IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලියුම් වළට බෙදා හිරේ යයි

තමන්ට බෙදා දීමට ලැඛෙන ලියුම් හා පාර්සල් සිය ගෙවත්තේ වළ දැමීමට පුරුදුව සිටි බ්‍රිතාන්‍යය ජාතික ලියුම බෙදන්නෙකුට වැඩ වැරදී තිබේ.

ලියුම් හා පාර්සල් ටික දිනෙක සිට නොලැබෙන බව වැසියෝ  පොලිසියට පැමිණිලි කළහ. පරීක්ෂණ ආරම්භ කළ පොලිසියට ‘‘තැපැල් මාමා‘‘ගේ ගෙවත්තේ වළ දමා තිබූ ලියුම් හා මලූ තොගය සොයා ගැනීමට හැකිවිය.

ලියුම් 29,000 ක් පමණ සොයා ගැනීමටපොලිසිය සමත් විය.

නිදහසට කරුණු විමසූ විට ජබූර් හිසන් නම් මේ ලියුම් ඛෙදන්නා පවසා ඇත්තේ තමන්ට දරු පවුලක්ද නඩත්තු කිරීමට ඇති බැවින් දෛනිකව රාජකාරියේ යෙදීම අපහසු බවයි.තමන් වළ දැමූයේ බිල්පත් වැනි ‘‘අනවශ්‍ය‘‘ ලියුම් පමණක් බවද ඔහු කියා තිබේ.නමුත් පොලිසිය පවසන්නේ වැදගත් හා රහස්‍ය කරුණු අඩංගු ලියුම්ද තමන්ට සොයාගත හැකිවූ බවයි.

තම රාජකාරිය පැහැර හැරීම යන චෝදනාවට වරද පිළිගත් ජබූර්ට මාස 8 ක සිර දඩුවමක් නියමව තිබේ.

 



අදහස් (0)

ලියුම් වළට බෙදා හිරේ යයි

ගාමිණී Tuesday, 19 February 2013 12:17 PM

ලසන්ත මල්ලී, අපේ අය ඔය වගේ වැඩ කරන්නේ නැහැ. (නදී)

:       0       0

චාමි Tuesday, 19 February 2013 02:18 PM

තැපැල් මාමේ, ඔයාගේ වැඩේ නම් වැරදියි. (නි)

:       0       0

සිරිමල් Tuesday, 19 February 2013 02:29 PM

එංගලන්තයේ මේ වගේ රස්සාවල් සේරම කරන්නේ රුමේනියාව, පෝලන්තය, ඉතියෝපියාව, ඇෆ්ගනිස්තානය, සුමාලියාව වගේ රටවලින් පැමිණ ඉන්න සරණාගතයෝයි. ඔවුන්ට ඉංග්‍රීසි ජාතිකයන් සතු හැදියාව ගුණගරුකකම හෝ දැනුම වගේ දේවල් ගෑවිලාවත් නැහැ. එංගලන්තය දැන් තුන්වෙනි ලෝකයේ රටක තත්වයට වැටීගෙනයි යන්නේ. ලන්ඩන් නුවර කොළඹ වගේ තමයි. සියයට හැත්තෑවක් ඉන්නේ ඉහත කී රටවලින් ආ අයයි. (නි)

:       0       0

නීලා Tuesday, 19 February 2013 03:11 PM

කොහොමද වැඩේ? විශිෂ්ටයි සර්. කොහොමද දඩුවම? අති විශිෂ්ටයි සර්. (නි)

:       0       0

චූල Tuesday, 19 February 2013 10:25 AM

තැපැල් ඇමතිතුමා උදව් කරන්න බැහැ කිව්වද ? (ස)

:       0       0

ලලිත් කටාර් Tuesday, 19 February 2013 10:25 AM

වෘත්තීය සමිතියට දාලා උද්ඝෝෂණයක් කරන්න. (ස)

:       0       0

ලසන්ත Tuesday, 19 February 2013 10:48 AM

ලංකාවෙන් ගිය කෙනෙක්ද? නමත් සුදු නමක් නෙමෙයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site