ජුලියන් ඇසෙන්ගේ ‘විකිලීක්ස්’ වෙබ් අඩවියට ඇමෙරිකා හමුදාවේ රහස් තොරතුරු ලබා දුන්නැයි චෝදනා ලැබ මීට තෙවසරකට පෙර අත්අඩංගුවට ගැනුණු ඇමෙරිකා සෙබළ බ‍්‍රැඞ්ලි මෑනිංගේ නඩු විභාගය අද (3) දිනයේ දී ඇරැඹීමට නියමිතය.
අත්අඩංගුවට ගත් දිනයේ සිට මෑනිං රඳවා තැබුණේ ඇමෙරිකානු හමුදා කඳවුරකය. එහිදී ඔහු නොයෙක් ආකාරයේ වධබන්ධනයන්ට ලක් වූ බව ද පැවැසිණි.
අධිකරණය හමුවේ වරදකරු වුවහොත් මෑනිංන්ට වසර 154 ක සිර දඬුවමක් ලැබෙනු ඇත.
මෑනිං වහා නිදහස් කරන්නැයි බල කරමින්, ඇමෙරිකා මානව කි‍්‍රයාකාරීහු පිරිසක් වොෂින්ටන් නුවර විරෝධතා රැුලියක් ද පැවැත්වූහ.