IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


ලොව බලවත්ම කාන්තාවෝ දෙදෙනා හිලරි ක්ලින්ටන්-ඇන්ජෙලා මාකෙල්

ලෝ සුපතළ ෆෝබ්ස් සඟරාව, 2012 වසර සඳහා ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනාගේ නම් ලැයිස්තුව පෙරේදා (22) ප‍්‍රකාශයට පත් කළ අතර එහි පළමු සහ දෙවැනි ස්ථාන හිමිකර ගෙන සිටින්නේ ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ය. ව්‍යාපාරික සඟරාවක් වන ෆෝබ්ස් සඟරාව විසින් සෑම වසරකම ලොව ප‍්‍රබලතම කාන්තාවන් 100 දෙනකු තෝරනු ලබයි. දේශපාලන, ව්‍යාපාරික, මාධ්‍ය, ආදී විවිධ ක්ෂේත‍්‍ර කිහිපයකින් එම 100 දෙනා තෝරා ගැනෙයි. ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මාකෙල් ඉකුත් වසරේ ද පළමු ස්ථානයට පත් වූවාය. යුරෝපය මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ යුරෝපා සංගමය ඉදිරියට ගෙන යෑමට ඇයගෙන් සිදුවන මෙහෙවර ඇඟයීමට ලක් කරමින් ෆෝබ්ස් සගරාව ඇය පළමු තැනට පත් කර ඇත. මේ වසරේ තෙවැනි ස්ථානයේ සිටින්නේ බ‍්‍රසීලයේ ජනාධිපති දිල්මා රූසෙෆ්ය. ඊට අමතරව ඇමෙරිකා ජනපති ආර්යාව මිෂෙල් ඔබාමා, ඉන්දියාවේ කොංග‍්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි, පොප් ගායිකා ලේඞී ගාගා සහ ජෙනිෆර් ලෝපෙස් ද එම ප‍්‍රබල කාන්තාවන් 100 දෙනා අතර සිටිති.



අදහස් (0)

ලොව බලවත්ම කාන්තාවෝ දෙදෙනා හිලරි ක්ලින්ටන්-ඇන්ජෙලා මාකෙල්

අමිල කටුනායක Saturday, 25 August 2012 07:56 AM

නියම කාන්තාවන් දෙදෙනෙක්..!(නු)

:       0       0

ප්‍රවීන් Sunday, 26 August 2012 12:53 PM

කොහොමද වැඩේ

:       0       0

තිසර Saturday, 25 August 2012 10:09 AM

අපේ අම්මා තමයි මටනම් අංක 1 (ස)

:       1       0

චරිත් Saturday, 25 August 2012 10:16 AM

අපේ රටෙත් සුපිරි කාන්තාවෝ කොපමණ නම් ඉන්නවද? (නි)

:       0       0

කුමාර Monday, 27 August 2012 02:17 AM

මගේ බිරියයි අංක එකේ බලවත්ම කාන්තාව වෙන්නේ. (නි)

:       0       0

දයා-සවුදි Sunday, 26 August 2012 01:50 PM

මොවුන් සියල්ලන්ම විවාහකද? (නි)

:       0       0

සුධර්ම Saturday, 25 August 2012 08:47 PM

මේ අරයා නැද්ද මෙයාල? (නි)

:       0       0

ගංගා Friday, 24 August 2012 10:05 PM

ඇයි පැමෙලා ඇන්ඩසන් ?!!!

:       0       0

චමින්ද Friday, 24 August 2012 10:07 PM

අපේ ජයලලිතා නැද්ද ඕකේ, ඉන්නම ඕනෑනේ.අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

සුනිල් Saturday, 25 August 2012 12:29 PM

ලෝකෙන් කොහොම වෙතත් පරලෝකෙන් නම් අපේ අය අංක එක වෙනවා (නි)

:       0       0

රසිකා Sunday, 26 August 2012 06:49 AM

අපේ ලංකාවේ එක් කෙනෙකුටවත් ඇතුළත් වෙන්න බැරි වුණාද? (නි)

:       0       0

රාමනායක Monday, 27 August 2012 10:11 AM

කොහොමද එහෙම බලවත් වෙලා තියෙන්නේ? (නි)

:       0       0

නීලා Friday, 24 August 2012 02:32 PM

මොනිකා කී වෙනි ස්ථානයද ? (ස)

:       0       0

කොඩිතුවක්කු Saturday, 25 August 2012 03:14 AM

ඒවුණාට අපේ කාන්තාවෝ මීටවැඩිය හොදයි මට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1834 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1481 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 526 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site