IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ලිබියාව දිනෙන් දින නොසන්සුන්

ලිබියාවේ බෙන්ගාසි සහ ටි‍්‍රපොලි නගරවල ප‍්‍රචණ්ඩ කි‍්‍රයා දිනෙන් දින ඉහළ යෑම නිසා, රට අස්ථාවර වීමේ අවදානමක් පවතින බව ජාත්‍යන්තර මානව හිමිකම් සුරැකීමේ සංවිධාන පෙන්වා දෙයි.
මානුෂීය ආධාර රැගෙන ලිබියාවට පැමිණ සිටින විදෙස් සහන සේවකයන් පැහැර ගැනීම්, ඝාතනය කිරීම් දිනෙන් දින ඉහළ යන බව ද අන්තර් ජාතික මානව හිමිකම් සුරැකීමේ සංවිධාන වැඩි දුරටත් කියා සිටී.
ගඩාෆි පාලනය අවසන් කිරීමෙන් පසුවත් ලිබියාවේ අවි ගැටුම් අවසන් වී නැත. ගඩාෆි පාලනය නිමා කිරීමට අවි අතට ගත් ඇතැම් සන්නද්ධ කල්ලි එම අවි බිම දමා නැති අතර ඔවුන් ලිබියාවේ වත්මන් රජයට ද එරෙහිව කටයුතු කරයි. ලිබියාව මුළුමනින්ම අස්ථාවර වී ප‍්‍රචණ්ඩ කි‍්‍රයා  ඉහළ ගොස් ඇත්තේ එම නිසාය.
ලිබියා රජය සමඟ එක් වී, එරට කි‍්‍රයාත්මක ආයුධ සන්නද්ධ කල්ලිවලට එරෙහිව සටන් කිරීමට, කොමාන්ඩෝ බළඇණියක් පිහිටුවීමට ඇමෙරිකාව සූදානම් වෙයි. එම බලඇණිය පිහිටුවීමට ඇමෙරිකන් ඩොලර් මිලියන 8 ක මුදලක් යෙදවීමට ඇමෙරිකානු කොංග‍්‍රස් මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇතැයි ද වාර්තා වේ.
ඇමෙරිකා රජය ලිබියාවේ ආරක්ෂක කටයුතුවලට මැදිහත් වීමට සැරසෙන්නේ  ඉකුත් වසරේ ලිබියාවේ බෙන්ගාසි නුවර පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයට සන්නද්ධ පිරිසක් එල්ල කළ ප‍්‍රහාරයෙන් පසුවය.
එම ප‍්‍රහාරයෙන් බෙන්ගාසි නුවර සිටි ඇමෙරිකා තානාපති ඇතුළු ඇමෙරිකානු ජාතිකයෝ සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශය ප‍්‍රකාශ කළේ තානාපති කාර්යාලයට පහර දුන්නේ අල් කයිඩා සටන්කාමීන් කියාය.



අදහස් (0)

ලිබියාව දිනෙන් දින නොසන්සුන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 803 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 590 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site