IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ලිබියාවේ බානි වාලිඞ් නගරයේ දරුණු අවි ගැටුම්: අයෙක් මරුට: අට දෙනකුට තුවාල

ඝාතනයට ලක් වූ ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ අවසන් බලකොටුව ලෙස සැළකෙන බානි වාලිඞ් නුවර ඊයේ (3) සිදුවූ අවි ගැටුම්වලින් එක් අයකු මියගොස් අට දෙනෙක් තුවාල ලැබූහ. ගැටුම හටගත්තේ බානි වාලිඞ් නුවර සටන්කාමීන් සහ අසල්වැසි මිස්රාටා නුවර සටන්කාමීන් පිරිසක් අතරේ යැයි ලිබියානු රජය පවසයි. බානි වාලිඞ් නුවර සටන්කාමී කණ්ඩායමේ නායක සලීම් අල් වේර් පැවැසුවේ ගැටුම පැය තුනක් තිස්සේ පැවැති බවය. වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ බානි වාලිඞ් සටන්කාමියෙකි. තුවාල ලැබූ පිරිස අතර මිස්රාටා සටන්කාමීන් තිදෙනෙක් ද සිටිති. ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. එම  අවි ගැටුම සිදුවූයේ කැරැලිකරුවන් අතින් ලිබියා නායක ගඩාෆි ඝාතනයට ලක් වී වසරක් සපිරීමට ආසන්නව තිබියදීය. කැරැුලිකරුවන් අතින් තිරිසන් සතකු ලෙස ගඩාෆි අමු අමුවේ ඝාතනය වූයේ ඉකුත් වසරේ ඔක්තෝබර් 20 වැනිදාය. ගඩාෆිගේ පාලනයට එරෙහිව අවි අතට ගත් කැරැුලිකාර කණ්ඩායම් නිරායුධ කිරීමට ලිබියානු නව රජය සමත් වී නැත. ගඩාෆිගේ පාලනය පෙරළා දැමීමට එකමුතු වී සටන් කළ ද ඇතැම් සන්නද්ධ කණ්ඩායම් ලිබියානු නව රජයට විරෝධය පළ කරයි. එම පිරිස් අතර නිරන්තරයෙන් අවි ගැටුම් ඇතිවන අතර ඔවුන් ලිබියාවේ නගර රැසක ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරයි. ලිබියාවේ ටි‍්‍රපොලි අගනුවර පවා බෝම්බ පිපිරීම් සිදුවෙයි. ඇමෙරිකාව, ප‍්‍රංශය, බි‍්‍රතාන්‍යය සහ නේටෝව මැදිහත් වී ගඩාෆි පාලනය පෙරළා දැමීමෙන් පසු ලිබියාව මුළුමනින්ම අස්ථාවර වී ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ගඩාෆිගේ හමුදා සමඟ සටන් කිරීමට කැරැලිකරුවන්ට විශාල වශයෙන් අවි ආයුධ ලබා දීමට ද බටහිර රටවල් කටයුතු කර ඇති අතර සටන්කාමී කණ්ඩායම් අත ඇත්තේ එම අවි ආයුධය. මේ අතර උතුරු අපි‍්‍රකා අර්ධද්වීපයේ කි‍්‍රයාත්මක අල් කයිඩාව, ලිබියාවේ අණසක පතුරුවන බවත් බටහිර රටවලින් ලැබුණු අවි ආයුධ මේ වනවිට අල් කයිඩා සටන්කාමීන් අතට පත්ව ඇති බවත් වාර්තා වේ. පසුගිය සැප්තැම්බර් 11 වැනිදා ලිබියාවේ බෙන්ගාසි නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලයට පහර දී ඇමෙරිකානු තානාපති කි‍්‍රස් ස්ටීවන්ස් ඇතුළු සිව් දෙනකු ඝාතනය කළේ අල් කයිඩා සංවිධානය යැයි ඇමෙරිකාවේ සී.අයි.ඒ බුද්ධි අංශය අනාවරණය කර ගෙන ඇත.ආයුධ සන්නද්ධ ලිබියානු කැරලිකරුවෙක්



අදහස් (0)

ලිබියාවේ බානි වාලිඞ් නගරයේ දරුණු අවි ගැටුම්: අයෙක් මරුට: අට දෙනකුට තුවාල

නසාර් Thursday, 04 October 2012 10:58 AM

අන්තිමට වෙන්නේ අවි දීපු අයටම එයාලා ගහන එක විතරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 809 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site