IMG-LOGO

2025 සැප්තැම්බර් මස 01 වන සඳුදා


ලිබියාවේ බෙන්ගාසි නුවර කාර් බෝම්බයක් පිපිරේ

ලිබියාවේ බෙන්ගාසි නුවර රෝහලක් ඉදිරිපිට ඊයේ (14) කාර් බෝම්බයක් පුපුරා ගියේය. බෝම්බ ප‍්‍රහාරයෙන් 15 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බවත් 25 දෙනකු පමණ තුවාල ලැබූ බව ආරක්ෂක අංශ පවසයි.
ප‍්‍රහාරයේ වගකීම තවමත් කිසිදු පාර්ශ්වයක් විසින් බාර ගනු ලැබ නැත. ලිබියානු රජය පවසන්නේ එය තමන්ට විරෝධය දක්වන  කැරැලිකාර කණ්ඩායමක් විසින් සිදු කරන්න ඇතැයි කියාය.
ගඩාෆි පාලනය අවසන් කිරීමට ආයුධ අතට ගත් එම කැරැලිකාර කණ්ඩායම් ආයුධ බිම දැමීම ප‍්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් ගඩාෆිගේ පාලනය අවසන් වීමෙන් පසු පිහිටුවා ඇති නව රජයට එරෙහිව කටයුතු කරයි.



අදහස් (0)

ලිබියාවේ බෙන්ගාසි නුවර කාර් බෝම්බයක් පිපිරේ

අමරසේන Wednesday, 15 May 2013 08:07 PM

‍ලෝකය තුල යුද්ධයක් ඇති නොවීමට කටයුතු කිරීම ඇමරිකාව ඇතුළු බලවත් රටවල වගකිව යුත්තන්ගේ යුතුකමක්.(නදී)

:       0       0

චූලා Wednesday, 15 May 2013 08:14 PM

මේ හැමදේටම මුල අර ගඩාෆි කියන කෙනා.ලෝකේ තෙල් සම්පතින් 3වෙනි තැන හිටියත් ගඩාෆි අවුරුදු 40 බලේ හිටියත් රටේ ඉන්නේ හිගන්නෝ.රුසියාවට කියලා රත්තරන් වලින් ප්ලේන් එකක් හදා ගත්තා.විවිධ පෙනුමින් යුතු කාන්තාවෝ 400 හිටියා.ඉතින් මිනිස්සු ආධාර ඉල්ලගෙන ඇමරිකාවට නොයා ලංකාවටද එන්නේ. (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 15 May 2013 09:17 PM

චුලා මෝඩ කතා කියන්න එපා. හොයලා බලන්න ගඩාෆි මොනවද ඒ රටේ අයට දුන්නේ කියලා. හැම අලුත විවාහ උන පව්ලකටම නිවසක් දුන්නා. රටේ විකුණන හැම තෙල් බැරල් එකකින්ම කොටසක් සෑම රට වැසියෙක් ගේම බැංකු ගිණුමකට බැරවෙනවා. ලෝකෝ තියෙන දියුණුම පානීය ජල ප්‍රවාහන ක්‍රමයක් හදුන්වලා දුන්නා. ඉගෙන ගන්න පිටරට යන හැම පුර වැසියෙක්ටම රජයෙන් වියදම් කලා. නොමිලේ බෙහෙත් දුන්නා. ඔය කියන හිගන්නෝ ඒ රටේ හිටියේ නැහැ ඒ කාලේ. අනෙක ඇමෙරිකාව ලිබියාවට ගහන්න ඇත්ත හේතුව බොහොම වෙනස් එකක් එක හොයලා බලන්න. ගඩාෆි යෝජනා කලා අරාබි රට වලට තෙල් වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් නැතිව රත්තරන් හුවමාරු කරන්න. එහෙම කලානම් ඇමෙරිකාවේ ආර්ථිකය කඩා වැටෙනවා. ලෝකේ ලොකුම රත්තරන් නිදියකුත් තියෙන්නේ ලිබියාවේ. ඉතින් එයාලට ඕන එකක් රත්තරන් වලින් හදන්න පුළුවන්. දැන් ඒ හැමදේම යන්නේ ඇමෙරිකාවට. අපිත් බෙදුනොත් වෙන්නේ ඕකම තමයි.(නදී)

:       0       0

කෝලිත Wednesday, 15 May 2013 07:43 PM

ගඩාෆිගේ ලේ වල පලිය තව පරම්පරා තුනක්වත් ගෙවාවී ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 132 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15775 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 553 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site