තමන්ට බෙදා දීමට ලැඛෙන ලියුම් හා පාර්සල් සිය ගෙවත්තේ වළ දැමීමට පුරුදුව සිටි බ්‍රිතාන්‍යය ජාතික ලියුම බෙදන්නෙකුට වැඩ වැරදී තිබේ.

ලියුම් හා පාර්සල් ටික දිනෙක සිට නොලැබෙන බව වැසියෝ  පොලිසියට පැමිණිලි කළහ. පරීක්ෂණ ආරම්භ කළ පොලිසියට ‘‘තැපැල් මාමා‘‘ගේ ගෙවත්තේ වළ දමා තිබූ ලියුම් හා මලූ තොගය සොයා ගැනීමට හැකිවිය.

ලියුම් 29,000 ක් පමණ සොයා ගැනීමටපොලිසිය සමත් විය.

නිදහසට කරුණු විමසූ විට ජබූර් හිසන් නම් මේ ලියුම් ඛෙදන්නා පවසා ඇත්තේ තමන්ට දරු පවුලක්ද නඩත්තු කිරීමට ඇති බැවින් දෛනිකව රාජකාරියේ යෙදීම අපහසු බවයි.තමන් වළ දැමූයේ බිල්පත් වැනි ‘‘අනවශ්‍ය‘‘ ලියුම් පමණක් බවද ඔහු කියා තිබේ.නමුත් පොලිසිය පවසන්නේ වැදගත් හා රහස්‍ය කරුණු අඩංගු ලියුම්ද තමන්ට සොයාගත හැකිවූ බවයි.

තම රාජකාරිය පැහැර හැරීම යන චෝදනාවට වරද පිළිගත් ජබූර්ට මාස 8 ක සිර දඩුවමක් නියමව තිබේ.