ඇමෙරිකාවේ නිව්යෝක් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි නගර රික්ටර් මාපකයේ ඒකක 4.8ක භූ කම්පනයකින් දෙදරා ගියේය.
එරට වේලාවෙන් උදෑසන 10.23 ට පමණ හටගත් එම කම්පනය ෆ්ලොරීඩා සිට නිව්යෝක් දක්වා දැනුණු බව ද පැවැසෙයි. පසු කම්පන 11 ක් ද හට ගැනුණි.
ගෙවුණු දශක පහක කාලය තුළ කලාපයෙන් වාර්තාවූ තෙවන විශාලතම භූ කම්පනය මෙය යැයි ද පැවැසෙයි.
භූමි කම්පාවෙන් ජීවිත හානි හෝ දේපොල හානි හෝ සිදුවූයේ නැත. කෙසේ නමුත් එයින් නිව්යෝක් නුවර ලිබර්ටි දූපතේ දූපතේ පිහිටි ලිබර්ටි ප්‍රතිමාව දෙදරා ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රතිමාව සෙලවුණු බව තමයි ඉංග්‍රීසි ප්‍රවෘත්ති වල තියෙන්නෙ. ප්‍රතිමාවේ දෙදරුම් හෝ පැලුම් ඇතිවෙලා ඊට හානියක් වූ බව නම් නෑ.
ජනාධිපති කොමිසමක් ලංකාවෙන් දාන්න වෙයිද මන්දා?
දෙදරනවා කියන්නේ පැලුම් ඇතිවෙනවාට නොවෙයි. දෙදරනවා කියන්නේ වේගයෙන් සෙලවීමකටයි...