියන්නෙ එයා වීරයෙක් කියලනෙ,එතකොට එයා ලංකාව ගැන හෙළිකරපු යුධ රහස් ගැන කියන්නෙ මොනවද? දන්නෙ නැත්තම් හෙළි කරපු රහස් වාර්තා වල ලංකාව සර්ච් කරන්න. ඕනෑම රටකට තමන්ට කියලා පුද්ගලිකත්වයක් තියෙනවා. (නි)

:       0       0

නජිත් Thursday, 25 October 2012 08:50 PM

ඇමරිකාවට ආවැඩුවා නම් ඔය මුකුත්ම ප්‍රශ්න නැහැ. (නි)

:       0       0

සතිෂ් Thursday, 25 October 2012 10:01 PM

ඔවු අප්පා. නියම කෙනෙක්. (නි)

:       0       0

බමුණුසිංහ Friday, 26 October 2012 07:51 AM

මේ වගේ අය ලෝකයට අවශ්‍යයි. (නි)

:       0       0

ජීවා Friday, 26 October 2012 08:32 AM

ඔහු ඕස්ට්‍රේලියානුවෙක්. (නි)

:       0       0

බුද්ධි ඕස්ට්‍රේලියා Thursday, 25 October 2012 02:28 PM

ඹහූ ඕස්ට්‍රේලියා ජාතිකයෙකි..(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site