අපි‍්‍රකා රාජ්‍යයක් වන සියේරා ලියෝන්හි 1991 වසරේ සිට 2009 තෙක් කාලයේ පැවැති සිවිල් යුද්ධයේදී දියමන්ති ලබා ගැනීමට එරට කැරැලිකරුවන්ට ආයුධ සපයා දී, මහා පරිමාණයේ මිනිස් ඝාතන සිදු කිරීමට අනුබල දීමේ චෝදනා මත, ලයිබීරියාවේ හිටපු ජනාධිපති චාල්ස් ටේලර්ට, 50 වසරක සිර දඬුවමක් පැමිණවීමට නෙදර්ලන්තයේ එක්සත් ජාතීන්ගේ යුද අපරාධ අධිකරණය පෙරේදා (30) පියවර ගත්තේය.
යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ සිදු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් 64 හැවිරිදි හිටපු ජනපතිවරයාට එල්ල කරන ලද චෝදනා 11 ක් ඔප්පු වී ඇති බව එක්සත් ජාතීන්ගේ යුද අපරාධ අධිකරණය ප‍්‍රකාශ කළේ ඉකුත් මාසයේදීය. ඒ වෙනුවෙන් ඔහුට දඬුවම් නියම කෙරුණේ පෙරේදාය.
තමන්ට අවි ලබා දීම වෙනුවෙන් ටේලර්ට වන්දි වශයෙන් දියමන්ති පිරි නැමීමට සියේරා ලියෝන් කැරැුලිකරුවන් කටයුතු කර තිබේ. කැරැලිකරුවන්ගේ බලය පවතින ප‍්‍රදේශවල පතල්වලින් දියමන්ති ලබා ගැනීමට සියේරා ලියෝන් වැසියන් වහලූන් ලෙස යොදා ගත් බව ද වාර්තා වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ලයිබීරියා හිටපු ජනපතිට වසර 50 ක සිරදඬුවමක්