ලෝකයේ පුදුම 7 න් එකක් සේ සැළැකෙන ඊජිප්තුවේ පිරමීඩ මත සිට ගත් ඡායාරූප එකතුවක්
අන්තර්ජාලය වෙත එක් කිරීමට රුසියා ජාතික ඡායාරූප ශිල්පීන් පිරිසක් කටයුතු කර ඇත.
මේ පිරමීඩ ‘‘තරණය‘‘කිරීම තහනම් වන අතර ඊට හේතුව ලෙස ඊජිප්තු බළධාරීන් සදහන් කරනුයේ වසර ගණනාවක් පැරණි බැවින් තරණය කිරීමට යාමේදී පිරමීඩයේ ව්‍යුහයට හානි සිදුවන බවයි.සංචාරකයන් පිරමිීඩ තරණය කරනු වැළැක්වීමට ආරක්ෂක සේවයක්ද ක්‍රියාත්මක අතර ඔවුන්ගේ ඇසට වැලි ගසා කෙසේ හෝ පිරමීඩ තරණය කිරීමට මේ තරුණ රුසියා ජාතික ඡායාරූප ශිල්පීන් පිරිස සමත්ව ඇත.ඔවුන්ගේ වැඩි අවධානයට ලක්ව ඇත්තේ පිරමීඩ සමූහය අතුරින් පැරණිතම එක ලෙස සැළැකෙනගයිසා පිරමීඩයයි.
ඊජිප්තුවේ පිරමීඩ අතුරින් පැරණිතම සේ සැළැකෙන ගයිසා පිරමීඩය අඩි 455 ක් පමණ උස් වන අතර එය සෑදීම සදහා ගල් කුට්ටි ලක්ෂ 23 ක් පමණ යොදාගෙන ඇතැයි සදහන්ය.අතීතයේ ඊජිප්තුව පාලනය කළ පාරාවෝවරුන් හා ඔවුන්ගේ සමිපතමයන් මියගිය පසු සිරුරු වළදැමීමේ සිරිතක් ඊජිප්තු ජනයා අතර නොවිණි.ඒ වෙනුවට ඔවුන් කළේ මෘත ශරීරයබෙහෙත් ගල්වා සංරක්ෂණය කර එය පිරමීඩ ලෙස හැදින්වූ සොහොන් ගැබේ තැන්පත් කිරීමයි.එවක ඊජිප්තුවේ විශ්වාසය වූයේ මරණින් පසු මියගිය තැනැත්තාගේ ආත්මයෙන් කොටසක් මළ ශරීරයේ රැදෙන බවයි.එනිසා ශරීරය සංරක්ෂණය කර තබා ගැනීමට ඔවුන් පුරුදුව සිටියේ මියගිය තැනැත්තා යළි ඉපදුණහොත් යන සැකය පදනම් කරගෙනය.
2025 ඔක්තෝබර් මස 08
1650
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1399
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
499
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලස්සන වුනත් වැඩේ වැරදි
ගයාන් Tuesday, 26 March 2013 11:06 PM
ඉතින් ඒ පිරමිඩ උඩට නග්ගාට මොකද්ද තියෙන වැරැද්ද (දී)
පාලිත Tuesday, 26 March 2013 03:08 PM
ඒ පිරමිඩ නම් ඉතා විශාලයි, එසේම ඉතා විශිෂ්ටයි (දී)
දයා Tuesday, 26 March 2013 03:15 PM
මෙසේ නොකර ගුවනේ සිට ඡායාරූප ගන්න තිබුනා නේද?(නදී)
සෙනවිරත්න බංඩාර Wednesday, 27 March 2013 11:16 AM
කොහෙමෙත් යුරෝපා මිනිසුන්ට පෙරදිග රටක සංස්කෘතියේ කිසිම වටිනාකමක් නැහැ. අපරදිග අය ඉතිහාසයේ අපේ රටවලට කල විනාශයත් බෙහොමයි.(නදී)
විමල් Thursday, 28 March 2013 04:59 AM
වටිනා ඡායාරූප ටිකක්. (නි)
ධනු Friday, 29 March 2013 07:23 PM
හොද වැඩකාරයෙක් තමයි.(නදී)