විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ගේ රෝහල් ගත කිරීමට ඉක්වදෝරය බි‍්‍රතාන්‍යය රජයෙන් අවසර ඉල්ලයි. ඉක්වදෝරය මේ ඉල්ලීම කර ඇත්තේ ලෝක ප‍්‍රසිද්ධියට පත් පරිගණක හැකර්කරුවා අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බැවින්ය. ජුලියන් අසාන්ගේ ස්වීඩන ජාතිකයෙකි.නමුත් ඔහු ජීවත් වන්නේ බි‍්‍රතාන්‍යයයේය.ඇමරිකා එක්සත් ජනපදය ඇතුලූ රටවල් රැසක අතිශය රහස්‍ය තොරතුරු ලෝකයා හමුවට ගෙන ඒමට හෙතෙම සමත් විය. ලෝක සාමය උදෙසා යැයි කියමින් තම ක‍්‍රියාකලාපය සාධාරණීකරණය කර ගැනීමට සමත් වුණු අසාන්ගේට ඔහු ස්වීඩනයේ සිටියදී සිදුකළේ යැයි කියන ලිංගික අපවාර සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා නැ`ගිණි. තමා නිවැරදි කරු බව ප‍්‍රකාශ කරයි. අසාන්ගේ සිය උපන් රට වන ස්වීඩනයට පිටුවහල් කිරීමට බි‍්‍රතාන්‍යය තීරණය කරන්නේ අපරාධය සිදුව ඇත්තේ එරටදී බැවිනි අසාන්ගේ ස්වීඩනයට පිටුවහල් කළහොත් ඇමරිකාවට ඔහු සිරභාරයට ගැනීමේ හැකියාව ඇත. ඒ ස්වීඩනය හා ඇමරිකාව අතර ඇති ගිවිසුම් හරහාය. මේ බව තේරුම් ගන්නා අසාන්ගේ බි‍්‍රතාන්‍යයයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ රැුකවරණය පතන්නේ ඉක්වදෝරය ඇතැම් අන්තර්ජාතික සම්මුතීන්ට එළැඹ නොමැති බැවින් කිසිවෙකුටත් බලපෑම් එල්ල කළ නොහැකි වීම හේතු කරගෙනය.ඔහු එහි රැදී සිටින්නේ පසුගිය ජූනි මාසයේ සිටය. එවක පටන් බි‍්‍රතාන්‍යය පොලිසිය ඉක්වදෝර තානාපති කාර්යාලය ඉදිරිපස නිරන්තර සෝදිසියේ යෙදී සිටී.ඒ අසාන්ගේ එළියට පැමිණෙන අවස්ථාවක් වේ නම් ඔහු වහා අල්ලා ගැනීමටය. කෙසේ වුවද ඉක්වදෝරය අසාන්ගේ ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිඹද තමන් දැනුවත් කර නැතැයි පවසන බි‍්‍රතාන්‍යය බලධාරීහු තත්ත්වය බරපතල නම් අවශ්‍ය ප‍්‍රතිකාර ලබා දීමට පියවර ගත හැකි බව පවසති.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද මනුස්සයෙක් අප්පා. (නි)
හරි දැන් මෙතන අදහස් දමන අය කියන්නෙ එයා වීරයෙක් කියලනෙ,එතකොට එයා ලංකාව ගැන හෙළිකරපු යුධ රහස් ගැන කියන්නෙ මොනවද? දන්නෙ නැත්තම් හෙළි කරපු රහස් වාර්තා වල ලංකාව සර්ච් කරන්න. ඕනෑම රටකට තමන්ට කියලා පුද්ගලිකත්වයක් තියෙනවා. (නි)
ඇමරිකාවට ආවැඩුවා නම් ඔය මුකුත්ම ප්‍රශ්න නැහැ. (නි)
ඔවු අප්පා. නියම කෙනෙක්. (නි)
මේ වගේ අය ලෝකයට අවශ්‍යයි. (නි)
ඔහු ඕස්ට්‍රේලියානුවෙක්. (නි)
ඹහූ ඕස්ට්‍රේලියා ජාතිකයෙකි..(නු)