විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් ඇසෙන්ජ්ට දකුණු ඇමෙරිකා රටක් වන එක්වදෝරයේ දේශපාලන රැකවරණ හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ඇසෙන්ජ් වෙනුවෙන් පෙනී සිටින ඔහුගේ නීතීඥ ජෙනිෆර් රොබින්සන් පවසයි.
ඇසෙන්ජ් එක්වදෝරයේ ආරක්ෂාව ඉල්ලා සිටියේ ඔහු ස්වීඩනයට පිටුවහල් කළ යුතු යැයි බි‍්‍රතාන්‍ය අධිකරණයක් පසුගිය දා තීරණය කිරීමත් සමඟය.
ඇසෙන්ජ් මේ වනවිට රැඳී සිටින්නේ ලන්ඩන් නුවර එක්වදෝර තානාපති කාර්යාලයේය. ඔහු එයින් පිටතට පැමිණියහොත් ඔහු අත්අඩංගුවට ගෙන ස්වීඩනයට පිටුවහල් කිරීමට බි‍්‍රතාන්‍ය රජය සූදානමින් සිටී.
ඇසෙන්ජ්, මීට වසර කිහිපයකට පෙර ස්වීඩනයේ ජීවත් වෙද්දී එරට ස්වීඩන කාන්තාවන් දෙදෙනක අපහරණයට ලක් කළේ යැයි චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයක් පැවැත්වීමට නියමිතය. එම නඩුවිභාගයට පෙනී සිටීම සඳහා ඇසේනජ් ස්වීඩනයට පිටුවහල් කළ යුතු යැයි බි‍්‍රතාන්‍ය අධිකරණයක් තීන්දු කළේ මීට සති කීපයකට පෙරය.
එම නඩු තීන්දුවට එරෙහි අභියාචනා ඉදිරිපත් කළත් ඒවා අසාර්ථක විය. ඇසෙන්ජ් පවසන්නේ එය ව්‍යාජ නඩු විභාගයක් බවත් තමා ස්වීඩනයට පිටුවහල් කිරීම මගින් ඇමෙරිකාව තමන් ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට කුමන්ත‍්‍රණය කරන බවත්ය.
ඕස්ටේ‍්‍රලියා ජාතිකයකු වන ඇසෙන්ජ් ඇමෙරිකාවේ උදසහට ලක් වී සිටින්නේ ඇමෙරිකා රාජ්‍ය සහ යුද රහස් විකිලීක්ස් හරහා ලොවට හෙළි කිරීම හේතුවෙනි.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් සහෝදරයා .. ඔහු ගොඩක් බුද්ධිමත් වීරයෙක් . සුභ පැතුම්
ඔබ වීරයක්! ජය වේවා ! නොදන්නා ගොඩාක් දේවල් අපි දැනගත්ත .