ලෝකයේ පුදුම 7 න් එකක් සේ සැළැකෙන ඊජිප්තුවේ පිරමීඩ මත සිට ගත් ඡායාරූප එකතුවක්

අන්තර්ජාලය වෙත එක් කිරීමට රුසියා ජාතික ඡායාරූප ශිල්පීන් පිරිසක් කටයුතු කර ඇත.

මේ පිරමීඩ ‘‘තරණය‘‘කිරීම තහනම් වන අතර ඊට හේතුව ලෙස ඊජිප්තු බළධාරීන් සදහන් කරනුයේ වසර ගණනාවක් පැරණි බැවින් තරණය කිරීමට යාමේදී පිරමීඩයේ ව්‍යුහයට හානි සිදුවන බවයි.සංචාරකයන් පිරමිීඩ තරණය කරනු වැළැක්වීමට ආරක්ෂක සේවයක්ද ක්‍රියාත්මක අතර ඔවුන්ගේ ඇසට වැලි ගසා කෙසේ හෝ පිරමීඩ තරණය කිරීමට මේ තරුණ රුසියා ජාතික ඡායාරූප ශිල්පීන් පිරිස සමත්ව ඇත.ඔවුන්ගේ වැඩි අවධානයට ලක්ව ඇත්තේ පිරමීඩ සමූහය අතුරින් පැරණිතම එක ලෙස සැළැකෙනගයිසා පිරමීඩයයි.

ඊජිප්තුවේ පිරමීඩ අතුරින් පැරණිතම සේ සැළැකෙන ගයිසා පිරමීඩය අඩි 455 ක් පමණ උස් වන අතර එය සෑදීම සදහා ගල් කුට්ටි ලක්ෂ 23 ක් පමණ යොදාගෙන ඇතැයි සදහන්ය.අතීතයේ ඊජිප්තුව පාලනය කළ පාරාවෝවරුන් හා ඔවුන්ගේ සමිපතමයන්  මියගිය  පසු සිරුරු වළදැමීමේ සිරිතක් ඊජිප්තු ජනයා අතර නොවිණි.ඒ වෙනුවට ඔවුන් කළේ මෘත ශරීරයබෙහෙත් ගල්වා සංරක්ෂණය කර එය පිරමීඩ ලෙස හැදින්වූ සොහොන් ගැබේ තැන්පත් කිරීමයි.එවක ඊජිප්තුවේ විශ්වාසය වූයේ මරණින් පසු මියගිය තැනැත්තාගේ ආත්මයෙන් කොටසක් මළ ශරීරයේ රැදෙන බවයි.එනිසා ශරීරය සංරක්ෂණය කර තබා ගැනීමට ඔවුන් පුරුදුව සිටියේ මියගිය තැනැත්තා යළි ඉපදුණහොත් යන සැකය පදනම් කරගෙනය.