විකිලීක්ස් වෙබ් අඩවි නිර්මාතෘ ජුලියන් ඇසෙන්ජ් පෙරේදා (19) ලන්ඩන් නුවර ඉක්වදෝර තානාපති කාර්යාලයට ගොස් තමාට ඉක්වදොර්යේ දේශපාලන රැකවල් ලබා දෙන්නැයි ඉල්ලීමක් කළේය. ඔහුගේ එම ඉල්ලීමට හේතු වූයේ ඇසෙන්ජ් ස්වීඩනයට පිටුවහල් කළ යුතු යැයි බි‍්‍රතාන්‍ය අධිකරණයක් පසුගිය දා තීරණය කිරීමත් සමඟය. ඇසෙන්ජ්, මීට වසර කිහිපයකට පෙර ස්වීඩනයේ ජීවත් වෙද්දී එරට ස්වීඩන කාන්තාවන් දෙදෙනකු අපහරණයට ලක් කළේ යැයි චෝදනා එල්ල වී තිබේ. ඒ සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වීමට නියමිත අතර ඊට පෙනී සිටීම සඳහා ඇසේනජ් ස්වීඩනයට පිටුවහල් කළ යුතු යැයි බි‍්‍රතාන්‍ය අධිකරණයක් තීන්දු කළේ මීට සති කීපයකට පෙරය.
1
ලාල්කාන්ත ඇමැතිතුමා යනවට නම් ජනාධිපතිතුමා කැමැතිවෙන එකක් නෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd