IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ලිබියා තානාපති කාර්යාල ප‍්‍රහාරයේ වගකීම ‘යේමන අල් කයිඩාව’ බාරගනී

ලිබියාවේ ඇමෙරිකා තානාපති කාර්යාලයට තමන් ප‍්‍රහාර එල්ල කළේ සිය සංවිධානයේ දෙවැනි නායකයා මරා දැමීමට කළ පළිගැනීමක් ලෙස බව යේමනයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සංවිධානය කියා සිටී. මෙසේ එම ප‍්‍රහාරයේ වගකීම බාරගත් අල් කයිඩා සංවිධානය මැදපෙරදිග සහ අපි‍්‍රකානු කලාපයේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එම රටවල පිහිටි ඇමෙරිකා තානාපති කාර්යාලවලට අඛණ්ඩව ප‍්‍රහාර එල්ල කරන ලෙසයි. ඉස්ලාම් ආගමට නිගරු වන අන්දමින් ඇමෙරිකා/ඊශ‍්‍රායල ජාතිකයකු නිෂ්පාදනය කළ ‘ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස්’ නමැති චිත‍්‍රපටය ලිබියාවේ පිහිටි ඇමෙරිකා තානාපති කාර්යාලටය එල්ල වූ ප‍්‍රහාරයට හේතු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. එම ප‍්‍රහාරයෙන් ලිබියාවේ ඇමෙරිකා තානාපති කි‍්‍රස් ස්ටීවන්ස් ඇතුළු ඇමෙරිකානුවෝ තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මෙම ප‍්‍රහාරය එල්ල වීමෙන් අනතුරුව ඉස්ලාම් විරෝධී චිත‍්‍රපටයට විරෝධය පෑ මැදපෙරදිග කලාපයේ රටවල දහස් ගණන් වූ මුස්ලිම් ජනයා තම රටවල සිටින ඇමෙරිකා තානාපති නිලධාරීන්ට රටෙන් පිටවන්නැයි බල කර සිටියහ. මේ අතර ඊජිප්තුව සුඩානය, ටියුනීසියාව, යේමනය, ලෙබනනය වැනි රටවල පැවැති විරෝධතා ප‍්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගත් අතර එම පිරිස් තානාපති කාර්යාල තුළට කඩාවැදී දේපළ හානි සිදු කළ බවද වාර්තාවේ. මෙසේ ප‍්‍රහාර එල්ල වූයේ තානාපති කාර්යාලවලට පමණක් නොව පාසල් සහ ක්ෂණික ආහාර සපයන ඇමෙරිකා බහුජාතික සමාගම්වලට අයත් අවන්හල්වලටද විරෝධතාකරුවෝ පහර දුන්හ. මේ වන විට අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව ලොව අනෙක් රටවල සිටින සිය තානාපති නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරමින් සිටින බව එරට රජය සඳහන් කළේය. අරාබි ලෝකය කැලඹූ විරෝධතාවන්ට තුඩු දුන් චිත‍්‍රපටය නිෂ්පාදනය කළ පුද්ගලයාගෙන් මේ වන විට ඇමෙරිකා බුද්ධි අංශ නිලධාරීහු ප‍්‍රශ්න කර තිබෙන බව වාර්තා වේ. මැදපෙරදිග කලාපයේ රටවල පිහිටි ඇමෙරිකා තානාපති සහ කොන්සල් කාර්යාලවලට එල්ල වන ප‍්‍රහාර ඇමෙරිකානු ආධිපත්‍යයෙන් අරාබි භූමිය නිදහස් කර ගැනීමට ඉවහල් වනු ඇති බව ද යේමන අල් කයිඩාව සඳහන් කළේය. මේ වන විට උද්ගතව ඇති ප‍්‍රචණ්ඩකි‍්‍රයා මැඬලීමට ලිබියාවට සහ යේමනයට යවා ඇති ත‍්‍රස්ත මර්දන හමුදා සේනාංකවලට හැකි වනු ඇතැයි ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ලියොන් පැනේටා පැවැසීය. මීට අමතරව ප‍්‍රහාරක යුද නෞකා දෙකක් ද උතුරු අපි‍්‍රකානු වෙරළ තීරයේ ස්ථානගත කර තිබේ. සුඩානයේ පිහිටි ඇමෙරිකා තානාපති කාර්යාලය ද පසුගියදා විරෝධතාකරුවන් වැටලූ අතර ඊට ගල්මුල් ප‍්‍රහාර එල්ල කළේය. මේ තත්ත්වය යටතේ ආරක්ෂක භට පිරිසක් සුඩානයට එවීමට ඇමෙරිකාව සූදානම් වූවද  සුඩාන විදේශ අමාත්‍යවරයා එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.



අදහස් (0)

ලිබියා තානාපති කාර්යාල ප‍්‍රහාරයේ වගකීම ‘යේමන අල් කයිඩාව’ බාරගනී

සමන් Wednesday, 19 September 2012 03:34 AM

දැන් ඉතින් දෙන එකයි රටේ නැති අවි යුධ වලින් (දී)

:       0       0

මොහොමඩ් Tuesday, 18 September 2012 04:11 PM

හැමදේකටම හොට දමන්න ගියහම ඕක තමයි වෙන්නේ. (නි)

:       0       0

නිශ්ශංක Tuesday, 18 September 2012 10:08 PM

එකම ආගමකට මරාගන්න දෙගොල්ලක්. (නි)

:       0       0

මධු Tuesday, 18 September 2012 10:51 PM

ඇමෙරිකානුවන්ට ජය වේවා! (නි)

:       0       0

රාගල Monday, 17 September 2012 09:24 PM

දිට්ට ධම්ම වේදනීය කර්මය ඵල දීලා.(නදී)

:       0       0

රාජා Tuesday, 18 September 2012 12:20 PM

ඉදලා හිටලා හරි ඇමරිකාවටත් එයාලම වපුරපු ඒවගේ අස්වැන්න ලැබෙනවා. (නි)

:       0       0

සිල්වා Wednesday, 19 September 2012 01:14 AM

අනෙක් ආගම් වලට විවේචනය පුලුවන් නම් ඇයි මුස්ලිම් ආගමට විතරක් බැරි? (නි)

:       0       0

සිල්වා Tuesday, 18 September 2012 12:05 AM

වැඩේ ඒ තරම් හොද නැහැ

:       0       0

අන්තෝනි Monday, 17 September 2012 01:21 PM

මට පෙන්නේ 3 වන ලෝක යුද්දය ලගයි වගේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 695 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17855 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 761 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site